Contact Information

WhatsApp Us

AMD RYZEN – HORIZEN සමුළුව

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

AMD සමාගම තමන්ගෙ අළුත්ම zen CPU එක 2016 දෙසැම්බර් 13 වෙනිද පැවැත්වුන Horizen මාධ්‍ය හමුවකදි එලිදැක්වුනා. Zen කියන code name එකෙන් හදුන්වපු මේ CPU එකේ වෙළදපල නාමය රයි සෙන් (RYZEN), මීට කලින් AMD සමාගම මේ වගේ සම්පූර්නයෙන්ම අළුත් cpu core architechture එකක් launch කලේ 2011   දි. Bulldozer ලෙස එලිදැක්වුන එම platform එක තමයි විවිධ සංස්කරණ වලට ලක් වෙවී 2016 වෙනකම් වසර 5ක්ම වෙළදපොලට ආවෙ.

1975 ඉදන්ම CPU   නිෂ්පාදනය කරන සහ CPU ලෝකයේ දැවැන්තයා වන intel සමාගම එක්ක කරට කර සටනක් කරන Advanced Micro Devices සමාගම මෙම RYZEN CPU එක 2017 පළමු කාර්තුවෙදි නිකුත් කරන්නයි යන්නෙ.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

නව RYZEN 8 CORE CPU එක අයත් වෙන්නෙ AMD summit ridge කියන high performance ගණයටයි. 8 core 16 thread cpu එකක් වන මෙහි base clock frequency එක 3.4 Ghz වෙනව. ඒ වගේම පද්ධතියෙ අවශ්‍යතාව අනුව ඉහල නැංවිය හැකි turbo boost ගුණාංගයක් තිබුනත් මෙම මාධ්‍ය හමුවෙදි ඒ ගැන සදහනක් කලේ නැහැ.

AMD Horizen event එකේදි මෙම 8core RYZEN CPU එක intel core i7 6900k CPU එකත් සමග විවිද software පාවිච්චි කරමින් සංසන්දනය කිරීමක් සිදුවුනා. ඒ හැම benchmark එකකදිම RYZEN CPU එක intel core i7 CPU එකට සමාන හෝ ඊට වඩා කෙටි කාලයකින් ඒ benchmark ඉවර කිරීමත්, ඒ හැම වෙලේම AMD RYZEN CPU එක turbo boost පහසුකම පායිච්චි නොකර (locked down) ක්‍රියා කරවීමත් AMD සමාගම තමන්ගෙ නවතම CPU එක ගැන තිබෙන විශ්වාසය හොදින් පැහැදිලි කරනව.

SOCKETAM4

RYZEN CPU නිෂ්පාදනය කරන්නෙ AM4 socket එකටයි. අලුත්ම motherboard එකක් සමග RYZEN CPU එක්ක සම්බන්ධ කරාම USB 3.1 Gen 2 , pcie Gen 3 සහ DDR 4 RAM යන පහසුකම් සැලසෙනව.

SenseMI තාක්ෂණ 

RYZEN CPU වලට එක් කරල තියෙන SenseMI කියන්නෙ CPU එක කාරයක්ෂමව ක්‍රියාත්මක වෙන්න ඒ තුලම අන්තර්ගත කරල තියෙන sensor සහ machine learning neural network එකක්. AMD සමාගම කියන්නෙ තමන් ගැනම ඉගෙන ගනිමින් කාර්්‍යක්ෂමව කටයුතු කරන්න හැඩගැහෙන තාක්ෂණික පද්ධතියක් මෙහි අඩංගු වෙනව කියලයි.

මෙම Horizen event එකේදි මිල ගණන් ගැන හෙලි කිරීමක් සිදුවුනේ නැතත් RYZEN CPU වල මිල ඉතාමත් තරගකාරි එකක් වෙයි කියන අදහස ඉස්මතු උනා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *