Home Games Ubisoft ආයතනයේ අලුත්ම “Skull and Bones” Pirate Game එක
GamesTech News

Ubisoft ආයතනයේ අලුත්ම “Skull and Bones” Pirate Game එක

Share
blank
Share

2017 වසරේ E3 හිදී නිවේදනය කරපු Ubisoft ආයතනයේ Skull and Bones පරිගණක ක්‍රීඩාව Assassin’s Creed IV: Black Flag ක්‍රීඩාවෙන් ආභාෂය ලබපු pirate ක්‍රීඩාවක්. මේ පරිගණක ක්‍රීඩාවට Black Flag වල තිබුන වගේම Ubisoft ආයතනයට ආවේණික දර්ශණීය පෙනුමක් තමයි තියෙන්නෙ. මෙම ක්‍රීඩාවේදී ක්‍රීඩකයින් වඩාත් හොඳ නැව් ලබාගැනීමට සැලසුම්, materials සහ වෙනත් නැව් කොල්ලකෑම් මගින් ඔවුන්ට ඇති බලය වැඩි කරගැනීමට කටයුතු සිදු කල යුතු වෙනවා.

මේ වෙනකොට ඉවත් කරල තිබෙන අන්තර්ජාලයේ leak වුන gameplay video එකක් විදිහට මේ ක්‍රිඩාවේදී ක්‍රීඩකයන්ට විවිධ NPCs ලගෙ contract බාර අරගෙන සම්පූර්ණ කරන්න පුලුවන්, එමගින් Rank up වෙන්නත් අලුත් designs වල නැව් සහ ඒවාට upgrades unlock කරගන්නත් පුලුවන්. මුහුදට දියත් කිරීමට පෙර තමන්ගෙ නැව් වලට ආහාර, ජලය, පතරොම් සහ repair kits ගබඩා කරගෙන මුහුදට යෑම සිදු කරන්න හැකියාව තියනවා. මේ ගමනෙදි තමන්ගෙ නැව විනාශ වුනොත් හෝ crew එක කැරලි ගැසීමකට ලක්වුනොත් ක්‍රීඩකයා තමන්ගෙ rank එක අඩු වෙලා වෙනත් ස්ථානයක respawn වෙනවා. මේ අතර නැව විනාශ කරපු අනිත් ක්‍රීඩකයන්ට නැවේ සුන්බුන් අතර තිබෙන තමන්ට අවශ්‍ය දේවල් ලබාගන්න පුලුවන්. මූලශ්‍ර පෙන්වල දීල තියන හැටියට Skull and Bones පරිගණක ක්‍රීඩාව මේ වසරේ අග වෙද්දි නිකුත් වෙන්න නියමිතයි.

Ubisoft ආයතනයට Skull and Bones සංවර්ධනය කිරීම එතරම් පහසු වුනේ නෑ. මුලින්ම Assassin’s Creed IV: Black Flag වලට expansion එකක් විදිහට හඳුන්වා දෙන්න සූදානම් වුනත් පසුව වෙනම පරිගණක ක්‍රීඩාවක් ලෙස මෙම ක්‍රීඩාව නිකුත් කරන්න තීරණය වුනා, ක්‍රීඩාවට හරි දිශානතියක් නොමැතිවීම, අධික පිරිවැය සහ ක්‍රීඩාව සංවර්ධනය කරපු Ubisoft Singapore විසින් කරපු විවිධ ඇණහිටීම් නිසා මේ ක්‍රිඩාව නිකුත් වීම කිහිප සැරයක්ම කල් ගියා.

Online ක්‍රීඩාවක් නිසා මේක නිකුත් කිරීමෙන් පසුව විවිධ updates මගින් අලුත් contents දිගටම හඳුන්වාදෙන්න Ubisoft ආයතනය සැලසුම් කරගෙන ඉන්නවා. නමුත් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා හිටපු සංවර්ධනකයින් ප්‍රකාශ කරන්නෙ ඔවුන් සහ ක්‍රීඩකයින් අපේක්ෂා කරපු විදිහට දෙයක් ලබාදෙන්න පුලුවන් වෙයිද කියන එක සැක සහිත බවයි.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...