Home Tech News Phones Samsung දුරකථනයෙන් ඇල්සයිමර් හඳුනාගැනීමට උපකාරයක්
PhonesTech News

Samsung දුරකථනයෙන් ඇල්සයිමර් හඳුනාගැනීමට උපකාරයක්

Share
samsung
Share

Samsung සමාගම මෑතකදී නිවේදනය කළේ, ඉදිරියේදී එන Samsung දුරකථන සහ Galaxy Watch මගින් ඇල්සයිමර් රෝගයේ ආරම්භක අනතුරු ඇඟවීම් ලබා දීමට හැකි වන බව. මෙම නවීන තාක්ෂණයෙන් මානව හැසිරීම් පිළිබඳ ගැඹුරු දත්ත විශ්ලේෂණයක් සිදු කරමින්, මනෝභාවික ක්‍රියාකාරකම්, type කිරීමේ වේගය, වැරදි නිවැරදි කිරීමේ රටා, නිදාගැනීමේ රටා, යෙදුම් භාවිත කරන අයුරු , කතා කිරීමේ රටා සහ ඇමතුම් සංඛ්‍යාව වැනි විවිධ මානයන් නිරීක්ෂණය කරයි. මෙම සියලු දත්ත විශ්ලේෂණය කිරීමෙන් මනෝභාවික පහසුකම් අඩුවීම හඳුනාගෙන ඇල්සයිමර්වේ ආරම්භක ලක්ෂණ කල්තියා හඳුනාගැනීමට හැකි වේ.

පර්යේෂකයින් සිදු කල විද්‍යාත්මක අධ්‍යයනවලට අනුව, කෙටි වාක්‍ය මතක තබා නැවත කියවීමේ ක්‍රමය මඟින් මොළයේ කෙටිකාලීන මතකය සමඟ සම්බන්ධ මොළයේ ප්‍රදේශ පරීක්ෂා කළ හැකිය. ඊට අමතරව, කථන ප්‍රවේශතාවය සහ නිවැරදිභාවය විශ්ලේෂණය කිරීමෙන් භාෂා හැකියාවන් ගැන වටිනා තොරතුරු ලබා ගත හැකි වේ. මොවුන් පවසන්නේ, යෙදුම් සහ පණිවිඩ භාවිතයේ විවිධත්වය, ඇමතුම් සංඛ්‍යාව ආදී සාමාන්‍ය දෛනික ක්‍රියාකාරකම්වලින් ලබා ගන්නා දත්ත මඟින්ද සමාජ ජාල ක්‍රියාකාරිත්වය සහ මොළයේ executive functions පිළිබඳ වැදගත් තොරතුරු ලබාගත හැකි බව විද්‍යාත්මක පර්යේෂණවලින් ඔප්පු වී ඇති බවයි.

Samsung සමාගම මේ වනවිටත් ප්‍රධාන පර්යේෂණ ක්ෂේත්‍ර දෙකක කටයුතු සම්පූර්ණ කර ඇත – එකක් smartphone keyboard typing patterns විශ්ලේෂණය සහ අනෙක Galaxy Watch මාර්ගයෙන් ඇවිදීම සහ cognitive decline හඳුනාගැනීම පිළිබඳව වේ. මෙම පර්යේෂණ දෙකේම ප්‍රතිඵල රෝහල්වල සිදු කරන සම්ප්‍රදායික dementia screening පරීක්ෂණ සමඟ සමාන කාර්යක්ෂමතාවයක් පෙන්වා දී ඇත. කෙසේ වෙතත්, මෙම තාක්ෂණය තවමත් සංවර්ධන අවධියේ පවතින අතර, සම්පූර්ණ විශ්වසනීයභාවය සහ නිවැරදිභාවය වැඩිදියුණු කිරීම සඳහා Samsung සමාගම අඛණ්ඩ පර්යේෂණ කටයුතු සිදු කරමින් සිටී. මෙම තාක්ෂණය සාර්ථක වන්නේ නම්, එය මිලියන ගණන් මිනිසුන්ගේ ජීවිත වෙනස් කළ හැකි විප්ලවීය සෞඛ්‍ය ආරක්ෂණ නිපැවුමක් බවට පත්විය හැකිය.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...