Home Tech News News කියවන්න Ai හදන Microsoft VASA-1
Tech News

News කියවන්න Ai හදන Microsoft VASA-1

Share
blank
Share

කෙනෙකුගෙ තනි පින්තූරයක් පාවිච්චි කරල ඔවුන් ඇත්තටම කතා කරන විදිහට Video එකක් හදන්න පුළුවන් VASA-1 Ai tool එක Microsoft සමාගම එලිදැක්වුවා.

අපි දන්න ලෝකය සෑහෙන ඉක්මනට ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියන දේ හොයාගන්න බැරිවෙන තත්වෙකට පත්වෙන තවත් ඉගියක් අපට ලැබෙන්නෙ මේ Tool එක හරහා නිපදවන Video හිතාගන්න බැරි විදිහට තාත්වික වෙන නිසයි.

එක් පින්තූරයක් විතරක් සහ ඕනෑම Voice clip එකක් ලබාදීම මගින් එවෙලේම (Realtime 40 fps) එම පුද්ගලයා කතා කරන විට මුහුණ ත්‍රිමාණව සොලවමින් කොණ්ඩය පවා ඒ සමග වෙනස් වෙමින් නිවැරදි lip sync (තොල් සෙලවීම තාත්විකව) සිදු කරන්න මෙම VASA-1 Ai සමත් වෙනව.

ඒ වගේම මෙහි Output එකේ ඇසිපිය ගැසීම මුහුණ සෙලවීම ආදිය Control කරන්නත් හැකියාව ලැබීම වගේම Realtime Output එක නිසා Video Call එකක් මගින් ඇත්තම පුද්ගලයා අනුකරණය කරමින් කෙනෙක් රවටන්න වගේම තවත් ගොඩක් දේවල් කරන්න ඇති හැකියාව නිසා මේ Tool එක භයානක එකක් වෙන්න පුළුවන්.

Microsoft සමාගම කියන්නෙ මේ හරහා Ai Avatars හදන්න ඔවුන් බලාපොරොත්තු වෙන බව. ඒ කියන්නෙ ඉදිරියට ප්‍රවෘත්ති කියවන්න වගේම තවත් වැඩ ගොඩකට මේ Tool එක විවිධ සමාගම් වලට ගන්න පුළුවන් වේවි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...