Home Tech News Events Computer වලටත් බෝවෙන Corona Virus එක
EventsTech News

Computer වලටත් බෝවෙන Corona Virus එක

Share
blank
Share

අළුතින්ම එන email එකකින් Corona virus එකෙන් ගැලවෙන්න කරන්න පුළුවන් දේවල් සහ තොරතුරු දැනගන්න Attachment එකක් Download කරන්න කිව්වොත් වහාම ඒක Delete කරල දාන්න.

Corona Virus එක මේ වෙනකොට මුළු ලෝකයේම ප්‍රධාන මාතෘකාවක්. මේ මහා ව්‍යසනය අතරෙ පරිගණක වලටත් වයිරස් බෝ කරන්න මේ Virus ය පාවිච්චි කරන්න පටන් අරන් තියෙනව.

ලංකාවේ Email වැඩිපුර භාවිතා නොවුනත් දියුණු රටවල් තමන්ගෙ රට වැසියන් දැනුවත් කරන්න Email යොදාගැනීම සාමාන්‍ය දෙයක්. මෙන්න මේ අවස්ථාව උපයෝගී කරගෙන Corona virus එකෙන් පරිස්සම් වෙන්න කරන්න පුළුවන් දේවල් සහ අළුත්ම තොරතුරු සදහන් කරල හුවමාරු වෙන Email වල එවන Attachment හරහා Emotet වර්ගයේ Trojan Attack වලින් ආසාධිත පරිගණක වෙත Malware පැතිරෙන්න පටන් අරන් තියෙනව.

Email එකේ Attachment එක Open කරන්න උත්සහ කරාම Office 365 වලින් මේක බලන්න නම් “enable content” විදිහට Message එකක් එනව.

මේ විදිහට අළුත්ම කරුණු දැනගන්න හදිස්සියෙන් මේක Enable කරාම වෙන්නෙ Macro එකක් හරහා Windows වලට Trojan Downloader එකක්  install වීමයි. මෙතනින් පස්සෙ අන්තර්ජාලය හරහා අළුත්ම malware PC එකට එන්න පටන් ගන්නව.

මෙතන තියෙන විශේෂත්වය වෙන්නෙ මෙය දැනට ජපානයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගෙන පැතිරීමයි. මේ විදිහටම Coronavirus අවධානම තිබෙන අනෙක් ආසියාතික රටවල් වලටත් මේ වර්ගයේ Targeted attacks නුදුරෙදිම එන්න පුළුවන් නිසා මේ ගැන අවධානයෙන් පසුවීම වැදගත් වේවි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...