2021 දි DDR5 RAM නිකුත් වෙන්න නියමිත අතර intel Alderlake CPU සහ AMD Zen4 නවතම RAM වලට Support කිරීමට නියමිතයි.
දැනට තිබෙන DDR 4 Speeds වලට වඩා දෙගුණයක වේගයක් සමග අඩු විදුලි බලයක් භාවිතා කරමින් Power to performance වැඩ කිරීම අළුත් PC / Console Platform වල වේගය වැඩි කිරීමට වැඩි දායකත්වයක් ලබාදීමට මේ හරහා හැකි වෙනවා.
| DDR Version | DDR 1 | DDR2 | DDR3 | DDR4 | DDR5 |
|---|---|---|---|---|---|
| Released | 2000 | 2003 | 2007 | 2012 | ETA - 2021 |
| Operating Voltage | 2.5V | 1.8V | 1.5V | 1.2V | 1.1V |
| Chip Density | 128MB - 1GB | 128MB - 4GB | 512MB - 8GB | 2GB - 16GB | 8GB - 64GB |
| Data rate MHz | 200 - 400 | 400 -800 | 800 - 2133 | 1600 - 3200 | 3200 - 6400 |
Team, Delta, Xcalibur, Nighthawk වැනි දැනට ජනප්‍රිය RAM නිෂ්පාදනය කරන එමෙන්ම Asus TUF Certification එකද ලැබී තිබෙනTeam Group සමාගම මේ වනවිටත් Consumer grade DDR5 RAM Develop කර අවසන් බවත් එය දැනට Asus, Asrock, Gigabyte, MSI සමාගම් වලට Validation සදහා යවා ඇති බවත් සදහන් කරනවා.
මේ Validation අවධියෙන් පසු DDR5 RAM Market එකට නිකුත් කිරීම සදහා නිෂ්පාදනය ආරම්භ කල හැකි බවත් ඒවා Overclock කල DDR4 RAM Speeds වලට වඩා වැඩි බවත් Team Group ආයතනය සදහන් කර තිබෙනවා.














👍👌
niyami
Perfect⭐⭐⭐⭐⭐
Ammo 11th gen ekt ddr5 eida 😐
maru eeka