Press ESC to close

Kena: Bridge of Spirits Review

Overview

කීර්තිමත් පුද්ගලයන් මියගිය පසු ඔවුන්ට කරන ගෞරවයක් වශයෙන් ඔවුන්ට ආවේණික වන ලෙස දැවමය වෙස්මුහුණු නිර්මාණය කර පූජනීය සිද්ධස්ථාන තුළ තැන්පත් කිරීම මෙම ක්‍රීඩාවේ නිර්නාමික village එකේ චාරිත්‍රයක් විය(නිර්නාමික ලෙස සඳහන් කරන ලද්දේ ක්‍රීඩාවේ කිසිදු තැනක ක්‍රීඩාවට පාදක වූ village එකේ නම පිළිබඳ සඳහන් නොවන බැවිනි).මියගිය පුද්ගලයෙකුගේ ආත්මය ඊලඟ ජීවිතයට පියනැගූ බව සංකේතවත් කිරීමට මෙම විශේෂිත වෙස්මුහුණු දූවිලි බවට පත්වීම සිදුවිය.

Get Your Site Up with A2 Hosting

නමුත් සියලු ආත්මවලට මෙසේ බාධා නොමැතිව,සාමකාමීව ඊලඟ ජීවිතයට යා නොහැක.එසේ යාමට නොහැකි ආත්මයන් අතීතයේ ඔවුන්ට අත්විඳීමට සිදුවූ අමිහිරි අත්දැකීම් ගැන සිතමින්,කළකිරෙමින්,මීලඟ ජීවිතය වෙත යා නොහැකිව පසුතැවෙමින් ප්‍රචණ්ඩකාරී දරුණු ආත්ම බවට පත්වේ.මරණින් මතු ජීවිතය හා spirits ගැන දැනුමැති spirit masters ලා පෙර සඳහන් කළ ඊලඟ ජීවිතයකට යා නොහැකිව සිරවී සිටින ආත්ම සඳහා උදව්කිරීමට පෙළඹී සිටි අතර ඔවුන් “Spirit Guides” යන නමින් හැඳින්විනි.

නිර්නාමික ප්‍රදේශයක සිට නිර්නාමික corrupted village එකට පැමිණෙන අපගේ චරිතය Kena තරුණ spirit guide කෙනෙකි.කලකට පෙර සුන්දර village එකක් වූ,දැන් corrupt වී තිබෙන village එකේ secrets සොයමින් අතරමගදී හමුවන spirits ලාට උදව්කරමින් හා බාධකවලට මුහුණදෙමින් village එකේ උතුරු ප්‍රදේශයේ පිහිටි Mountain shrine එක වෙත යන ඇයගේ කථාව මෙම ක්‍රීඩාව තුළින් ගෙනහැර දක්වයි.

Plot

නිර්නාමික ප්‍රදේශයක සිට නිර්නාමික corrupted village එකට පැමිණෙන Kena ට Rot නම් හුරුබුහුටි magical ජීවියෙකු පසුපස හඹායන Beni සහ Saiya නම් කුඩා ළමුන් දෙදෙනා දක්නට ලැබේ. Kena ව දුටුකල ඔවුන් බියවී දිවයන අතර ඇය rots එනම් ඇගේ ගමනට උදව්කළ හැකි magical companions කිහිපදෙනෙක් සමග මිතුරු වී ඇගේ ගමනට එකතු කරගනී. Village එක තුළට ටික දුරක් යනවිට village එකේ corrupted area එකකදී ඇයට වෙස්මුහුණක් පැළඳගත් corrupted spirit කෙනෙකු මුණගැසේ.ඔහු ඇයට පවසන්නේ village එකේ හා forest එකේ corruption එක මෙන්ම land එකට භයානක monsters ලා release කිරීම ඔහු විසින් සිදුකළ බවයි.නැවත නව ජීවිතයක් හොඳින් ගතකිරීමට ඔහුට හැකිබව පවසා corrupted spirit එකක් වූ ඔහුට උදව්කිරීමට ඇයට ඉඩ ලබාදෙන ලෙස Kena ඉල්ලාසිටියත් ඔහු එය ප්‍රතික්ෂේප කරන්නේ land එකට සිදුවූ මෙම විනාශය නිසා land එක යථා තත්ත්වයට පත්කළ නොහැකි බව පවසමිනි.ඉන්පසු ඔහු “Sprout” නම් monster කෙනෙක් summon කර අතුරුදහන් වෙයි. Kena මෙම අත්භූත ජීවියාව පරාජය කළ පසු rot ලාව භාවිතකර village එකේ එම corrupted area එක heal කරයි. ප්‍රදේශය සුපුරුදු සුන්දරත්වයට ඇය පත්කළ අයුරු දැක Beni සහ Saiya සැඟවී සිටි ස්ථානයෙන් එළියට පැමිණ පුදුම වී Kena ගෙන් විස්තර විමසයි.

ඇය sacred mountain shrine එකට යනගමන් බවත් ඒ සඳහා උදව්කරන ලෙසටත් ඇය කුඩා ළමුන් දෙදෙනාගෙන් ඉල්ලයි.කලකට පෙර village එකේ corruption එකත් සමග forest එකේදී අතුරුදහන් වූ ඔවුන්ගේ වැඩිමහල් සොහොයුරා වන Taro ව සොයාදුන්නහොත් Kena ට උදව් ලබාදෙන බවට ඉන්පසු ඔවුන් පොරොන්දු වෙයි.ඔවුන්ගේ ඉල්ලීමට එකඟ වූ ඇය ඔවුන් දෙදෙනා සමග village center එකට පැමිණෙයි. Taro අතුරුදහන් වූ forest එකට තිබෙන path එක spirit barrier එකකින් වැසී තිබෙනු ඔවුන්ට එහිදී දක්නට ලැබේ. Beni සහ Saiya මෙහිදී Kena ට යෝජනාකරන්නේ village එකේ ඉතා දැනුමැති Elder කෙනෙකු වන Zajuro ව මුණගැසී ඒ සඳහා විසඳුමක් සොයාගන්නා ලෙසයි.

ඉන්පසු ඇය Zajuro ව මුණගැසෙන අතර ඔහුගෙන් ඇයට දැනගැනීමට ලැබෙන්නේ ඇයට mountain shrine එකට යාමට අවශ්‍ය නම් village එකේ සිටින corrupted spirits ලාට හොඳ ජීවිතයකට පියමන් කිරීමට උදව්දියයුතු බවයි. Taro ගැන සඳහන් කළ පසු ඇයට දැනගැනීමට ලැබෙන්නේ Taro ද මෙවන් corrupted spirit කෙනෙකු බවයි. ඉන්පසු Taro ඇතුළු corrupted spirits ලාට උදව්කිරීමේ හා mountain shrine එකට යෑමේ අරමුණු සිතේ ඇතිව ඇය තමාගේ ගමන අරඹයි.

ඉතින් එතනින් පසු කුමක් සිදුවේවිද? Kena ට mountain shrine එකට යාමට ලැබේවිද? ඇයට corrupted spirits ලාට නව ජීවිතයක් ලබාදීමට හැකිවේවිද? කලකට පෙර මෙම village එක corrupt වීමට හේතුව කුමක්ද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම ක්‍රීඩක ඔබට භාරයි.

Gameplay

  • ක්‍රීඩාවේදී ඔබට village එකේ regions 3කදී corrupted spirits 3කට උදව්දිය යුතුය. Taro, Adira හා Toshi යන මෙම spirits ලාට උදව්කිරීමට ප්‍රථම එක් එක් ආත්මයේ mementos 3ක් එකතුකරගත යුතුය. ඉන්පසුව එක් එක් ආත්මයට අදාල වෙස්මුහුණ භාවිතයෙන් ඔවුන්ව කැඳවිය හැකි අතර ඉන්පසුව ඔවුන්ගේ corrupted form එක සමග සටන්කර ඔවුන්ව එයින් නිදහස්කර නව ජීවිතයක් කරා යැවිය හැක.මෙම ආත්ම 3හි corrupted forms ද ඇතුළුව ඔබට Boss battles 16කට ක්‍රීඩාව තුළදී මුහුණදිය යුතුය.
  • Kena යනු විවිධ magical abilities ඇති spirit guide කෙනෙකි. Combat වලදී ඔබට ඇයගේ magic staff එක මගින් light, heavy හෝ charged attacks සිදුකළ හැකිය. Game එකේ progression එකත් සමග මෙම staff එක magic දුන්නක් බවට පත්කිරීමද කළහැක. මෙම දුන්න attacking සඳහාද,ඉහළ ස්ථානවලට යෑමට grappling hook එකක් ලෙසද, puzzle solving සඳහාද භාවිතකළ හැකිය. Game progression එකත් සමග අපට spirit bombs use කළහැකිය. මේවා ඉහළ ස්ථානවලට යෑමට platforms සාදාගැනීමට මෙන්ම enemies ලාට attack කිරීමටද භාවිත කළහැක.එසේම අපගේ companions වන rot ලාට අපගේ arrows හා spirit bombs සමග සම්බන්ධ වී වඩාත් powerful attacks සැපයිය හැක.
  • Offense එක මෙන්ම defense එක අතින්ද Kena ට විවිධ magical abilities ඇත. ඇයට magical pulse ability එකක් ඇති අතර මෙය enemy attacks වලින් බේරීමට තාවකාලික shield එකක් ලෙසද ක්‍රියාකරයි.එසේම මෙම pulse එක මගින් විවිධ objects activate කිරීම,හෝඩුවාවන් සොයාගැනීම මෙන්ම rot ලාව සොයාගැනීම වැනි දේද කළහැක. Game progression එකත් සමග මෙම pulse එක dash එකක් ලෙසද භාවිතකළ හැකි අතර මෙම dash එක barriers හරහා යෑමට, enemiesලා stun කිරීමට, enemy shields කැඩීමට හා enemy attacks dodge කිරීමට උපකාරී වේ.
  • ක්‍රීඩාවේදී rots ලාට හිමිවන්නේ වැදගත් ස්ථානයකි.අපගේ අරමුණු ඉටුකරගැනීමේ කාර්යයේදී ඔවුන් ඉතා වැදගත් මෙහෙවරක් ඉටුකරයි.විවිධ objects තැනින් තැනට ගෙනයාම, corrupted areas heal කිරීම, enemies ලාගේ අවධානය වෙනතකට යොමුකිරීම ආදී විවිධ tasks මොවුන්ට කළහැක. Map එක පුරා හමුවන chests මගින් ලැබෙන විවිධාකාර hats මොවුන්ට පැළඳිය හැකි අතර එම chests වලින් hats මිලදීගැනීමට අවශ්‍ය වන diamonds ද ලබාගත හැකිය. Hats මිලදීගැනීම hat carts වලදී සිදුකළ හැක.
  • විවිධ tasks සම්පූර්ණ කිරීම, rot ලාට කෑම දීම ආදිය මගින් අපට karma ලැබේ.මෙම karma අපට අපගේ ability upgrades සඳහා භාවිතකළ හැක.එසේම map එක පුරා සැඟව ඇති meditating locations වල භාවනාකිරීමෙන් Kena ගේ max health එක වැඩිකරගත හැක.
  • Puzzle solving සඳහා ක්‍රීඩාව විසින් ප්‍රධාන තැනක් දී ඇත. Game එක තුළ ඔබට විවිධ puzzles ලැබෙන අතර pulse ability වැනි abilities ද යොදාගනිමින්, අවට පරිසරයේ තිබෙන clues අනුව මෙම puzzles ඔබ විසඳිය යුතුය. Game progression එක සඳහා මෙම puzzle solve කිරීම අනිවාර්ය වේ.

System Requirements

Kena: Bridge of spirits ඔබගේ පරිගණකයේ play කිරීමට අවශ්‍ය minimum හා recommended requirements පහත සඳහන්ය……

SystemMinimumRecommended
CPUAMD FX-6100 / Intel Core i3-3220 or EquivalentAMD Ryzen 5 2600X / Intel Core i7-6700K or Equivalent
GPUAMD Radeon R7 360 2GB/NVIDIA GeForce GTX 650 Ti 2GB or EquivalentAMD RX Vega 56 / Nvidia GTX 1070 or Equivalent
VRAM2GB8GB
RAM12GB16GB
Storage25GB25GB
OS64-bit Windows 7/8.1/1064-bit Windows 7/8.1/10

Outro

2021 වසරේ නිකුත්වූ Kena: Bridge of spirits පරිගණක ක්‍රීඩාව 3rd person action-adventure ගණයට අයත්වේ.2021 game awards හිදී “Best Indie game” සහ “Best debut Indie game” යන categories වලින් සම්මානයෙන් පිදුම් ලැබූ මෙය “Best Art direction” category එක සඳහාද nominate විය. Death and afterlife යන main theme එක පාදක කරගත්තද ජීවිතයට වැදගත්, සැඟවුණු පණිවිඩ රැසක් ලබාදෙන Kena: Bridge of spirits ලෝකයේ තිබෙන ලස්සනම පරිගණක ක්‍රීඩාව ලෙසද හැඳින්වීමේ වරදක් නැත. 

Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *