Home Tech News gadgets චීන රොබෝ සමාගමක් Alpha Dog නමින් රොබෝවරයෙක් එලිදක්වයි
gadgetsTech News

චීන රොබෝ සමාගමක් Alpha Dog නමින් රොබෝවරයෙක් එලිදක්වයි

Share
blank
Share

චීනය පදනම් කරගත් තාක්ශනික ආයතනයක් වන Weilan සමාගම විසින් Alpha Dog නමින් රොබෝ සුනඛයෙක් නිර්මානය කර එලි දැක්වූවා. මෙම රොබෝ හට පාර්සල් බෙදාහැරීම, දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට උදව් කිරීම ඇතුලු බොහෝ දේවල් කිරීමට හැකියාව ඇති බව එම සමාගම පවසනව. මෙම AI පාදක robodog, Boston Dynamics හි Spot රොබෝවරයට බෙහෙවින් සමාන කමක් දක්වනවා මෙන්ම එහි නමද Boston Dynamicsහි මූලාකෘතියට යොදා තිබූ නමට සමාන නමක්ම යොදාගෙන තිබීම විශේශත්වයක්.

මෙම Alpha Dog හි සංවර්ධකයින් පවසන්නේ පැයට සැතපුම් 9 ක (15 km/h) වේගයෙන් චලනය වන රොබෝවරයා වෙළඳපොලේ ඇති වේගවත්ම රොබෝවරයා බවයි. Weilan හි ප්‍රධාන තාක්ෂණ නිලධාරි Ma Jie පවසන ආකාරයට මෙම රෝබෝවරයාට පොලොවේ ඝර්ෂණයට හා උසට අනුව තම උස, stride සංඛ්‍යාතය හා ස්වයංක්‍රීයව පරිසරය තත්වය අනුව ඒ සදහා අනුවර්තනය වීමට පුලුවන්.

Alphpa Dog හි නිර්මාපකයින් රොබෝව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කිරීමට 5G තාක්ෂණය භාවිතා කරනව. Oxford විශ්වවිද්‍යාලයේ reinforcement ඉගෙනීම හැදෑරූ Ma Jie පවසන්නේ AI සුනඛයා සැබෑ සුනඛයින්ගේ හැසිරීම් අනුකරණය කරන ආකාරය දැනුම් දීමට තම අධ්‍යයන කාලය තුළ ලබාගත් දැනුම භාවිතා කළ බවයි. මෙම AlphpaDog දැනට චීන වෙලදපොල තුල විකිනීමට තිබෙන අතර මෙහි මිල යුවාන් 16,000 ($2,400) තරම් විශාල මුදලක් උනත් පලමු මාසයේදී මෙම රොබෝවරුන් 1800 අලෙවි උන බවයි වාර්තා වෙන්නෙ.

මෙම Alpha Dog ඉදිරියේදී දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට උදව් කිරීමට හැකිවන පරිදි වැඩිදියුනු කරන්නට බලාපොරොත්තු වන බවට Weilan සංවර්ධකයින් පවසනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...