TikTok ආයතනය දැන් පරිශීලකයන්ට – විශේෂයෙන්ම තරුණයන්ට – රාත්‍රීයේදී ඇප් එකෙන් ඉවත් වීමට සහ නිදා ගැනීමට උපකාර වන නව meditation නමින් විශේෂාංගයක් හඳුන්වා දීලා තියනවා. මේ විශේෂාංගය හදුන්වා දෙන්න හේතුව වන්නේ TikTok භාවිතය හේතුවෙන් තරුණ පරපුරේ මනෝ සෞඛ්‍යය සහ නිදා ගැනීමේ කාලය අඩු වීමයි.
මෙම විශේෂාංගය, අවුරුදු 18ට අඩු පරිශීලකයින් සඳහා එය default ලෙසම සක්‍රීය වෙලා තියනවා. රාත්‍රී 10ට පසු තරුණයෙකු TikTok භාවිතා කරමින් සිටී නම්, ඔවුන්ගේ feed එකට සන්සුන් සංගීතය, දෘශ්‍ය ධ්‍යානාත්මක අන්තර්ගතයන් සහ guided meditation ආදිය දක්වා TikTok මඟින් ඔවුන් නිදා ගැනීමට ආරාධනා කරනවා. ඔහු හෝ ඇය එවැනි අවවාදයකට පසු යෙදුම භාවිතා කරමින් දිගටම scroll කරන්නේ නම්, තවත් විශාල fullscreen prompt එකක් පෙන්වමින් “නිදාගන්න” යැයි මතක් කරනවා.

අවුරුදු 18ට වැඩි පරිශීලකයින්ට මෙම විශේෂාංගය තමන්ට කැමති නම් සක්‍රීය කරගන්න පුලුවන්. ඒ සඳහා TikTok හි “Screen Time” සැකසීම් වෙත යාමෙන් “sleep hours” නම් විකල්පය තෝරාගෙන, තමන්ගේ නිදා ගැනීමේ වේලාවට ගැළපෙන විශේෂ meditation reminder සකසන්න පුලුවන්.
මෙම නව පහසුකම TikTok ආයතනයේ ‘digital well-being’ වැඩසටහනේ කොටසක් වන අතර, තරුණ පරපුරේ මනෝ සෞඛ්‍යය පිළිබඳ විවේචන සලකා බලා ගත් ප්‍රතිචාරයක් තමා මේ.














Leave a comment