Home Tech News Explained වසර 7ක් දක්වා අප්ඩේට් ලැබෙන Samsung Galaxy S24
ExplainedPhonesTech News

වසර 7ක් දක්වා අප්ඩේට් ලැබෙන Samsung Galaxy S24

Share
blank
Share

Samsung සමාගමේ නවතම S24 දුරකතන මාදිලිය නිකුත් උනා. පෙර පරිදිම S24, S24+, සහ S24 Ultra ලෙස මාදිලි තුනක් නිකුත් උනා. Unpack event එකෙදි විස්තර කරන ලද නව විශේෂාංග අතරින් Galaxy AI පහසුකම විශේෂ තැනක් ගන්නව.

නව විශේෂාංග රැසක් සමගින් එන S24 දුරකතන සදහා මෙවර තවත් විශේෂ දෙයක් එක්වෙනව. වසර 7ක් දක්වා OS update ලැබෙන බව සමාගම නිවේදනය කර තිබෙනව. මීටපෙර ගූගල් සමාගම Pixel 8 දුරකතන සමග වසර 8 දක්වා OS update ලැබෙන බව නිවේදනය කරා.

මෑත වසර කිහිපය තුලදී Samsung සමාගම විසින් ඔවුන්ගේ දුරකතන බොහොමයකට වසර 4ක OS update සහ වසර 5ක් දක්වා security update ලබාදීම ආරම්බ කරා. Galaxy S24 දුරකතන නිකුත් වන්නෙ Android 14 මත රන් වෙන OneUI 6.1 මගිනුයි. ඒවගේම Android 21 දක්වා මෙයට අප්ඩේට් ලැබීමට නියමිතයි.

මීටපෙර Samsung සමාගම සිදුකල ආකාරයටම නැවතත් ඇමරිකාව සහ කැනඩාව ඇතුලු රටවල් වලට පමනක් Snapdragon chipset එක සහිත දුරකතන නිකුත් කරන අතර අනෙක් රටවල් සදහා Samsung සමාගම විසින් නිශ්පාදනය කරන Exynos 2400 චිප්සෙට් එක සමග නිකුත් වෙනව. මෙම චිප්සෙට් එකෙ benchmark තවමත් නිකුත් වී නැහැ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...