Home Tech News iOS අභිබවන HarmonyOS
Tech News

iOS අභිබවන HarmonyOS

Share
blank
Share

Huaweiහි 2024 විශ්ලේෂක සමුළුව පසුගිය දිනක පැවැත්වුනු අතර එහිදී Huaweiහි වත්මන් සභාපති Xu Zhijun මහතා විසින් ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමට අදාල අනාගත සැලසුම් ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී එක්සත් ජනපද සම්බාධක නොතකා mobile operating system එකක් සඳහා ලොව තෙවන option එක HarmonyOS බවට පත් කළ හැකි බව Huawei සමාගම විශ්වාස කරන බව වැඩිදුරටත් සදහන් කරා.

Huawei app developersලත් සමග සමීපව කටයුතු කරන නිසා HarmonyOS සඳහා ශක්තිමත් app ecosystem (පරිසර පද්ධතියක්) එකක් නිර්මානය කිරීමට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදෙන බව වැඩදුරටත් සදහන් වෙනවා. මෙය මුලින්ම චීන වෙළඳපොළ වෙත අවධානය යොමු කර තිබෙන අතර එහි කල පරීක්ශන වලට අනුව usersලා 99% ක් apps 5,000 කට වඩා වැඩි ප්‍රමාණයක් මත කාලය ගත කරන බව හදුනාගෙන තිබෙනවා. මේනිසා Huaweiලට මෙම apps 5,000 කෙරෙහි මුලින්ම අවදානය යොමුකිරීමට සිදුවී තිබුනද මේ වන විටත් ඉන් 4,000ක් පමණ HarmonyOS NEXT වෙත අනුවර්තනය කර තිබෙන බව වාර්තා වෙනවා.

එය කෙසේ වුවත් තව නොබෝ කාලයකින් apps මිලියනයක සන්ධිස්ථානයකට ළඟා වීමට Huawei හට හැකි වනු ඇතැයි සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙන අතර වෙනත් මූලාශ්‍රයක් (source) පවසන්නේ HarmonyOS එක iOS අභිබවා චීනයේ දෙවන වඩාත්ම ජනප්‍රිය mobile OS එක බවට පත්වනු ඇති බවයි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...