Home Tech News Computers අභ්‍යවකාශයේ බාවිතා වන Sapceborne Computer
ComputersExplainedTech News

අභ්‍යවකාශයේ බාවිතා වන Sapceborne Computer

Share
blank
Share

අභ්‍යවකාශ යානා පොළොවේ පාලක මධ්‍යස්ථානවලින් මෙහෙයවනු ලැබූවත් ඒවායේ ස්වයංක්‍රීය ක්‍රියාකාරිත්වය පවත්වා ගෙන යන්නේ පරිගණක යන්ත්‍ර මඟින්. විකිරණ බලපෑම නැති, ගුරුත්වය ඇති පොළොවේදී ක්‍රියාත්මක වෙන්නට පුළුවන් වෙන සේ සැකසූ පරිගණක, විකිරණ සහිත ගුරුත්වයක් නැති අභ්‍යවකාශයේදී පරීක්ෂා කරන්නේ, දැනට අවුරුදු 25ක් තිස්සේ පොළොවට කිලෝමීටර් 400ක් ඉහළ කක්ෂයේ රඳවා ඇති, අභ්‍යවකාශ මොඩියුලයක් වෙන, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදීයි.

මෙහිදී පරිගණක ශුන්‍ය ගුරුත්වයට පමනක් නොව තවත් අපූරු පරිසරයකට නිරාවරණය වෙනව. අභ්‍යවකාශ මධ්‍යස්තානය සෑම විනාඩි 90කටම සැරයක් පොළොව වටා තත්පරයකට පැයට සැතපුම් 5 වේගෙන් කරකැවෙනව. එහිදී නිතර විදුලි බිදවැටීම් සිදුවෙනව වගේම ඒකාකාර බල සැපයුමක්ද ඇත්තෙ නැහැ.

මෙම අපූරු පරිසරයේදී ක්‍රියාත්මක කොට, පරීක්ෂා කර බැලූ මුල්ම පරිගණකය, Spaceborne Computer නම් සුපිරි පරිගණකයයි. ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් නාසා ආයතනය, Hewlett-Packard (HP) සමාගම සමඟ එක්ව නිෂ්පාදනය කළ මෙම පරිගණකයේ මුල්ම මාදිලිය, 2017දී අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යවා, 2019 දී නැවතත පොළොවට ගෙන්වා ගෙන තිබෙනව. එහි දෝෂ විමසා, සමනය කිරීමෙන් පසුව සැකසූ අලුත් පරිගණකය 2021දී අභ්‍යවකාශගත කරනු ලැබ දැන් හොඳින් ක්‍රියාත්මක වෙනව.

පරිගණකයක් අභ්‍යවකාශයේදී ක්‍රියාත්මක වෙන ආකාරය මෙමඟින් අධ්‍යයනය කරනවාට අමතර වශයෙන් එමඟින් විශේෂ වාසිද හිමි වෙනව. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් රැස් කර ගන්නා තොරතුරු විශ්ලේෂණය කරනු ලබන්නෙ පොළොවේදීයි. ඩේටා පැකට් එකක් එසේ පොළොවට එවීමට මිනිත්තු 30ක් ගතවෙනව. එසේ තොරතුරු හුවමාරු කිරීම සදහා නාසා ආයතනය ස්ථාපිත කොට ඇති විශේෂ තොරතුරු හුවමාරු මාධ්‍යස්තානය වෙනුවෙන් විශාල ධනස්කන්ධයක් වැය වෙනව. එහෙත් Spaceborne පරිගණකය වැනි පරිගණකයක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේම තිබෙන විට දත්ත විශ්ලේෂණය එහිදීම කර, අභ්‍යවකාශයේ ගත කරන කාලය ප්‍රයෝජනවත් සේ යොදා ගන්නට පුළුවන්. වියදමත් අඩුයි.

Spaceborne පරිගණකය ක්‍රියාත්මක කරවන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමේ Azure Cloud Computing Service සමඟ සම්බන්ධ කරමින්. අභ්‍යවකාශගත කළ පරිගණකයක් ක්ලවුඩ් සේවයක් සමඟ සම්බන්ධව ක්‍රියාත්මක වෙන ආකාරය අධ්‍යයනය කිරීම මෙහි අරමුණයි.

මීට කලින්, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්තානයේදී තවත් ක්ලවුඩ් පරිගණකයක් පරීක්ශා කර බලා තිබෙනව. එය SG100 ක්ලවුඩ් කොම්පියුටිං පේලෝඩ් වශයෙන් හඳුන්වන්වනව.

තායිවානයේ නිෂ්පාදිත, ඇමෙරිකාවේ Business Integra සමාගම විසින් ක්ලවුඩ් සේවය සැලසුම් කරන ලද මෙම පරිගණකය, 2017 මැයි 17 වැනිදා සිට වසර දෙකක් ක්‍රියාත්මක උනා. එම කාලය තුළ එහි කිසිම දත්ත හානියක් සිදුවෙල නැහැ.

මෙම විශේෂ පරිණකවලට අමතර වශයෙන් සාමාන්‍ය පරිගණක ගණනාවක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක වෙනව.  ‎IBM ThinkPad මෙන්ම HP ZBook 15 යන මාදිලිවල පරිගණක 100ක් පමණ එහි තිබෙනව. Windows XP වල පටන් වින්ඩෝස් 10 දක්වා සෑම මෙහෙයුම් පද්ධතියක් මෙන්ම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිද ඒවායේදී ක්‍රියාත්මක වෙන්නාක්සේම, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අන්තර්ජාල සම්බන්ධතාවද තිබෙනව. ඒ සියල්ල සමග ගගනගාමීහු හත් දෙනෙකු එහි ජීවත් වෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...