Press ESC to close

TRCSL නැතිනම් මින්පසු AppleCare පහසුකමත් නවතී

ශ්‍රී ලංකාව තුළ සන්නිවේදන උපකරණ භාවිතා කිරීම සදහා ශ්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය එම උපකරණ වලට හිමිවිය යුතු බව අපි හොදින් දන්නා කරුණක්,නමුත් මේ වනතෙක් එය එතරම් තදින් ක්‍රියාත්මකවූ බවක් නම් පෙනෙන්නට තිබුණේ නැහැ.නමුත් මේ වනවිට ඔවුන් තමන්ගේ අණපනත් දැඩි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවට Apple සමාගමේ උපාංග නිලශයෙන් ගෙන්වා බෙදාහරින්නේ GENXT ආයතනයයි.ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මින් ඉදිරියට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය සහ ලියාපදිංචි නැති Apple සමාගමේ නිෂ්පාදන සදහා ඔවුන් විසින් අලුත්වැඩියා කිරීමේ සේවය ලබා නොදෙන බවයි.එයට හේතුව වන්නේ අනුමැතියකින් තොරව ගෙන්වන ලද උපාංග අළුත්වැඩියාව සදහා භාර නොගන්නා ලෙස TRCSL විසින් අදාල පාර්ශව වෙත දැනුම් දී තිබීමයි.ඒ අනුව GENXT ආයතනය සියලු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියපදිංචි නැති Apple නිෂ්පාදන අළුත්වැඩියාව සදහා රැගෙන නොඑන ලෙසයි.

Get Your Site Up with A2 Hosting

මෙය මෙසේ වනවිට ඉදිරියේදී ඔබ මිලදී ගන්නා අලුත් සහ පරණ උපාංග විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය සහ ලියාපදිංචිය සහිත බව පරික්ෂාකර බලා මිලදී ගන්නා ලෙස PCGUIDE.LK අපි ඔබට මතක් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *