Home Tech News Ai වචන වීඩීයෝ කරන Sora වැඩසටහන
AisoftwareTech News

වචන වීඩීයෝ කරන Sora වැඩසටහන

Share
blank
Share

OpenAI සමාගම විසින් නවතම new video-generation වැඩසටහනක් හදුන්වා දී තිබෙනව. එහි නම තමයි Sora. මෙමගින් අප ලබාදෙන වාක්‍යකට අනුව වීඩියෝ ක්ලිප් එකක් නිර්මානය කර දෙනව. දැනට මෙමගින් ලබාගත හැක්කේ මිනිත්තුවක් පමනක් දිගු වීඩියෝ පමනයි.

මෙහි සංවර්ධකයන් පවසන ආකාරයට Sora මගින් චරිත කිහිපයක් සිටින සංකීර්ණ දර්ශනයක් වුවත් නිර්මානය කිරීමේ හැකියාව තිබෙනව. ඒවගේම මෙයට ඇත්ත ලෝකයේ වස්තූන් පවතින ආකාරයට හදුනාගෙන එයට අනුව වීඩියෝ නිර්මානය කිරීමට හැකියාව තිබෙනව.

මෙමගින් නිර්මානය කලහැකි ආකෘති අතරට නිශ්චල රූපයක් මත පදනම්ව වීඩියෝවක් ජනනය කිරීමට මෙන්ම පවතින වීඩියෝවක නැතිවූ රාමු පිරවීමට හෝ එය දිගු කිරීමට හැකියාව තිබෙනව. OpenAI හි බ්ලොග් සටහනෙහි ඇතුළත් Sora මගින් නිර්මානය කරන ලද demos අතර රන් රශ්මිය අතරතුර කැලිෆෝනියාවේ ගුවන් දර්ශනයක්, ටෝකියෝ දුම්රියක් ඇතුළත සිට රූගත කළ සේ පෙනෙන වීඩියෝවක් ආදිය ඇතුලත් වෙනව.

මීට වසර කිහිපයකට පෙර, වචන රූප බවට පත් කිරීමේ ආකෘතිවල හැකියාවේ ඉදිරියෙන්ම සිටියේ Midjourney වැනි වැඩසටහන්ය. නමුත් මෑතකදී, වීඩියෝ නිර්මානය කිරීමේ වැඩසටහන් කැපී පෙනෙන වේගයකින් වැඩිදියුණු වීමට පටන් ගෙන තිබෙනව. Runway සහ Pika වැනි සමාගම් ඔවුන්ගේම සිත් ඇදගන්නා text-to-video ආකෘති පෙන්වා ඇති අතර Google හි Lumiere මෙම ක්ශේත්‍රයේ OpenAI හි ප්‍රධාන තරඟකරුවන්ගෙන් එකක් වෙනව. Sora හා සමානව, Lumiere පරිශීලකයින්ට text-to-video මෙවලම් ලබා දෙන අතර ඔවුන්ට නිශ්චල රූපයකින් වීඩියෝ නිර්මාණය කිරීමට ඉඩ සලසනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...