Home Tech News අහම්බෙන් හොයාගත්ත wannacry rasomware එකේ kill switch එක
Tech News

අහම්බෙන් හොයාගත්ත wannacry rasomware එකේ kill switch එක

Share
blank
Share

පහුගිය සිකුරාදා ඉදන් ලෝකය පුරාවටම පැතිරුන wanacry, wannacrypt, cryme විදිහෙ නම් වලින් හදුන්වපු Computer ransom ware එකේ පැතිරීම දැනට නැවතිල තියෙනව. මේ පැතිරීම නවත්තන්න පුලුවන් උනේ අහම්බෙන් සොයාගත්ත විසදුමකින්.

තමන්ගෙ රටේ රෝහල් ගණනක් Ransom ware attack එකකට ගොදුරු වෙලා කියල දැනගත්ත තවමත් 22වෙනි වියේ පසුවන UK වල පදිංචි Security resercher කෙනෙක් තමයි මේ ප්‍රතිකර්මය අහම්බෙන් හොයාගෙන තියෙන්නෙ. මේ Software එකේ Code එක විශ්ලේෂණය කරද්දි ඒකෙ තිබුන විදිහට පරිගණකයක් infect කරන්න කලින් කිසියම් වෙබ් ලිපිනයක් check කරන්න තමයි තිබිල තියෙන්නෙ. මේ ලිපිනය හොයාගන්න බැරි උනාම පරිගණකය infect වෙනව.

https://twitter.com/MalwareTechBlog/status/863187104716685312

ඉතින් මේ පැතිරීම නවත්තන්න තියෙන Kill switch එක විදිහට මේක අදුනගත්ත malwaretech කරේ අදාල වෙබ් සයිට් එක සුලු මුදලක් දීල register කරන එකයි. මේ එක්කම Ransomware එක පැතිරෙන එක නැවතිලා කියල වාර්තා වෙනව. ඒ උනත් intenet එකට කෙලින්ම සම්බන්ධ වෙන්න බැරි ලොකු ආයතන වල තියෙන පරිගණක තාමත් අනතුරේ. මොකද infect වෙච්ච Computer එකක් තිබ්බොත් ඒකෙන් අනික් ඒවත් infect වෙද්දි internet එකට සම්බන්ධ වෙන්න බැරි උනාම කොහොමත් Virus එක වැඩ කරන නිසා.

ඒ වගේම තාම online line map එකේ පෙන්නන විදිහට ලෙඩ වෙන computer ගාන ඒ විදිහටම ඉහල යනව.

මේකෙ ලා දුඹුරු පාටින් පෙන්නන අලුතෙන් infect වෙන පරිගණක ගණන අද (2017-5-14) වෙනිදත් අඩු වෙලා නැහැ. live map එක මෙතනින් බලන්න

තාමත් update කරගන්න බැරි අයට මේකෙන් තාවකාලිකව ගැලවෙන්න මේ විදිහට අදාල service එක දැනට disable කරන්න පුලුවන්

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...