Gaming සහ අනෙක් ඕනම Build එකකට 8th gen intel CPU එකක් පාවිච්චි කරනවනම් ඒකට හරියන 8th gen එකේ Mid range පහසුකම් තියෙන chipset එක තමයි B360 කියන්නෙ. මේ MSI B360M Mortar කියන්නෙ Gaming Build වලටම MSI සමාගමෙන් වැඩිදියුණු කරපු Features සහ Mistic Lighting වගේ අංග තියෙන Gamersලට වගේම අනෙක් build වලටත් පාවිච්චි කරන්න පුලුවන් motherboard එකක්.
Unboxing package එක.
MSI B360M Mortar motherboard package එකේ එන දේවල් වෙන්නෙ
- MSI B360M MORTAR motherboard
- SATA Cable 2ක්
- M2 Screws
- MSI Sticker
- Driver/ Utilities DVD එක
- Stainless Steel I/O Plate එක
- Quick installation guide එක
Video එක බලන්න
MSI B360M MORTAR motherboard එක 8th gen build වලට ගන්න පුලුවන් balanced features තියෙන Motherboard එකක්. SSD / HDD වගේම M2 පහසුකම් තියෙන මේ Board එකට HDD / SDD 4ක උපරිමයක් සහ M2 Drive 2ක් දක්වා යන්න හැකියාව තියෙනව. ඒ වගේම MSI සමාගමෙන් එකතු කරල තියෙන EZ debug වගේ Features ගත්තම General build එකකට පාවිච්චි කරන්න පුලුවන්. intel 8th gen chipsets ගැන කියවන්න.
මේ Motherboard එකේ මිළ ගණන් දැනගන්න www.nanotek.lk එකට යන්න
Features
EZ Debug LED
හැම MSI motherboard එකකම එන වැදගත් අංගයක් තමයි EZ Debug LED කියන්නෙ. මේකෙන් PC එක BOOT වෙන්නෙ නැත්නම් එතනදි ලේසියෙන්ම ඒකට හේතුව හොයාගන්න පුලුවන්. අනෙක් brands වල high end board වල විතරක් එන මේ හා සමාන features එකක් බැලුවම MSi brand එකේ හැම board එකකම තියෙන මේ feature එක ගොඩක් උදව් වෙනව troubleshooting වලදි.
අනෙක් පහසුකම්
- 8th generation intel CPU support – LGA 1151
- intel B360 Chipset
- DDR 4 2666MHz RAM support – upto 64GB
- 2 x PCIe 3.0 x16
- 2 x PCI X1
- 4 x SATA 6Gb/s port(s)
- 2 X M2 Ports
- intel gigbit LAN
- Realtek® ALC887 Chip – 8 channel Audio
Back IO ports
- PS/2 keyboard / mouse (Hybrid)
- 1 x DVI-D
- 1 x Display Port
- 1 x HDMI
- 1 x LAN (RJ45) port(s)
- 3 x USB 3.1 Gen 1 (Red)
- 1x USB 3.1 Gen 1 Type C
- 4 x USB 2.0
- 5 x Audio jack(s)
- SPDIF Out
මේ board එක තියෙන features, Display options සහ Design form factor එක අතින් ගත්තම Gaming Build වලට ගන්න ගොඩක් සුදුසු වගේම general Overclock කරන්නෙ නැති CPU තියෙන Systems වලට පාවිච්චි කරන්න පුලුවන් otherboard එකක් කියන්න පුලුවන්.
Comments (3)
lahiru rumeshsays:
February 21, 2019 at 8:44 pmgodak hodai brother videos.
motherbord walin gaming walata mokadda hoda (B360M PRO VDH ake MSI B360M MORTAR) akeda hoda
i3 8gn and VGA 4GB 1050ti and DDR4 8GB RAM ake dala
Heshansays:
April 22, 2019 at 11:48 amElm brother thawa me vage visthara aran enna elm
Shamod janidusays:
October 25, 2020 at 11:32 pmMeke ganna kohomada
kohomada