Home Tech News Phones ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්
PhonesTech News

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

Share
blank
Share

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක් ජංගම දුරකථන සඳහා ඉදිරිපත් කර තිබෙනවා. එනම් Robot arm එකක් හරහා විවිධ කෝණයන්ට හැරවිය හැකි ලෙස ජංගම දුරකථනය හා සම්බන්ධ වන කැමරාවක් සහිත Honor Robot Phone නම් සංකල්පය හරහායි.

මෙය බොහෝ දුරට කැමරාවක් සම්බන්ධ කර භාවිත කරන Gimble එකකට අතිශය සමාන වන අතර, ඒ සඳහා ඉදිරිපත් කරන ලද පූර්ව ප්‍රචාරක පටයේ දැක්වෙන ආකාරයට මෙය බොහෝ දුරට AI සහය ලබාගෙන සුදුසු කෝණයට කැමරාව සකස් කරමින් ඡායාරූප ගැනීමට හැකි ලෙස නිර්මාණය කර ඇති ආකාරයක් දක්නට ලැබෙනවා. කැමරාව ක්‍රියාකාරීත්වයෙන් තොර අවස්ථාවේ දී ජංගම දුරකථනයේ පසුපස කැමරා සහිත කොටසේ සාමාන්‍ය කැමරාවක් ලෙස ම දර්ශනය වන අතර, රොබෝ අත දිගහැරුණ විට සෙල්ෆි ඡායාරූප ගැනීම මෙන් ම ජංගම දුරකථනයේ display කොටස යටට සිටින සේ තිරස් අතට යමක් මතුපිට තබා තිබෙන විට දී පවා අවට විවිධ කෝණවලට හැරෙමින් ඡායාරූප ගැනීමට මෙම ජංගම දුරකථනයට හැකි බව අදාල වීඩියෝව නිරීක්ෂණය කරන විට පෙනී යන්නකි. එසේ ම මෙය ඡායාරූපකරණයට පමණක් නොව වීඩියෝවට අනුව කෘතීම බුද්ධිය උපයෝගී කරගෙන ක්‍රියා කරන රොබෝවරයෙකු ලෙස විවිධ චලන දැක්වීම හා සිනාසිම වැනි ඉරියව් ඉදිරිපත් කිරීම, නිදහසේ අවට පරිසරය නිරීක්ෂණය කිරීම ආදිය සිදු කරන ආකාරය ද දක්නට ලැබේ. Honor සමාගම ද මෙය හඳුන්වා දෙන්නේ ජංගම දුරකථනයකට එහා ගිය සහායකයෙකුගේ ක්‍රියාව මෙම ජංගම දුරකථනයෙන් සිදුවන බවයි.

චීනය පාදක කරගත් Honor සමාගම මුලින් Huawei සමාගමේ අනුබද්ධ සමාගමක් ලෙස ක්‍රියාත්මක වූ අතර ස්මාර්ට් දුරකථන සඳහා නවෝත්පාදක නිර්මාණ බොහොමයක් හඳුන්වා දුන් සමාගම් වේ. මේ වනවිට අතිශයින් ජනප්‍රිය Apple ජංගම දුරකථනවල එන Dynamic Island විශේෂාංගය මුලින් ම හඳුන්වා දෙන ලද්දේ ද Huawei Honor V20 ජංගම දුරකථනය හරහා ය. තව ද ජංගම දුරකථන කැමරා අංශයෙන් පෙරලිකාර නවෝත්පාදක විශේෂාංග බොහොමයකට හා වාර්තා රැසකට මෙම සමාගම් හිමිකම් දක්වයි.

මෙම Honor Robot Phone 2026 දී නිකුත් කිරීමට සූදානම් බව Honor සමාගම සඳහන් කර ඇත.

Honor Robot Phone පූර්ව ප්‍රචාරක වීඩියෝව >>>

Source : Theverge

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...