Press ESC to close

චීන රොබෝ සමාගමක් Alpha Dog නමින් රොබෝවරයෙක් එලිදක්වයි

චීනය පදනම් කරගත් තාක්ශනික ආයතනයක් වන Weilan සමාගම විසින් Alpha Dog නමින් රොබෝ සුනඛයෙක් නිර්මානය කර එලි දැක්වූවා. මෙම රොබෝ හට පාර්සල් බෙදාහැරීම, දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට උදව් කිරීම ඇතුලු බොහෝ දේවල් කිරීමට හැකියාව ඇති බව එම සමාගම පවසනව. මෙම AI පාදක robodog, Boston Dynamics හි Spot රොබෝවරයට බෙහෙවින් සමාන කමක් දක්වනවා මෙන්ම එහි නමද Boston Dynamicsහි මූලාකෘතියට යොදා තිබූ නමට සමාන නමක්ම යොදාගෙන තිබීම විශේශත්වයක්.

මෙම Alpha Dog හි සංවර්ධකයින් පවසන්නේ පැයට සැතපුම් 9 ක (15 km/h) වේගයෙන් චලනය වන රොබෝවරයා වෙළඳපොලේ ඇති වේගවත්ම රොබෝවරයා බවයි. Weilan හි ප්‍රධාන තාක්ෂණ නිලධාරි Ma Jie පවසන ආකාරයට මෙම රෝබෝවරයාට පොලොවේ ඝර්ෂණයට හා උසට අනුව තම උස, stride සංඛ්‍යාතය හා ස්වයංක්‍රීයව පරිසරය තත්වය අනුව ඒ සදහා අනුවර්තනය වීමට පුලුවන්.

Get Your Site Up with A2 Hosting

Alphpa Dog හි නිර්මාපකයින් රොබෝව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කිරීමට 5G තාක්ෂණය භාවිතා කරනව. Oxford විශ්වවිද්‍යාලයේ reinforcement ඉගෙනීම හැදෑරූ Ma Jie පවසන්නේ AI සුනඛයා සැබෑ සුනඛයින්ගේ හැසිරීම් අනුකරණය කරන ආකාරය දැනුම් දීමට තම අධ්‍යයන කාලය තුළ ලබාගත් දැනුම භාවිතා කළ බවයි. මෙම AlphpaDog දැනට චීන වෙලදපොල තුල විකිනීමට තිබෙන අතර මෙහි මිල යුවාන් 16,000 ($2,400) තරම් විශාල මුදලක් උනත් පලමු මාසයේදී මෙම රොබෝවරුන් 1800 අලෙවි උන බවයි වාර්තා වෙන්නෙ.

මෙම Alpha Dog ඉදිරියේදී දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට උදව් කිරීමට හැකිවන පරිදි වැඩිදියුනු කරන්නට බලාපොරොත්තු වන බවට Weilan සංවර්ධකයින් පවසනව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *