Home Tech News Events Apple සමාගම අභිබවමින් ලොව වටිනාම සමාගම බවට Microsoft පත්වෙයි.
EventsTech News

Apple සමාගම අභිබවමින් ලොව වටිනාම සමාගම බවට Microsoft පත්වෙයි.

Share
blank
Share

Apple සමාගම කාලයක් රැකගෙන හිටපු ලෝකයේ වටිනාම සමාගම කියන record එක මේ වෙද්දි ඔවුන්ගෙන් ලබාගන්න Microsoft ආයතනයට හැකියාව ලැබිල තියනවා. ඒ Microsoft ආයතනයේ මුලු වෙලඳපොල ප්‍රාග්ධනය ඩොලර් ට්‍රිලියන 2.426 ක් දක්වා ඉහල යාම නිසා. ඔවුන්ගේ කොටස් වල මිල 4.2% ක් ඉහල යෑමත් එක්ක කොටසක මිල ඩොලර් 323.17ක් ලෙස වාර්තා වෙද්දි Apple සමාගමේ කොටසක මිල 3.5% ක ප්‍රමාණයක් පහල ගියා, ඒත් එක්ක Apple සමාගමේ වෙලදපොල ප්‍රාග්ධනය විදිහට වාර්තා වුනේ ඩොල‍ර් ට්‍රිලියන 2.41ක්.

පසුගිය කාර්තුවේ Microsoft සහ Apple සමාගම් දෙකේම ආදායම් ඉහල ගියත් Apple සමාගම බලාපොරොත්තු වුන තරම් වර්ධනයක් දැකගන්න ලැබුනෙ නෑ. iPhone අලෙවිය ඉහල තත්වයේ තිබුනත් ලෝකයේ පවතින chip සැපයීමේ සහ සැපයුම් දාමයන්හී පවතින අර්බුදකාරී තත්වයන් Apple සමාගම හිතපු තරන් අදායමක් ලැබීමට බාධා එල්ල කරා කියල උපකල්පනය කරන්න පුලුවන්. ඒ අතර Microsoft ආයතනයේ Office, Windows සහ Cloud සේවා වල වඩාත් ධනාත්මක වර්ධනයක් දැකගන්න පුලුවන් උනා. මේ නිසා Microsoft ආයතනයට කලින් අපේක්ෂා කරාට වඩා ආදායමක් උපයන්න හැකියාව ලැබුනා වගේම කලින් අවුරුද්දට වඩා ඒක 22% ක වර්ධනයක්.

මේක වෙලඳපොල ප්‍රාග්ධනයෙන් Microsoft විසින් Apple පසුකරපු පළමු අවස්තාව නෙවෙයි. 2020දිත් Microsoft ආයතනය මේක කරල තියනවා. Apple සමාගම පලවෙනි වතාවට මුලු ප්‍රාග්ධනයෙන් Microsoft පසු කරන්නෙ 2010දි සහ ඒක 2018 වෙනකන් පවත්වාගෙන ඇවිල්ලත් තියනවා. 2021දි Cloud සේවාවලට ලැබුන අධික ඉල්ලුම හේතුවෙන් Microsoft සමාගමෙත් ඒ එක්කම ලොකු වර්ධනයක් ඇති වුනා. මේ නිසා සමාගමේ කොටස්වල මිලත් මේ වසරෙ 45% කින් ඉහල ගියා.

කොහොම උනත් තව ටික දවසකින් Apple සමාගම නැවතත් Microsoft සමාගම පසු කරගෙන යාවී. Apple මේ වෙද්දි ඔවුන්ගෙ සැපයුම් ක්‍රම වල තියන අර්බුද සර්ථකව විසඳගෙන තියෙන අතර ඔවුන්ගෙ අලුත්ම iPhone 13 series එකේ විකිනීමත් ඉහල තත්වයක තියනවා. පරණ iPhone models පවා නැගී එන වෙලඳපොලවල් තියන රටවල් වල හොඳට අලෙවි වෙන ස්වභාවයක් තමයි තියෙන්නෙ.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...