Home Tech News කේත ලිවීම පහසු කරන Codex
Tech News

කේත ලිවීම පහසු කරන Codex

Share
blank
Share

OpenAI විසින් නිකුත් කළ නවතම AI වැඩසටහන වන Codex, මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ විප්ලවයක් ඇති කිරීමට සූදානම් වෙනවා. මේක ChatGPT සමාගමේ සංවර්ධනයක් වෙනවා වගේම, මෘදුකාංග සංවර්ධකයින්ට විශාල සහයෝගයක් මේකෙන් ලබාගන්න පුලුවන්.

Codex කියන්නෙ OpenAI විසින් නිකුත් කළ අලුත්ම AI වැඩසටහනයි. ඒක මෘදුකාංග සංවර්ධන කාර්යයන් ස්වයංක්‍රීයව සිදු කිරීමට හැකි AI වැඩසටහනක්. මේක codex-1 නම් නව AI model එකකින් බලගැන්වෙන අතර, මෘදුකාංග සංවර්ධන කාර්යයන් සඳහා විශේෂිතව සකස් කර තිබෙනවා. Codex, දැන් ChatGPT Pro, Team, සහ Enterprise ඇති පරිශීලකයන්ට ලබාදී තිබෙනවා.

Codex වැඩසටහනෙන්, GitHub සමඟ සම්බන්ධ වෙලා, මේ කාර්යයන් සිදු කරගන්න පුලුවන්.

  • නව විශේෂාංග එක් කිරීම
  • දෝෂ සෙවීම සහ නිවැරදි කිරීම
  • පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම
  • කේතය පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම

මෙම කාර්යයන්, cloud sandbox environment එකක ස්වයංක්‍රීයව සිදු කෙරෙනවා.

Codex-1 model එක, OpenAI හි o3 model එක මත පදනම්ව, reinforcement learning තාක්‍ෂණය භාවිතයෙන් පුහුණු කර තිබෙනවා. මේ හේතුව නිසා, මිනිස් කේතන ශෛලියට සමානව කේතය ජනනය කරන්න Codex හට හැකියාව තිබෙනවා.

Codex, cloud sandbox පරිසරයකින් ක්‍රියාත්මක වන අතර, පරිශීලකයන්ට AGENTS.md ගොනුවක් මඟින් උපදෙස් ලබාදෙන්න පුලුවන්. මෙය, Codex වෙත නිවැරදි උපදෙස් ලබාදීම සඳහා උපකාරී වෙනවා.

Codex, මෘදුකාංග සංවර්ධකයින්ට තමන්ගේ කාර්යයන් වේගවත් සහ කාර්යක්ෂමව සිදු කිරීමට උපකාරී වෙනවා. මෙය, කේතය ලිවීම, පරීක්ෂා කිරීම, සහ දෝෂ නිවැරදි කිරීම වැනි කාර්යයන් ස්වයංක්‍රීයව සිදු කිරීමෙන්, සංවර්ධකයින්ට කාලය ඉතිරි කර ගන්නත් කාර්යයන් වේගවත් කරනගන්නත් හැකිවෙනවා. Codex, මෘදුකාංග සංවර්ධන ක්ෂේත්‍රය තුළ විශාල වෙනසක් ඇති කිරීමට සූදානම් වන AI වැඩසටහනක්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...