Home Tech News software Nero වෙනුවට එන BurnAware
software

Nero වෙනුවට එන BurnAware

Share
Share

CD/DVD burning software එකක් කිව්වොත් හැම දෙනාම දන්නෙ Nero software suite එක ගැන. Nero software එක ඉතා ලොකු ඉඩක් වගේම අපිට අනවශ්‍ය අංග රැසක් computer එකට install කරනව. මේ නිසාම computer එක slow down වෙනවත් එක්කම nero software එක load වෙන්නත් සෑහෙන වෙලාවක් යනව.

BurnAware software එක මෙගාබයිට් 9ක් වගේ පොඩි software එකක්. Www.burnaware.com එකෙන් නොමිලේ download කරගන්න පුළුවන් මේ software එකේ අඩංගු වෙන්නෙ CD හෝ DVD එකක් burn කරගන්න අවශ්‍ය වෙන tools විතරයි. Computer එකට අනවශ්‍ය bloatware නැතුව වැඩේට අවශ්‍ය කරන software පමණක් install කරගත්තම computer එක slowdown වෙන්නෙත් නැහැ. ඒ වගේම hard drive space ඉතිරි කරගන්නත් පුළුවන්.

Burn aware software එකේ main interface එකට ආවම පහත ආකාරයට options දැකගන්න පුළුවන්.

Data Section එකේ Data CD/DVD burn කරගන්න අවශ්‍ය options වගේම bootable disc සහ ලොකු files CD හෝ DVD කිහිපයක burn කරගන්න උදව් වෙන Span Disc පහසුකමත් තියෙනව.

Multimedia Section එකේ Audio CD, MP3 CD/DVD, DVD Video burn කරගන්න උදව් වෙන පහසුකමත් තියෙනව.

Disc Images යටතේ Image files හදන්න වගේම Image files CD/DVD වල burn කරගන්න අවශ්‍ය පහසුකම් සලසනව.

Utilities Section එකේ Rewritable CD/DVD erase කරන්න Disc එකක තොරතුරු දැනගන්න වගේ පහසුකම් අඩංගු වෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

    • ස්තුතියි. අනික අයටත් මේ ගැන කියන්න. nero කියන්නෙ Bloatware අනවශ්‍ය දේවල් ගොඩක් එකතු කරල තියෙන Software එකක්.

Leave a Reply to Thilina chamaraCancel reply

Related Articles

වචන වීඩීයෝ කරන Sora වැඩසටහන

OpenAI සමාගම විසින් නවතම new video-generation වැඩසටහනක් හදුන්වා දී තිබෙනව. එහි නම...

CES 2024 තුලින් launch වෙන MSI සමාගමේ නවතම නිෂ්පාදන

ඇමරිකාවේදී වාර්ෂිකව පැවැත්වෙන 2024 CES (Consumer Electronic Show) ඒක සදහා ලොව ප්‍රමුඛ...

ලොව පැරණිතම DOS Version එක අන්තර්ජාලයට

Microsoft සමාගම DOS Operating system එක නිර්මාණය නොකල බවත් සිදුකලේ DOS වෙනුවට...

Google Meet දැන් 1080p වීඩියෝ කෝල් සදහා සහය දක්වනව

Google Workspace මිලදී ගෙන තිබෙන පරිශීලකයන් සදහා දැන් Google Meet මගින් 1080p...