Home Tech News පරිශීලකයන්ව නින්දට යවන TikTok
Tech News

පරිශීලකයන්ව නින්දට යවන TikTok

Share
blank
Share

TikTok ආයතනය දැන් පරිශීලකයන්ට – විශේෂයෙන්ම තරුණයන්ට – රාත්‍රීයේදී ඇප් එකෙන් ඉවත් වීමට සහ නිදා ගැනීමට උපකාර වන නව meditation නමින් විශේෂාංගයක් හඳුන්වා දීලා තියනවා. මේ විශේෂාංගය හදුන්වා දෙන්න හේතුව වන්නේ TikTok භාවිතය හේතුවෙන් තරුණ පරපුරේ මනෝ සෞඛ්‍යය සහ නිදා ගැනීමේ කාලය අඩු වීමයි.

මෙම විශේෂාංගය, අවුරුදු 18ට අඩු පරිශීලකයින් සඳහා එය default ලෙසම සක්‍රීය වෙලා තියනවා. රාත්‍රී 10ට පසු තරුණයෙකු TikTok භාවිතා කරමින් සිටී නම්, ඔවුන්ගේ feed එකට සන්සුන් සංගීතය, දෘශ්‍ය ධ්‍යානාත්මක අන්තර්ගතයන් සහ guided meditation ආදිය දක්වා TikTok මඟින් ඔවුන් නිදා ගැනීමට ආරාධනා කරනවා. ඔහු හෝ ඇය එවැනි අවවාදයකට පසු යෙදුම භාවිතා කරමින් දිගටම scroll කරන්නේ නම්, තවත් විශාල fullscreen prompt එකක් පෙන්වමින් “නිදාගන්න” යැයි මතක් කරනවා.

අවුරුදු 18ට වැඩි පරිශීලකයින්ට මෙම විශේෂාංගය තමන්ට කැමති නම් සක්‍රීය ක‍රගන්න පුලුවන්. ඒ සඳහා TikTok හි “Screen Time” සැකසීම් වෙත යාමෙන් “sleep hours” නම් විකල්පය තෝරාගෙන, තමන්ගේ නිදා ගැනීමේ වේලාවට ගැළපෙන විශේෂ meditation reminder සකසන්න පුලුවන්.

මෙම නව පහසුකම TikTok ආයතනයේ ‘digital well-being’ වැඩසටහනේ කොටසක් වන අතර, තරුණ පරපුරේ මනෝ සෞඛ්‍යය පිළිබඳ විවේචන සලකා බලා ගත් ප්‍රතිචාරයක් තමා මේ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...