Press ESC to close

AOC වෙතින් පහසු මිළට 144Hz Freesync Gaming Monitor මාදිලි 4ක්

AOC සමාගම සැප්තැම්බර් මාසයේ තමන්ගේ Monitor මාදිලි පෙළට AOC G1 Gaming Monitors හදුන්වා දුන්නා. මෙම නව G1 series එක 144Hz Refresh Rate එකක් සහ AMD Freesync තාක්ෂණය සමග Gaming අත්දැකීමක් සදහාම නිපදව! AOC සමාගමේ පළමු Gaming Monitor කාණ්ඩය වෙනව.

Get Your Site Up with A2 Hosting

මේ යටතේ වෙළදපොලේ ඇති gaming Monitors හා සංසන්දනය කිරීමේදී පහස් මිළකට AOC G! Monitors 4ක් නිකුත් වෙනව. මේව තමයි

  1. අගල් 24 – C23G1 – 1920 x 1080
  2. අගල් 27 – C27G1 – 1920 x 1080
  3. අගල් 31.5 – C32G1 – 1920 x 1080
  4. අගල් 31.5 – CQ32G1 – 2560 x 1440

මේ හැම Display එකක්ම Curved සහ thin bezel සහිත මාදිලි වන අතර AOC සමාගම මෙය තරගකාරී මිළකට Multi monitor setup වලටත් ගැලපෙන විදිහටයි ඉදිරිපත් කරන්නෙ.

ඒ වගේම Ports විදිහට HDMI 1.4 ports දෙකක්, Display port 1ක් සහ VGA port එකක් විදිහට connectivity පහසුකම් තියෙනව.

කොහොම වෙතත් මේ මාදිළි පෙලේ පළමු මාදිළි 3න (CQ32G1 ගැන වැඩි තොරතුරු නැහැ) සදහා තියෙන්නෙ nits 250 ක brightness එකක්, මෙය HDR monitors සදහා ඇති සම්මත nits 400ට වඩා අඩුයි. කොහොම වෙතත් මේ Monitos HDR වලට පහසුකම් දක්වන්නෙ නැහැ.

පහසු මිළකට Gaming කරන්න Monitors ගන්න බලන් ඉන්න අයට ලගදිම ලංකාවෙත් මේ මාදිලි පෙළ ලබාගන්න පුලුව්න වෙයි.

 

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (2)

  • Thilina Bandarasays:

    October 18, 2018 at 1:04 pm

    Aiye, mama 4K monitor ekak ganna hithan innawa. Amazon,B&H wage online websites wala godak hoyala beluwa mage budget ekata gelapena 4K monitor ekak.

    https://www.lg.com/us/monitors/lg-43UD79-B-4k-uhd-led-monitor

    Me link eke thiyenne LG lage 43” 4K monitor ekak. But mata denaganna one mewage price ekakata 43” 4K monitor ekak ganna puluwanda? Ahemath nethnam me monitor eka anith 4K monitor walin ganna experience eka ganna berida?? (Man danna widihata 4K monitors godak ganan..mewage price ekakata loku screen ekak thiyena 4k monitors thiyenawa kiyana eka mata prashnayak.)

    • Pcguidesays:

      November 9, 2018 at 6:04 am

      මේක හොද Monitor එකක්. ලංකාවේ Shops වලත් 4K තියෙනව. සමහරවිට pre order කරල ගන්න වෙයි.මේක ඔයා ලංකාවට ගෙන්නුවොත් කොහොමත් TAX එකක් වදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *