Press ESC to close

News කියවන්න Ai හදන Microsoft VASA-1

කෙනෙකුගෙ තනි පින්තූරයක් පාවිච්චි කරල ඔවුන් ඇත්තටම කතා කරන විදිහට Video එකක් හදන්න පුළුවන් VASA-1 Ai tool එක Microsoft සමාගම එලිදැක්වුවා.

අපි දන්න ලෝකය සෑහෙන ඉක්මනට ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියන දේ හොයාගන්න බැරිවෙන තත්වෙකට පත්වෙන තවත් ඉගියක් අපට ලැබෙන්නෙ මේ Tool එක හරහා නිපදවන Video හිතාගන්න බැරි විදිහට තාත්වික වෙන නිසයි.

Get Your Site Up with A2 Hosting

එක් පින්තූරයක් විතරක් සහ ඕනෑම Voice clip එකක් ලබාදීම මගින් එවෙලේම (Realtime 40 fps) එම පුද්ගලයා කතා කරන විට මුහුණ ත්‍රිමාණව සොලවමින් කොණ්ඩය පවා ඒ සමග වෙනස් වෙමින් නිවැරදි lip sync (තොල් සෙලවීම තාත්විකව) සිදු කරන්න මෙම VASA-1 Ai සමත් වෙනව.

ඒ වගේම මෙහි Output එකේ ඇසිපිය ගැසීම මුහුණ සෙලවීම ආදිය Control කරන්නත් හැකියාව ලැබීම වගේම Realtime Output එක නිසා Video Call එකක් මගින් ඇත්තම පුද්ගලයා අනුකරණය කරමින් කෙනෙක් රවටන්න වගේම තවත් ගොඩක් දේවල් කරන්න ඇති හැකියාව නිසා මේ Tool එක භයානක එකක් වෙන්න පුළුවන්.

Microsoft සමාගම කියන්නෙ මේ හරහා Ai Avatars හදන්න ඔවුන් බලාපොරොත්තු වෙන බව. ඒ කියන්නෙ ඉදිරියට ප්‍රවෘත්ති කියවන්න වගේම තවත් වැඩ ගොඩකට මේ Tool එක විවිධ සමාගම් වලට ගන්න පුළුවන් වේවි.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *