Press ESC to close

3 වෙනි පරම්පරාවේ AMD Thread Ripper

අපි සාමාන්‍යෙන් දන්නෙ ගොඩක් වෙලාවට අපේ පරිගණකවලට භාවිතා කරන ප්‍රොසෙසර් එක ගැන විතරයි. ඒකත් බොහෝ වෙලාවට අපිට අපේ Desktop එක හෝ laptop එක ගන්න කඩෙන් අපිට මේ ගැන හදුන්වල දෙන දේ තමයි ගොඩක් වෙලාවට දන්නෙ, ටික දෙනෙක් විතර මේ පරිගණකයක තියෙන ප්‍රොසෙසර් එක ගැන ටිකක් උනන්දුවෙන් බලනව තමන්ට හරියන වැඩ ටික කරගන්න ගන්න ප්‍රොසෙසර් එකේ වේගය පිලිබදව.

හුගක් වෙලාවට වෙලදපලේ සාමන්‍යෙන් ගන්න තියෙන්නෙ intel එහෙමත් නැත්තන්ම් AMD ප්‍රොසෙසර් හෝ ප්‍රොසෙසර් සහිත ලැප්ටොප් මාදිලි පමණයි , ලංකාවෙනම් බොහොමයක් එහෙමයි , ඒ වගෙත් ඉන්ටෙල් නම් core i3 i5 i7i i9 වෙනකන් දැන් තියෙනව AMD Ryzen 3, 5, 7, 9 වෙනකන්ම දැන් තියෙනව ඉතින් මේ ප්‍රොසෙසර් වල තියෙන වේගයට වඩා වැඩියෙන් වේගවත් ප්‍රොසෙසර් තියෙනවද? තියෙනව නම් ඒව යොදාගන්නෙ මොකටද කියන කාරනවත් මෙතනදි සාකාච්ජා කරන්න වටිනව.

Get Your Site Up with A2 Hosting

අපි බොහොමයක් නොදැනුවත් උනාට එදිනෙදා සාමන්‍ය වැඩ කටයුතු සහ පරිගණකයෙ බහුලව භාවිතාවෙන මෘදුකාංග මන් ඉහත සදහන් කරපු ප්‍රොසෙසර් මාදිලි වල බොහොමයක් අපට සරලව ලේසියෙන් භාවිතා කරන්න පුලුවන් උනත් යම් යම් අවස්තාවලදි කාර්‍යක්ශමව කරගැනීමෙ ගැටලු ඇති වෙන්නෙද නැතිව නෙමෙයි. ඒත් ඒක එතරම් බලපෑවෙ නැති වුනත් බොහෝ වෙලාවට ත්‍රිමාන සජීවිකරන 3D Animation සහ වීඩියෝ නිර්මාන Video Rendering ඒ වගේම චිත්‍ර පට , කාටූන්  වැනි විශාල ව්‍යාපෘති සදහා පරිගණක භාවිතයේදි බොහෝ වෙලාවට මන් අර පෙර සදහන් කල ප්‍රොසෙසර් මාදිලි වල වේගය මදි වීම නිසා කාලය වැඩියෙන් ගතවීම වෙන්න පුලුවන් , ඒ හේතුවෙන් ඒ සදහා අනිවාරෙන්ම විකල්පයක් අවශ්‍ය වෙනව, බොහෝ වෙලාවට මේ අවස්තාවන් වලදී නිශ්පාදන කටයුතු සිදු කරන සමාගම් විශාල වශයෙන් මුදල් යොදොවා හෝ ඔවුන්ගෙ අදාල ක්‍රියාව කාර්‍යක්ශමව ඉටු කර ගැනීමට පෙලබෙනව, ඉතින් මෙන්න මේ වගේ වෙලාවට තමයි ප්‍රොසෙසර් හදන සමාගම විසින් හදුන්වා දෙන්නෙ Workstation Processors මාදිලිය, මේක බොහෝ දුරට සාමන්‍ය පරිගණකයක තිබෙන ප්‍රොසෙසර් මාදිලි වලට වඩා වේගවත් සහ එක වර ක්‍රියා රැසක් කිරීමේ හැකියාවෙන් ඉදිරියෙන්ම සිටින ප්‍රොසෙසර් මාදිලියන් වෙනව.

ඉතින් අපි දැනගත යුතු දේ තමයි අපි දන්න AMD හා Intel සමාගම් මෙම workstation Processors ද සෑහෙන කාලයක ඉදන් නිර්මාණය කරන බව. විවිද අලුත් වීම එක්ක සහ නව පරම්පරා සමගින් බොහෝ දුරට සාමන්‍ය ප්‍රොසෙසර් මාදිලි නිකුත් කිරීම් / එළි දැක්වීම් වලට සාපෙක්ශව මෙම මාදිලියේද ප්‍රොසෙසර් කිහිපයක් සෑම වසර කීපයකටම වරක් intel / AMD සමාගම් විසින් එලි දක්වනව.

ගොඩක් වෙලාවට මෙම Workstation ප්‍රොසෙසර් මාදිලි වල ඇති විශේෂත්වය තමයි සාමන්‍ය ප්‍රොසෙසර් වලට වඩා Cores ප්‍රමානය සහ Threads අගය වැඩි වීම සහ Cache Memory එකද ඉහල අගයක් ගැනිම්ම ඒ වගේම තමයි මේ Workstation Processor මාදිලි සදහා සමාගම් දෙකෙන්ම වෙනම Motherboard ද නිශ්පාදනය කෙරෙනව (chip-sets ) ඒ නිසා කිසිදු කරදරයකින් තොරව වැඩි වේගයකින් වැඩි කාලයක් එක දිගට වැඩ කිරීමේ හැකියාව තියෙනව.

Intel XE සහ AMD Thread Ripper


Intel සමාගම Intel Extreme = XE ලෙසත් AMD සමාගම AMD Thread Ripper = TR ලෙසත් මෙම Workstation Processor නම් කර වෙලදපලට නිකුත් කරනව. මේකෙනුත් ඉන්ටෙල් සමාගමේ ඔවුන්ගෙ 9 වන පරම්පරාවට අදාල workstation ප්‍රොසෙසර් මාදිලිය මේ වන විට එලි දක්වල ඉවරයි, එහෙත් AMD සමාගම තවමත් ඔවුන්ගෙ Ryzen 3rd Gen එකට අදාල Thread ripper  මාදිලියෙ ප්‍රොසෙසර් එලි දක්වල තිබුනත් වෙලදපලට නිකුත් කරල නැහැ.

ඒත් පසුගිය දා ඔවුන් මාධ්‍යට කියා සිටිය මෙවට Thread Ripper මාදිලිය පෙර නොවු විරූ අයුරින් විප්ලවයක් කරන බවට ඒ වගේම ඔවුන් Intel සමාගමේ XE ප්‍රොසෙසර් මාදිලි වලට වඩා මිලෙන් යම් ප්‍රමානයක අඩු කිරීමක් සමග වේගය දෙගුනයකින් වැඩි කොට තිබෙනව, වෙළදපළ විචාරකයන් කියන්නෙ මෙය වෙලදපලේ අලවි වීමට තවත් මසක් වගේ කාලයක් ගත වෙවියැයි ය.

AMD සමාගමේ විදායක නිළධාරී ලීසා සූ මහත්මිය ඔවුන්ගෙ නවතම 3rd generation Thread Ripper සම්බන්දව විශේශ ප්‍රකාශයක් කරමින් සදහන් කලේ (Best of the Best ) දැනට තියෙන හොදම workstation CPU එක ඔවුන් පරිශීලකයන් හට ලබාදීමට කටයුතු කරන බව, වීඩියෝ නිශ්පාදකයන් ත්‍රිමාන හා ද්විමාන සජීවිකරන නිර්මාන කරුවන් සදහා විශේශයෙන්ම මෙම අලුත්ම නිපදවීම ඔවුනට හොදම දෙයක් වේවි කියලයි එතුමිය කියන්නෙ, ඒ වගේම තමයි ගෙවන මුදලට සරිලන වේගය කාලය ඉතිරිකර ගැනීම වගේ දේවල් නිර්මාන ශිල්පියට හොදම දේ කෙටි කාලයකින් ලබා දීමට උපකාරි වෙන ඔවුන් වැය කරන මුදලට සරිලන පහසුකමක් මේ නවතම Thread Ripper 3rd Gen Processor හරහා හැකි වෙන බවත් ඇය ප්‍රකාශ කලා.

ඒ වගේම මම පහතින් දාන්නම් ඇයගේ සම්පූර්න කතාව සහිත වීඩියෝ පටය තව විස්තර දැනගන්න, එහිදී ඇය තව දුරටත් කියා සිටින්නෙ දැනට වෙලදපලේ තිබෙන ලොකයේ වේගවත්ම Workstation processor මාදිලිය මෙය බවයි.

පසුගිය Thread Ripper මාදිලි වගේ නොවුනත් මෙවර ඔවුන් නිශ්පාදන දෙකක් වෙලදපලට නිකුත් කරනව මේ අවස්තාවෙදි ඒ AMD Ryzen Thread Ripper 3960X සහ AMD Ryzen Thread Ripper 3970X වශයෙන්

ModelTHREADRIPPER 3960XTHREADRIPPER 3970X
Cores2432
Threads4864
Base Clock3.8 GHz3.7 GHz
Boost Clock4.5 GHz4.5 GHz

අපිට බලාගන්න පුලුවන් දැක්ක ගමන්ම කියන්න පුලුවන් සාමන්‍ය ප්‍රොසෙසර් එකකට වඩා ගොඩක් වැඩි කාර්‍යක්ශම තාවයකින් මේව නිපදවල තියෙනව කියල ඒවගෙ තියෙන අන්තර්ගතය වේගය සසදල බලනකොට ඉතින්, මේ AMD ThreadRipper සම්බන්දයෙන් තව යමක් හෝ මේ සම්බන්ද නිශ්පාදනයකින් ඔබත් ආයතනයකට හෝ පුද්ගලික වැඩ සදහා පරිගනකයක් එකලැස් කරගැනීමට බලාපොරොත්තු වෙනවා නම් මේ දේවල් වැදගත් වේවි කියල මම හිතනව.

Lakshan-PCguide.lk

තාක්ෂණික ලිපිවලින් දායකත්වය ලබාදෙන ලක්ෂාන්, Gaming ගැන හොද අත්දැකීම් සහ දැනීමක් තිබෙන සාමාජිකයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *