- 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Mobile connections වලට Number Portability හඳුන්වා දෙන එක කාලයක් තිස්සෙ ලංකාව ඇතුලෙ කතා වෙච්ච දෙයක්. මේක ලංකාවට අලුත් දෙයක් උනාට හුඟක් විදේශ රටවල මේක හඳුන්වල දීල ගොඩක් කල් වෙනවා.

සරලවම මේකෙන් වෙන්නෙ මේකයි, දැනට අපි දන්න පරිදි අපේ Mobile Service Providers ලට වෙන් වෙච්ච number codes ටිකක් තියනව 071, 072, 075, 077 සහ 078 වගේ. අපිට එක service provider කෙනෙක්ගෙ ඉදල තව කෙනෙක්ට මාරු වෙන්න ඕනනම් අනිවාර්‍යෙන් අපේ නම්බර් එක වෙනස් කරන්න වෙනව. ඒත් NP ක්‍රමය හඳුන්වා දෙනවත් එක්ක අපිට අපේ මුල් නම්බර් එක වෙනස් නොකරම කැමති service provider කෙනෙක්ට මාරු වෙන්න පුලුවන්.

Mobile, Internet Service එක ගැන සෑහිමකට පත්වෙනවද?- ReviewSriLanka.com

Mobile Number Portability එක එක රටවල්වලට හඳුන්වා දුන්න අවුරුදු පහත සඳහන් වෙනවා.

අපි බොහෝවිට අපේ service provider හරියට සේවාව සැපයුවෙ නැතත් වෙන service එක්කට මාරු වෙන්න පැකිලෙනව මොකද කාලයක් පාවිච්චි කරපු නම්බර් එකක් වෙනස් කරන්න ගොඩක් අමාරු නිසා. අපේ නම්බර් එක තියන අයව දැනුවත් කරන්න ඕන, නම්බර් එක භාවිතා කරල මොනවටහරි register වෙලා තියනවනම් ඒව වෙනස් කරන්න ඕන වගේ අසීරු වැඩ ගොඩක් කරන්න වෙනවා. ඒත් මේ number portability සේවාව හඳුන්වාදීමත් එක්ක අපිට උඩ කීව අසීරු දේවල් මග හැරල තමන්ගෙ පරන නම්බර් එකම භාවිතා කරල කැමති service provider කෙනෙක්ට මාරු වෙන්න අවස්ථාව සලසනවා. මේක පාරිභෝගිකයො විදිහට ලොකු වාසියක් වගේම service providers ල අතරත් තරඟය වැඩිවෙලා වඩා හොඳ සේවාවක් පාරිභෝගිකයන්ට ලබා දෙන්න එයාල පොලඹවනවා.

මේ Number Portability සේවාව හඳුන්වා දෙන්න කලින් ඒ පිලිබඳ මහජන මතය විමසීම TRCSL ආයතනය දැන් ආරම්භ කරල තියනවා. NP හඳුන්වා දෙනවත් එක්ක එන තාක්ෂණික ගැටලු වලට විසඳුම් දෙන්නත් අවස්ථාව ඒ පිලිබඳ උනන්දු පාර්ශව වලට දැන් පුලුවන්.

Public Consultation Paper on Implementation of Number Portability

ඉහත ලින්ක් එකට ගිහින් ඔයාලට ඒ අවශ්‍ය document එක download කරගන්න පුලුවන්. ඒ document එකේ Number Portability සේවාව කොහොමද implement කරන්නෙ කියන එක විස්තරාත්මකව සඳහන් කරල තියනවා. ඒ වගේම ඒත් එක්ක එන ප්‍රශ්නත් සඳහන් කරල තියනවා. අපිට පුලුවන් NP ගැන අදහස් වගේම සඳහන් කරල තියන තාක්ෂණික ගැටලු වලටත් විසඳුම් එයාලට යවන්න.

nw@trc.gov.lk මේල් එකෙන් හරි Director General, Telecommunications Regulatory Commission of Sri Lanka, No. 276, Elvitigala Mawatha, Colombo 08. කියන තැපැල් ලිපිනයට පෙබරවාරි 12ට කලින් මේ පිලිබඳ ප්‍රතිචාර යවන්න ඔයාලට පුලුවන්. මේක වගකීමක් විදිහට සලකල කරන එක බොහෝදුරට හොඳයි. මොකද Number Portability සේවාව හඳුන්වාදීමත් එක්ක වැඩිවෙන්නෙ Telco companies වල තරඟකාරීත්වය. ඒත් එක්ක පාරිභෝගික අපිට වාසිදායක හොඳ සේවාවක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.

43 COMMENTS

  1. වැඩේ නම් හොඳයි. ඒත් මට නම් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.. අපි උදාහරණයකට හිතමු මට මේ වගේ 076-1234 ඩයලොග් අංකයක් තියෙනවා කියලා. මට ඩයලොග් සේවාව තෘප්තිමත් නැති නිසා, වෙනත් සේවාව ආයතනයකට මාරුවෙනවා. උදාහරණයක් විදිහට මම මොබිටෙල් සමාගමට මාරුවෙනවා. ඒ අනුව මේ නව ක්‍රමයට මොබිටෙල් සමාගමෙන් මට ලැබෙන අංකය වෙන්නේ 071-1231234 මේ විදිහට වෙන්න ඕනේ. හැබැයි මට තියෙන ගැටලුව මම මොබිටෙල් සමාගමට මාරුවෙන්න කලින් අදාල මොබිටෙල් සමාගමට 071-1231234 අංකයට පාරිභෝකයෙක් සිටින්නට තියෙන අවස්ථාව වැඩියි. මම ඒ අත් දැකීම විඳලා තිබෙනවා. ඒ කියන්නේ දැනට මම පාවිච්චි කරණ දුරකතන අංකයම (මෙහි සඳහන් කිරීමට නොහැකියි) වෙනත් දුරකතන සමාගමට අයටත් මුල් 071, 072, 075, 077 සහ 078 යොදා ඇමතුම් ගැනීමේදී අදාල සමාගමට අයත් පාරිභෝගිකයෙක්ගේ දුරකථනය නාදවී සම්බන්ධ කර අත්හදා බලා තිබෙනවා. එතකොට එවැනි ගැටලුව නිරාකරණය කර ගන්නේ කෙසේද?????

        • මම හිතන්නේ ඔයාලට මම කියපු එක පැහැදිළිවුනේ නෑ. මෙහෙම හිතන්න දැනට ඔබ පාවිච්චි කරන ජංගම දුරකතන අංකයේ මුල් අංක තුන (බින්දුව ඇතුළුව) වෙනස් කරලා, ඉතුරු ඔබේ අන්තිම අංක හත ගහලා ඩයල් කරලා බලන්න. බොහෝ දුරට වෙන කෙනෙක් සම්බන්ධ වෙනවා දකින්නට පුළුවන් වේවී. ට්‍රයි කරලා බලන්න.

          • ඔයගෙ 076 123456 number එකේ කිසිම වෙනසක් වෙන්නෙ නෑ ඔයා මොන සේවාවකට මාරු උනත් ඔයගෙ පරන number එකමයි ඔයට ලබෙන්නෙ එ කියන්නෙ 076 123456 nambar එකමයි mobitel වලට මාරු උනා කියල 071 ඔයාට ලැබෙන්නෙ නෑ

          • අනිවාරෙන් එහෙම වෙනව. පරන ඩිඇක්ටිව් නම්බර් ඇක්ටිව් කරද්දී වගෙ සර්විස් එක මාරු නොවුනත් ඒ කේස් එක තියනව

      • මම හිතන්නේ ඔයාලට මම කියපු එක පැහැදිළිවුනේ නෑ. මෙහෙම හිතන්න දැනට ඔබ පාවිච්චි කරන ජංගම දුරකතන අංකයේ මුල් අංක තුන (බින්දුව ඇතුළුව) වෙනස් කරලා, ඉතුරු ඔබේ අන්තිම අංක හත ගහලා ඩයල් කරලා බලන්න. බොහෝ දුරට වෙන කෙනෙක් සම්බන්ධ වෙනවා දකින්නට පුළුවන් වේවී. ට්‍රයි කරලා බලන්න.

        • මුල් අංක 3 වත් වෙනස් වෙන්න නෑනේ. තියෙන නම්බර් එක ඔහොමමයි. දැනට රටවල් 30.කට වැඩිය භාවිත වෙනවා. කොහොමත් 5G වලට ගොඩක් දුරකථන සේවාව සපයන්නන් SIM භාවිතා කරන්නෙත් නෑ

        • pissuda ane oyata? oya me kiyala thiyana de therum aran na… hahahaha.. meken kiyanne wena ISP kenek ta change unama oyage number eka change wenne na.. yanne koheda, malle pol ne oya

    • මේ ක්‍රමය ක්‍රියාත්මක වූ පසු number එකෙන් dialog , mobitel කියන එක හොයන්න බෑ

      • හොයන්න බැරි එක නෙමෙයි ගැටලුව. තව පාරක් කොමන්ට් එක කියවලා බලන්න මිත්‍රයා.

        • නෑ ඔයා තේරුම් අරන් තියෙනවා වැරදි. ඒක එහෙම නෙමෙයි වෙන්නේ. දුරකථන අංකයේ කසිම ඉලක්කමක් වෙනස් වෙන්නේ නෑ මෙතනදි. වෙන්නේ දුරකථන සමාගම වෙනස් වෙන එක විතරයි. උදාහරණයක් විදියට අනාගතයේදී 0712 න් පටන්ගන්න Dialog අංක තියෙන්න පුළුවන්..

        • මේකෙ කියල තියෙන දේ ඔබට තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් තීන්නේ..

        • මෙහෙමයි බ්‍රෝ 071-6610222 කියන මොබිටෙල් නම්බර් එක තියෙන මම ඩයලොග් වලට මාරු වුනාම එන්නෙත් මේ නම්බර් එකම තමයි ඒ කියන්නේ 071-6610222 ඩයලොග් මෙහෙම වෙනස් වුනා කියලා අවුලක් වෙන්නේ නෑ මොකද ලංකාව ඇතුලෙ මේ වගේ නම්බර් තියෙන්න ඕන එකයි. දැන් වුනත් 071-6610222 කියලා නම්බර් දෙකක් තියේනම් ඒක ලොකු අවුලක්

        • ඔයාගේ dialog නොම්මරේ 076-1234 නම් ඔය mobitel වලට මාරු උනත් නොම්මරේ 076-1234 හැටියටම තියෙනවා. එකට තමයි Number portability කියන්නේ.

          • සංජීව උන්නැහේට තේරෙන් නෑ. පැහැදිලි කරන කාලය අපරාදේ

    • මෙතනදී 077ඩයලොග් 071 මොබිටෙල් කියල කතාවක් නෑ ඕනම අංකයක් වෙනස් නොකර සර්විස් ප්‍රවයිඩර් විතරයි මාරු වෙන්නේ…077 අංකයම මොබිටෙල් විදිහට භාවිතා කරන්න පුලුවන්…

    • හරි සරලයි. ඔබේ පැරණි අංකයම අලුත් සේවා සපයන්නා යටතේ ලබා ගන්න පුලුවන්.

      • The only issue is it will be impossible to find the caller in which network, specially for sms as in details it say may be recoding will go that the number that is in portable say in which network.
        currently I use 395 dialog package 1000 min D2D 1000 sms D2D and a mobitel prepaid upahara 295 1000mints M2M and land line and 1000 sms M2M. and I call according to the free minutes I use sms as the same. If this implement the operators will charge us saying the numbers are not in the
        there network and in other network and the users will have to pay lot of money for calls.

    • මේකෙදි කිසිම අවුලක් වෙන්නෙ නෑනේ..දැන් (අද විදියට) 0711234567 නම්බරේ මොබිටෙල් එකෙන් මට දීලා තියෙනවා ඩයලොග් එකෙන් ඔයාට දෙනවානම් දෙන්නේ 0771234567 නේ.
      ඉස්සරහට කරන්න යන්නේ මම මට ඩයලොග් වලට මාරුඋනත් මට දෙන්නේ 0711234567 හච් වලට ගියත් ඒ නම්බරේ. මේක වෙන කාටවත් මේ වෙද්දී ඉශූ වෙලා තියෙන්න බෑනේ. මොකද නම්බර් එක unique නේ

  2. Meka awoth nm godk watinawa apita .eka eka sp lage loku line balanta one na kamathi ekata hithe hatiyata maru wenta puluwan.ethakotawath coverage ehema hadai samaharawita.eeth nw@trc.gov.lk mekata mail ekak yawanta bane ay ee?

    • Ethakota packej ekakuth adala wenne maruwena network ekeda nathnam number ekata adala packej da. Ex. 078 number ekak use karanawanam youtube 147 I. Api mobitel network ekata maru unoth eth hutch packej ekamada. Mobitel packej cause wenne

    • Ethakota packej ekakuth adala wenne maruwena network ekeda nathnam number ekata adala packej da. Ex. 078 number ekak use karanawanam youtube 147 I. Api mobitel network ekata maru unoth eth hutch packej ekamada. Mobitel packej cause wenne

      • MObitel pakake tamai ethakota . oya Hutch eke ganudenu ivara karala mobitel yanawa ethkota iyata hutch eva pavichi kranna beha

  3. මුන් මේ අංක මාරු කරන්න කතා කරනවා..ඒත් ඒකට පාරිබෝගික සහය ඉල්ලන්නේ කොළ පුරවලා එවන්න කියලද? දැන් අපේ එවුන් පණ දාගෙන ඕව ප්‍රින්ට් කරලා ෆිල්ල් කරලා යවාවි මෙන්න කියලා..ඇයි online form එකක් වගේ හදලා දාන්න බැරි data collect කරගන්න?

    • සිරාවට බන්. එපා වෙනවානේ. අඩුම ගූගල් ඩොක් එකක්වත් දාන්න බැරිද?
      විදුලි සංදේශන නියාමන කොමිසම.
      සයිට් එක දැක්කම සසර කල කිරෙනවා

  4. 100% agree. meken ISP la sidda wenawa service ake qlity aka wedi karanna ganan chutta chutta wenas nokara. aka godak hodai. apita wasi wage Gov. aken inna nisa podi safe aka tikak wedi wei. boruwata packges hadala minissu tawattapu kale iwarai.

    anika TRCSL akath oka Email karanna kiyannethuwa. account akak create karan google forms wage akak demma nam minissu fill karai aka.

  5. Comments දැක්කම හැමෝටම මේක පැහැදිලි නැති බව පෙනෙන නිසා ලියනවා.

    මෙතනදි වෙන්නේ ඔබගේ සේවා ආයතනය මාරු කරනවිට සම්පූර්ණ අංකය උද: 07x-1234567 නව ආයතනය වෙත අරන් යෑමේ පහසුමකයි. එතකොට ඔබගේ අංකය ඔබ හා බැඳුණු අංකයක් මිස තව දුරටත් සේවා ආයතනය හා බැඳුණු අංකයක් වෙන්නේ නැහැ.

    මෙතැනදී කරන්නේ ඔබගේ දැනට තියෙන ගිවිසුම හමාර කර අලුත් ගිවිසුමක් අලුත් ආයතනය සමග අත්සන් කිරීමක් නමුත් අංකය වෙනස් නොවී. ඉතින් ඔබ ඊට පසුව ගෙවන්නේ අලුත් ආයතනයේ ගාස්තු.

  6. සිම් එක දාන්නෙ ඔතනට නෙවෙයි.
    ඔය චාජින් පින් එක ගහන තැන.
    උඩ පොටෝ එකේ.

  7. ඇත්තටම මෙක ඉතාමත් හොද වැඩක ක්‍රියාත්මක වූවහොත් !

  8. Haiyo katawat me kiyala tiyena de teren na ekko mata teren na …

    Man danata use karana mobitel no 0712222222 kiyamu ..,
    Oya kramedi dialog walata Maru unama 0762222222 wenuwata ekama cord 1 kiyala ne kiyanne

    Habai

    Prashne danata dila sitiyena sim anuwa .. 1 ma no 1ka .. company 2ka customer la 2k use karana puluwan ?

    Ekata mokada karanne ?

    • 0712222222 me number eke oyata dialog da mobitel da Hutch da Airtel da use karanna puluvan. katakara kene danne nehe oya inne mona network ekeda kiyala
      0712222222 ekama tamai.
      etakota pone number eke ID card wage lankawatama ekama number ekai onma network ekekata

  9. The only issue is it will be impossible to find the caller in which network, specially for sms as in details it say may be recoding will go that the number that is in portable say in which network.
    currently I use 395 dialog package 1000 min D2D 1000 sms D2D and a mobitel prepaid upahara 295 1000mints M2M and land line and 1000 sms M2M. and I call according to the free minutes I have sms as the same. If this implement the operators will charge us saying the numbers are not in the
    there network and in other network and the users will have to pay lot of money for calls.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here