Press ESC to close

CES 2024 තුලින් launch වෙන MSI සමාගමේ නවතම නිෂ්පාදන

ඇමරිකාවේදී වාර්ෂිකව පැවැත්වෙන 2024 CES (Consumer Electronic Show) ඒක සදහා ලොව ප්‍රමුඛ පෙළ සමාගමක් වන MSI සමාගම මෙවර  Ai PC, Gaming, Content Creation, Business & Productivity සහ AIOT (Ai IOT) යන කාණ්ඩ ඔස්සේ තම නවතම තාක්ෂණික උපාංග සහ නිෂ්පාදන ඉදිරිපත් කර තිබෙනව. ලොව පුරා සිටින නවතම තාක්ෂණික උපාංග මෙවලම් සදහා උනන්දුවක් දක්වන සියළු දෙනාට මෙම උපාංග, මෙවලම් අත්විදීමට Msi සමාගම ආරාධනා කරනව. මෙහිදී MSI සන්නාමය යටතේ නවතම Laptops, Desktops, Monitors, Graphic Cards මෙන්ම පරිගණක උපාංග මෙන්ම නවීනතම EV Charging පහසුකමක්ද හදුන්වා දීම සිදුවෙනව.

MSI සමාගමේ – Vice president marketing ලෙස කටුයුතු කරන Sam Chem අදහස් දක්වමින් කියා සිටියේ 2024 දී MSI සමාගමේ ප්‍රධානම ඉලක්ක අතරට Ai සමග කටයුතු කරමින් Software සහ hardware මට්ටමින් පාරිභෝගිකයාගේ වැඩකටයුතු වල ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාවය ඉහල නැංවීම MSI සමාගමේ ප්‍රධානම අරමුණක් වන බවයි. එමෙන්ම MSI සමාගමේ High Performance PC හරහා වැඩි Computational ධාරිතාවක් අවශ්‍ය වන AI කටයුතූ වලටත් සහය ලබාදිය හැකි නිෂ්පාදන රැසක්ම පවතින අතර මේවා හරහා ඒදිනෙදා වැඩකටයුතු පහසු සහ කාර්යක්ෂම කරගැන්මට හැකි බවත් ඔහු පැහැදිලි කලා.

Get Your Site Up with A2 Hosting

මෙවර CES 2024 දි MSI සමාගම ඉදිරිපත් කරන නිෂ්පාදන වලින් කැපී පෙනෙන උපාංග ලෙස

  • MSI 18 inch Gaming Laptops
  • MSI Claw Handheld Gaming Device
  • GeForce RTX 4080 Graphics Cards
  • Next-Gen QD-OLED Gaming Monitors
  • 14th Gen Ai Gaming Desktops
  • PC Components
  • Next Gen MSI Gear Series
  • WiFi Roamii Mesh System
  • MSI Smart EV Charger යන උපාංග සදහන් කල හැකියි.

MSI GeForce RTX™ 4080 SUPER 16G EXPERT Graphics Cards

MSI සමාගම RTX 4080 SUPER 16G EXPERT Graphic Card ඒක Push – Pull Airflow Design එකක් යටතේ නිපදවා ඇත්තේ එහි සිසිලන කාර්යක්ෂමතාවය ඉහලම අගයක පවත්වා ගැනීම සදහායි. Aluminum Diecasting තාක්ෂණය සහ හොදම අමුද්‍රව්‍ය යොදාගනිමින් නිපාදවා ඇති RTX 4080 Super 16G Expert Graphic Card එක තුල ඇති patent කල Fan Design ඒක සහ Core pipe – Vapor Chamber තාක්ෂණය නිසා තාපය GPU ඒකෙන් පිටතට කාර්යක්ෂමව පිටකිරීමෙන් Nvidia RTX 4080 Super Chip ඒකේ උපරිම Performance ඒකක් ලබාගැනීමට හැකියාව ලැබෙනව.

MSI MPG 491CQP QD-OLED Gaming Monitor

Gaming & eSports සහ Computer Perpherals & Accessories යටතේ සම්මානයට ලක්වූ Msi සමාගමේ පළමු අගල් 49ක QD-OLED Gaming Monitor එක 5120 x 1440 resolution එකක් සහ 32:9 Aspect Ratio එකක් යටතේ සුපැහැදිලි දසුන් නිර්මාණය කිරීමට සමත් අතර 1800R Curvature ඒකක් සහිතව Quantum Dot තාක්ෂණය OLED සමග එක් කරමින් සජීවී වර්ණ ලබාදීමට සමත් වෙනව. TRUE Black 400 Certification ඒක සහ 0.03ක GTG Response එක සහිතව144hz Refresh rate සමගින් පුළුල් තිරයක් මත පැහැදිලි අකුරු පෙන්වීම සදහා Subpixel Layout තාක්ෂණයෙන් යුත් අතර රූප තවදුටත් වැඩිදියුණු කිරීමට Graphane Film එකක් සාමාන්‍ය තිරයට පිටුපසින් යොදා තිබෙනව.

MSI Next-Gen QD-OLED Gaming Monitors

Msi සමාගමේ QD-LED Monitor සදහා නවතම QD-OLED තිර යොදාගනිමින් Curved සහ Flat ලෙස තිර මාදිලි නිෂ්පාදනය වෙන්නෙ තියුණු රූප නිවැරදි වර්ණ සමග පැහැදිලි අකුරු පෙන්වන අතරම true Black levels සමග හොදම picture Quality ඒකක් සහිත Gaming Monitors ලබාදීමේ අරමුණ ඇතිවයි. MSI OLED Care 2.0 තාක්ෂණයද මේ හා සමගම දියුණු කරමින් දිගු කාලයක් OLED Panels භාවිතා කිරීමේදී OLED තිරවලට විය හැකි හානි අවම කිරීම සදහාත් Msi සමාගම කටුයුතු කරන්නේ පාරිබෝගිකයාට දිගු කාලයක් ගැටළු රහිතව භාවිතා කල හැකි ගුණාත්මක උපාංග නිපදවීමට තමන්ගේ කැපවීම පෙන්වමින්.

OLED තිරය පිටුපස ඇතිරීමක් ලෙස යොදා ඇති graphene ස්ථරය නිසා තාපය කාර්යක්ෂමව පිටතට සන්නයනය කිරීම නිසා OLED තිර සදහා දිගු ආයු කාලයක්ද Fan-less Design ඒකක් භාවිතය නිසා Silent Product එකක් නිපදවීමටත් මෙහිදී හැකිව තිබෙනව. මේ අතරම MSI Gaming Intelligence Ai සහ 90W Type C Connectors සහිත මෙම QD-OLED Gaming Monitors – හොදම වර්ණ සුපැහැදිලි දසුන් සමගින් උපරිම Gaming Experience එකක් ලබාගැනීම සදහා අවධානය යොමු කරන සෑමදෙනාගේම හොදම තේරීමක් බවට පත්නු ඇති.

MSI All-New 14th Gen AI Gaming Desktops

MSI සමාගම Ai Gaming පරිගණක මාදිලි 3ක් නිකුත් කරනු ඇති අතර මේවා

  • MPG Trident AS 14th
  • MAG Infinite S3 14th
  • MAG Codex 6 14th ලෙස නම් කර තිබෙනව.

නවතම intel 14th gen Core Processor සහ Nvidia Geforce RTX 4070 GPU සමගින් සවිබල ගැන්වෙන මෙම පරිගණක Ai සහ processing power එක සමබරව ලබාදීමට නිපදවා තිබෙනව. MSI FROZR Ai Cooling සමගින් උෂ්ණත්ව වෙනස්කම් නිසි ආකාරයට පාලනය කිරීමට Advanced Ai Algorithms යොදාගැනීම හරහා optimal performance එකක් ලබාදිය හැකියි.

හදුන්වාදෙන නවතම MSI Ai Engine එක මගින් ඔබ විවෘත කරන Software එකට අනුව Performance settings, RGB Lighting, Audio Profiles මෙන්ම තිරයේ වර්ණ භාවිතාව පවා user input එකකින් තොරව තේරීමට සමත්. මෙම නව අංග අතරට එක්වෙන AI Artist software එක හරහා Text to Image – Image to Image ජනනය කිරීමට AIGC SOFTWARE එකක් ලබාදීම MSI සමාගමේ නව අත්හදා බැලීම් සහ නිෂ්පාදන ගැන හොදම උදාහරණයක්.

MSI Titan 18 HX Gaming Laptop

CES 2024 Innovation Awards වලදී Gaming, eSports සහ Artificial Intelligence යන කාන්ඩවලින් ප්‍රශංසාවට ලක්වූ MSI Titan 18HX Gaming Laptop එක නව අංග එක් කරමින් වැඩිදියුණු වීම් වලට ලක්ව තිබෙනව. Haptic feedback සහිත Touchpad එකක් Cherry Switches සමග Mechanical Keybaord එකක් සහ නවතම intel 14th gen core i9 Processor එකක් සම Nvidia RTX 40 GPU එකක් සමගින්  අසමසම Performance එකක් ලබාදීම එකම අරමුණ කරගනිමින් නිපදවා තිබෙනව.

මෙම performance එක අත්විදීම සදහා අගල් 18ක 4K 120Hz mini LED තිරයක් සහ 270W සම්පූර්ණ බලයක් ලබාගැනීමටත් RAM එක 128GB දක්වා මෙන්ම Storage එක 6TB දක්වා වැඩි කරගැනීමටත් මෙහිදී හැකියාව පවතිනව.

MSI Raider 18 HX Gaming Laptop

නවතම intel 14th gen core i9 Processor සහ RTX 40 Series GPU සමගින් බලගැන්වෙන MSI Raider 18HX Gaming Laptop සදහාද MSI Over boost Ultra තාක්ෂණය හරහා 250W සම්පූර්ණ බලයක් ලබාගැන්මටත්, එම බලය Performance ලෙස අත්විදීමට අගල් 18ක 4k mini LED 120 Hz Display එකක් ලබාදී තිබෙනව. MSI සමාගමේ සංකේතාත්මක Matrix Light bar එක සහ නවතම හදුන්වාදීමක් වන 3D Stand එක මගින් Cooling Airflow එක වැඩි වශයෙන් ලබාගැන්ම හරහා performance එක වැඩි කිරීමටත් දායක වෙනව.

MSI Stealth 18 AI Studio Laptop

නවතම intel 14th gen CPU හරහා පණගැන්වෙන Msi Stealth Ai Studio Laptop එක Nvidia RTX 40 Series Graphics සමගින් Magnesium Alloy body එකක් සහිතව නිපදවෙන්නේ වෙළදපොලේ බරින් අඩුම 18 inch Gaming Laptop එක බවට පත්වෙමින්. හොද කල්පැවැත්මක් හොදම Gaming Experience එකක් ලබාදීමට Msi සමාගම මෙහිදී 18 inch 4K 120Hz mini LED display එකක් MSI Stealth Ai Studio Laptop එකට ලබාදීමට කටුයුුතු කර තිබෙනව.

MSI Claw Gaming Handheld

intel core ULTRA CPU එකක් මගින් පණගැන්වෙන ලොව පළමු handheld gaming console එක ලෙස MSI සමාගමේ MSI Claw Handheld Gaming Console එක CES 2024දී සුවිශේෂී ස්ථානයක් හිමිකරගන්නව. Msi සමාගමේ MSI Center, MSI App Player හරහා android Games support එක මෙන්ම පැය 2ක් දක්වා Gaming කල හැකි 53Whr Battery එකත් සමග Msi Claw – Handheld Gaming වලට නව මානයක් එක් කිරීමට නියමිතයි.

වැඩි වෙලාවක් Gaming කිරීම සදහාම නිපදවූ අංග අතරට Cooler Boost Hyper-flow තාක්ෂණය සමගින් අනෙක් Handheld Gaming Console වලට වඩා 50%ක air flow එකක් ලබාදීමටත් Interflow Thermal Design එක හරහා කාර්යක්ෂමව සිසිලනය කිරීමත් නිසා හොදම Gaming Performance එකක් MSI Claw එක හරහා ලබාගැන්මට හැකිවෙනව.

MSI Cubi 6 1M / Cubi 6 13M Mini PC

Monitor එක හරහාම PC එක On කිරීම සිදුකල හැකි HDMI-CEC තාක්ෂණයට සහාය දක්වන MSI Cubi 6 Mini Desktop Series එක intel raptor lake – U Processor සහ DDR5 RAM සමගින් නිකුත් වන්නේ Thunderbolt 4 සහාය සමගින්. එකම Cable එකක් හරහා monitor එකක් සම්බන්ධ කිරීම සහ බලගැන්වීම කල හැකි Power Delivery සදහාද මෙම Thunderbolt 4 පහසුකම හරහා අවස්ථාව උදා වෙනව. Display 4ක් දක්වා සම්බන්ධ කිරීමට මෙන්ම අඩු ඉඩක් තුල intel vPro තාක්ෂනයටත් සහාය දක්වන Mini PC Solution එකක් ලෙස MSI Cubi දැක්විය හැකිවෙනව.

MSI PROJECT ZERO Delivers ‘Zero-Cable’ View with Exclusive Back-connect Motherboard and Case

Desktop සදහා Cable Management වලට නවතම මානයක් එක්කරමින් MSI Project Zero සදහා සහය දක්වන Motherboards සහ Casings නිකුත් කිරීම Msi සමාගමේ නව අත්හදාබැලීම් තුලින් DIY PC Building සදහා එක් කරන නවතම අංගය බවට පත්වෙනව. PC එකක තිබෙන Cable සියල්ලම Motherboard එක පිටුපසට ගෙනයමින් intel මෙන්ම නවතම AMD build සදහාද සහය දක්වන Motherboards සහ Casing පහත පරිදි වෙනව.

MSI PROJECT ZERO Motherboards:

  • Z790 PROJECT ZERO
  • B760M PROJECT ZERO
  • B650M PROJECT ZERO

MSI PROJECT ZERO Cases:

  • MEG MAESTRO 700L PZ
  • MAG PANO 100 PZ Series
  • MAG PANO M100 PZ Series

MSI PC Components for DIY Enthusiasts

MSI සමාගමේ PC Components මෙවර වඩාත් සිත්ගන්නා සුළු මෙන්ම වඩාත් පහසු ලෙස භාවිතා කිරීමට හැකි වන ලෙස Motherboards (තෝරාගත්) 7-pin cable to the JAF1 header එකක් හදුන්වාදීම මෙන්ම Magnetic Connection එකක් හරහා සම්බන්ධ කල හැකි MPG EZ120 ARGB fans හදුන්වා දී තිබෙනව.

MAG Core liquid Coolers සදහා නව mirror block head එකක් මෙන්ම PCIe 5.1සහ ATX 3.1 සදහා සහය දක්වන MAG A series Power supply හදුන්වාදීමත් සමග නවතම Nvidia Graphics Cards 3ක් දක්වා සහය ලබාදීමත් සිදුවෙනව.

CES 2024 Innovation Awards Honoree: MSI MEG Z790 ACE MAX Motherboard

Computer Hardware & Components කාණ්ඩය යටතේ ගෞරවයට ලක්වූ  MSI MEG Z790 ACE MAX Motherboard එක නවතම intel 13th සහ 14th gen සදහා සහය දක්වන සුවිෂේශී ගුණාංග වලින් යුත් motherboard එකක් ලෙස දැක්විය හැකියි. DDR 5 යටතේ 7800+ Hz වේගයන් දක්වා සහය දැක්වීම Dual Thunderbolt ports මෙන්ම WiFi 7 පහසුකම සහ Dual 2.5G LAN සමගින් අධි වෙිගී සම්බන්ධතාවයන් පවත්වා ගනිමින් උපරිම performance එකක් ලබාදීම මෙහි අරමුණ වෙනව.

CES 2024 Innovation Awards Honoree: MSI MAG CORELIQUID E Series

Ceramic සමගින් නිමවා ඇති නව MSI MAG Core Liquid Coolers වල Water pump එක මගින් සාමාන්‍ය Metal Water Pump වලට වඩා වැඩි කාලයක් භාවිතා කල හැකි නිෂ්පාදනයක් සහ Leak වීම අවම කරන වැඩිදියුණු කිරීම් සිදු කර තිබෙනව. Cooling Head එක අංශක 270ක Rotation එකක් හරහා අවශ්‍ය ඕනෑම ආකාරයකට සවි කිරීමටත් MSI Center Software එක තුල ඇති mystic light utility එක හරහා සියළුම Lighting පාලනය තුලින් ඔබට ගැලපෙන Lighting effects ලබාගත හැකියි.

MSI SPATIUM M580 PCIe 5.0 NVMe M.2 FROZR LIQUID SSD

MSI SPATIUM M580 PCIe 5.0 NVMe එක දැනට ලොව වැඩිම Speed එකක් ඇති Storage Device අතරට එක්වන්නේ Read / Write speeds – 14,000 / 12,000 MB/s ලබාදෙමින්. M.2 FROZR LIQUID තාක්ෂණය සමග Water Pump එකක් සහ Pipes එක් කරමින් තනි හුරුබුහුටි Device එකක් ලෙස මෙය නිර්මාණය කිරීමට Msi සමාගම කටයුතු කර තිබෙනව. MSI SPATIUM M580 NVMe එක 1TB, 2TB සහ 4TB Capacity වලින් ලබාගත හැකියි.

Meet the Next-Gen MSI Gear Series

Msi සමාගමේ නවතම STRIKE Keyboards, VERSA MICE සහ FORCE Controllers වල බරින් අඩු අතට පහසු Ergonomic Design එකක් ලබාදී තිබෙනව. වේගවත් Wireless Connectivity එකක් සමග MSI sonic Switches ඇතුලත් කිරීම මගින් වේගවත් Typing inputs සහිත Gaming Keyboards නිපදවන Msi සමාගම 26,000 DPI දක්වා සහය දක්වන Optical Switches භාවිතය තුලින් වඩාත් පහසුවෙන් භාවිතා කල හැකි ලෙස Buttons 13ක් දක්වා සහය ලබාදෙන VERSA wireless Mouse එක නිකුත් කරන්නෙ Msi Gear සමගින් හොදම Gaming Experince එකක් ලබාගැනීම තවත් පහසු කරමින්.

XBOX සදහාම නිපදවා ඇති The Force Controller එක Hall Effect sensors සහ මාරුකල හැකි Thumb sticks සමගින් අවශ්‍ය ලෙස වෙනස් කර ගත හැකි Button Config සමග PC එකටත් භාවිතා කල හැකි Gaming Controller එකක් ලෙස නිපදවා තිබෙනව.

MSI WiFi 7 Roamii Mesh System

4K/8K streaming, online gaming, and immersive AR/VR entertainment සදහා වඩාත් බලවත් WiFi 7 Mesh System එකක් නිර්මාණය කිරීම සදහාම නිපදවා ඇති Msi Roamii series Mesh system එක ultra wide 320Mhz Freueqncy bands භාවිතා කරමින් වැඩි වේගයක් සහ අඩු latency එකක් සහිත WiFi mesh එකක් නිර්මාණය කරනව.

Roamii Mesh system එකේ උපාංග අතර Smart backhaul තාක්ෂණය භාවිතා කරමින් 10Gbps Wireless Speed එකක් පවත්වා ගන්නා මෙම System එකට 21Gbps දක්වා වේගයක් සම්බන්ධ වන උපාංග වලට ලබාදීමේ හැකියාව තිබෙනව. මෙවන් අධිවේගී ජාලයක ආරක්ෂාව උපරිමව පවත්වා ගැනීම සදහා අනාරක්ෂිත සම්බන්ධතා හරහා එල්ලවිය හැකි Attacks වලින් උපාංග ආරක්ෂා කිරීමටත් MSI සමාගම  MSI FortiSecu තාක්ෂණය මේ හා එක්කර තිබෙනව.

MSI EV Charging Solutions

Msi EV Ai Smart EV Charger එක හදුන්වා දෙන්නේ Ai තාක්ෂණය හරහා වාහන හදුනාගෙන Pay per charge හැකියාව සහිත EV charging stations පහසුවෙන් ඇති කිරීම සදහායි. 14.4kW/60A දක්වා සහය දක්වන MSI Ai Smart Charger එකක් හරහා energy management system (EMS), dynamic load balancing (DLB), RFID card, and charging scheduling මෙන්ම mobile app and cloud platform සම්බන්ධතාවයක් සහ QR code payment සදහාත් සහය දක්වනව.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *