Home Tech News ලෝකයේ පළමු Mobile Phone Detection CCTV පද්ධතිය Australiaවෙන්
Tech News

ලෝකයේ පළමු Mobile Phone Detection CCTV පද්ධතිය Australiaවෙන්

Share
blank
Share

ඕස්ට්‍රෙිලියානු new South Wales වල ලොව පළමු වතාවට රිය පදවන අතර Mobile Phone භාවිතා කරන්නන් හදුනාගත හැකි HD Camera system එකක් සකස් කරල තියෙනව.

New South Walesහි මාර්ග සම්බන්ධ අමාත්‍ය Andrew Constance ප්‍රකාශ කලේ මේ සදහා ස්ථානගත කරන ලද සහ Mobile Trailer වල සවි කරන ලද Camera මගින් Input ලබාගන්නා බවයි. මේ ඔස්සේ ලබාගන්නා පින්තූර සහ Video ඉන්පසු Artificial Intelligence හරහා හදුනාගැනීමක් මගින් රිය පදවන අතර නීති විරෝධී ලෙස Phone භාවිතා කරන්නන් හදුනා ගැනීම සිදුවෙනවා.

This slideshow requires JavaScript.

පළමු මාස 3න ඇතුලත මෙලෙස හදුනාගැනෙන රියදුරන්ට අවවාද කිරීමේ ලිපියක් පමණක් ලබාදෙන අතර ඉන්පසුව  $344 සිට $457 අතර (රු 80,000 ක් පමණ) දඩ මුදලක් සහ Driving licence එක සදහා ලකුණු ලබාදීමක් සිදුවෙනවා.

මේ පද්ධතිය මේ වසරේ මුලදී සාර්ථකව අත්හදා බලා තිබෙන අතර එහිදී මෙලෙස රිය පදවන අතර Mobile phones භාවිතා කල රියදුරන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් නිවැරදිව හදුනා ගන්නට මෙම පද්ධතියට හැකිවී තියෙනව. ඉදිරි වසර 3 ඇතුලත New South Wales වල සදහන් නොකරන ස්ථානවල Portable HD camera 45ක් ස්ථානගත කිරීමට සූදානම් බවත් මෙහිදී ප්‍රකාශයට පත්කලා.

2019 වසරේ New South Wales වල පමණක් මෙලෙස රිය පදවන අතර Mobile Phones භාවිතය නිසා ජීවිත 329ක් නැතිවී තියෙනව. මෙය 2018 වසරෙදි 354ක් වෙනව. මේ නිසා new South Wales හි මාර්ග අනතුරු සිදුවීම වසර 2021 වනවිට 30%කින් පමණ අඩු කරගැනීමට මෙම නව ක්‍රමය හරහා හැකි වේවි.

New South Wales හිදී රිය පදවන අතර දුරකථන ඇමතුම් ලබා ගැනීම නීති විරෝධී කටයුත්තක්. Hands free හරහා කතා කිරීම Video Call ගැනීම, Photo ගැනීම වැනි කටයුතු සිදු කල හැක්කේ ඔබ වාහනය Traffic එකෙන් පිටත Park කර තිබියදී පමණයි.

මූලාශ්‍රය – https://edition.cnn.com/2019/12/01/australia/cell-phone-detection-camera-australia-intl-scli/index.html

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...