Home Tech News Explained Google Meet දැන් 1080p වීඩියෝ කෝල් සදහා සහය දක්වනව
ExplainedsoftwareTech News

Google Meet දැන් 1080p වීඩියෝ කෝල් සදහා සහය දක්වනව

Share
blank
Share

Google Workspace මිලදී ගෙන තිබෙන පරිශීලකයන් සදහා දැන් Google Meet මගින් 1080p වීඩියෝ කෝල් ලබාගැනීමේ පහසුකම ලබාදී තිබෙනව. Google සමාගම මීටපෙර එනම් අප්‍රේල් මාසයේදී high-quality වීඩියෝ කෝල් ලබාගැනීමේ පහසුකම හදුන්වාදුන් නමුත් එය සහය දැක්වූවේ one-on-one කෝල්ස් සදහා පමනයි. නමුත් දැන් group calls සදහාත් මෙය සහය දක්වනව. සාමාජිකයන් තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින කෝල්ස් සදහා මෙම පහසුකම බාවිතා කරන්න පුලුවන්.

මෙම පහසුකම බාවිතා කරන්න ඔබට Full HD webcam එකක් තිබිය යුතු වෙනව. එය තිබේනම් ඔබ මීටින් එක සදහා සහබාගි වූ විට prompt එකක් ලෙසින් 1080p icon එක දිස්වන අතර ඒ මත ක්ලික් කර ඔබට මෙම පහසුකම බාවිතා කරන්න පුලුවන්. ඔබ මෙම පහසුකම සක්‍රීය කල පසු අනෙක් පස සිටින නරබන්නන් හට higher-quality video නැරබිය හැකි තිරයක් තිබේ නම් ඔවුන්ට සුපැහැදිලි වීඩියෝව නැරබිය හැක.

උසස් තත්ත්වයේ වීඩියෝ යැවීම සහ ලබා ගැනීම Settings > Video on the web යටතේ සැකසිය හැකි අතර, Google Meet විසින් network bandwidth එක අනුව වීඩියෝවේ quality එක ස්වයංක්‍රීයව සීරුමාරු කරනව.

Google ට අනුව, නව අප්ඩේට් එක,

  • Business Standard
  • Business Plus
  • Enterprise Essentials
  • Enterprise Standard
  • Enterprise Starter
  • Enterprise Plus
  • Education Plus
  • Teaching and Learning Upgrade
  • Workspace Individual subscribers

ඇතුළු Workspace පාරිභෝගිකයින් සඳහා දැන් ලබා ගන්න පුලුවන්. මෙම අවස්ථාවේදී, Google One ගෙවන පරිශීලකයින් ඇතුළත් කර නැති බව පෙනෙනව. එබැවින් ඔවුන්ට one-on-one 1080p ඇමතුම් සඳහා පමනයි දැනට බාවිතා කරන්න හැකිවෙන්නෙ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...