Press ESC to close

මේ Firefox වල අවසානයද?

Mozilla Firefox කියන්නෙ මේ වෙද්දි තියන Chromium පදනම් වුන browsers වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් හොඳම ආදේශකය. බහුතරයක් Linux distributions වල default browser එක වගේම තමන්ගෙ online privacy එක ගැන හිතන හුඟක් පිරිසක්ගෙ තේරීම වෙන්නෙ Mozilla Firefox. මේ සියලු කාරණා මෙහෙම තිබුණත් පසුගිය වසර කිහිපය තුල Firefox භාවිතා කරන users ල ප්‍රමාණය වේගයෙන් අඩු වෙන ස්වරූපයක් පෙනුනා. මේ පිලිබඳ Firefox වෙබ් අඩවියේ පවා පැහැදිලිව සඳහන් වෙලා තියනවා.

Firefox වෙබ් අඩවියට අනුව 2018 අන්තිම කාලයේ browser එක මාසිකව පාවිච්චි කරන පිරිස මිලියන 244ක් පමණ වුනත් 2021 දෙවෙනි කාර්තුව වෙද්දි ඒ ප්‍රමාණය මිලියන 198 කට අඩු වෙලා තියනවා. ඒක මිලියන 46ක පමණ විශාල users ල අඩුවීමක්. අවුරුදු 12ක විතර කාලය සැලකුවොත් Firefox web browser එකට මිලියන 500ක විතර අති විශාල user base එකක් සහ 75% ක පමණ market share එකක් නැති වෙලා තියනවා.

Get Your Site Up with A2 Hosting

Firebox user base එක අඩු වීමට හේතු.

2021 අවුරුද්ද කියන්නෙ online privacy ආරක්ෂා කරන tools වල විශාල වර්ධනයක් දකින්න ලැබුන කාලයක්, එහෙම උනත් privacy ආරක්ෂා කිරීම මූලීක තේමාවක් කරගත් Mozilla Firefox වල දකින්න ලැබුනෙ එකදිගටම users ල අඩුවීමක්. ඉතින් මේ විදිහට Firefox වෙතින් පිරිස් ගිලිහෙන්න කාරණා කිහිපයක් මුල් වෙනවා කියල අපිට හිතන්න පුලුවන්.

  • බොහෝමයක් Android දුරකථන වල default browser එක Google Chrome වීම.
  • Windows වල default browser එක Microsoft Edge වීම සහ Edge browser එක ඉතා ඉක්මනින් පහසුකම් රාශියක් හඳුන්වාදී users ල අතර ජනප්‍රිය වීම.
  • Google.com අඩවිය Google Chrome install කරගැනීම recommend කිරීම.
  • සමහර වෙබ් සේවා Chrome-based browsers මත පමණක් ක්‍රියාත්මක වීම.

තෙවන පාර්ශවීය හේතු වලට අමතරව සමහර Firefox අතින්ම කෙරුණු වැරදි තීරණත් මේකට හේතු වෙලා තියනවා.

  • එක වර Firefox web browser එකට සිදු කරන විශාල වෙනස්කම් නිසා user experience එකට සිදුවන හානිය.
  • වසර කිහිපයක සිට සැලකිය යුතු performance ඉහල නැංවීමක් සිදු නොවීම.
  • Firefox source code එකෙහි ඇති අඩුපාඩු.
  • Online privacy රකින බව කියමින් ඇතැම් අවස්ථවල ඊට එරෙහිව යන ක්‍රියා සිදු කිරීම.

මේ ගැන ඇයි කණගාටුවිය යුත්තෙ?

ඕනම දෙයක ඒකාධිකාරයක් තියන එක හොඳ දෙයක් නෙවෙයි. මේ තත්වය අනුව Chromium-based browsers වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් එකම browser එක තමා Firefox. වර්තමානයේ හුඟක් වෙබ් අඩවි පවා optimize වෙන්නෙ Chromium browsers වල වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙන්නයි. ඉතින් මේ users ල නැති වීම දිගටම සිදු උනොත් කාලයක් Firefox භාවිතා කරපු පිරිස් වලට පවා වෙනත් browser එකක් අකමැත්තෙන් වුනත් තෝරගන්න වෙනවා.

Google ආයතනයේ chrome engine එකේ තියන බලපෑම නොසැලකුවත් Firefox කියන්නෙ Google Chrome වල නැති customization කිරීමේ හැකියාවන් ලබාදෙන, ඉතා හොඳ privacy features ලබාදෙන browser එකක්.

ලාභ නොලබන Mozilla සංවිධානය තමන්ගෙ VPN services, email relays වගේම Firefox වලටත් අවධානයක් යොමු කරල, users ලට ඇහුන්කන් දීල browser එකේ සංවර්ධන වැඩ කටයුතු කරගෙන ගියානම් මේ ඇතිවෙලා තියන තත්වය මගහරව ගන්න තවමත් අවස්ථාව තියනවා.

Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Comments (5)

  • Chandima Prasadsays:

    October 1, 2021 at 2:07 pm

    මුල් කාලේ මාත් පාවිච්චි කරේ Firefox තමයි..ඒත් නොදැනුවත්වම දැන් Google Chrome එකටම හුරුවෙලා තියෙනවා….
    Nice Article…..

  • Sandaru samudithasays:

    October 2, 2021 at 3:27 pm

    math purudu wela hitiye firefoxwalata. eth windows 10 gahanawath ekkama microsoft edge eka tina nisa mn ehemmama eka pawicchi karnn patan gattha

  • kavindu bandarasays:

    October 3, 2021 at 2:50 pm

    මම නම් පාවිච්චි කරන්නෙ google තමයි මොකද google එකෙ ගොඩක් පහසුකම් තියෙන නිසා මම google පාවිච්චි කරන්නෙ.

  • රෂිත රාජපක්ෂsays:

    October 4, 2021 at 11:36 am

    firefox කියන්නෙ මේ යන browser Unification එකට විරුද්ධව තියෙන එකම framework එක. ඒක නැති උනොත් අනික් හැම Popular Browser එකක්ම Chromium based විදිහට එනව. New Edge, Opera , Chrome – කියන්නෙ Chromium base එක. Firefox ලගෙ කඩා වැටීමට එක හේතුවක් තමයි Chrome වගේ වෙන්න ගිය එක. Version numbers පවා වැඩි කරා. ඉස්සර Version 3 ඉදන් Version 4 එද්දි තිබ්බ Feeling එක වෙනම එකක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *