Monday, September 24, 2018

දැන්වීම් තොරතුරු

Pcguide.lk හි දැන්වීම් පළකරගන්න අවශ්‍ය කරන තොරතුරු සහිත PDF file එක pcguidelk-ad-rates ලබාගන්න.

අපි ගැන

ශ්‍රී ලංකාවෙ සිංහල කතාකරන බොහෝදෙනෙකුට තවමත් පරිගණක ලොවේ නවතම පුවත් ලගාවෙන්නෙ මුද්‍රිත මාධයයෙන්. මේකට ප්‍රධානම හේතුව English වලින් පලවෙන online Article වල තියෙන සමහර තාක්ෂණික වචන වගේම ඉංග්‍රීසි භාෂාව නොදැනීමයි. English දන්නෙ නැහැ කියන එක ලෝකයෙ නවතම පුවත් එක්ක සම්බන්ධ වෙන්න ගැටලුවක් කරගන්න එපා. මේ වෙනකොට සිංහලෙන් ගොඩක් facebook පිටු වල තාක්ෂණය ගැන තොරතුරු පලවීම දකින්නත් සතුටුයි. ජපානය වගේ රටවල් තමන්ගෙ computer system වල පාවිච්චි කරන්නෙත් ජපන් භාෂාවයි. ඉතින් අපිත් පුංචියට පටන් අරන් මේ වෙබ් අඩවිය පරිගණක තොරතුරු ගැන සිංහලෙන් දැනුම බෙදන තැනක් විදිහට පවත්වගෙන යනව. අපිත් එක්ක එකතු වෙන්න.

ප්‍රියදර්ශන

pcguidelk Youtube Channel එක වගේම මේ වෙබ් අඩවිය නිර්මාණය කරල පවත්වාගෙන යන්නෙ මම.

චන්දුල ඒකනායක

pcguidelk වෙබ් අඩවියෙ කතාබහ (Community එක) බලාගන්න ප්‍රධානව දායකත්වය දෙන්නෙ චන්දුල මල්ලි

අසේල රත්නායක

වෙබ් අඩවිය පවත්වාගෙන යන්න වගේම Videography වලට සහය දක්වන්නෙ අසේල මහඋල්පතගම

තිරය පිටුපස සහය

මේ වෙබ් අඩවිය වගේම youtube Channel එක කරගෙන යන්න සද්ද නොකර සහය වෙන ගොඩක් අය ඉන්නව. මේ අතරින් මගේ සහෝදරයන් වගේ හැමදේටම එකට ඉන්න රයන් සිල්වා සහ ලසන්ත මදුරංග වගේම ආදරණීය බිරිදවත් මතක් කල යුතුයි.

සම්බන්ධ වෙන්න

අපිත් එක්ක සම්බන්ධ වෙන්න ලේසිම විදිහ අපිට ඊමේල් එකක් එවන එකයි. පුලුවන් ඉක්මනට ඒකට reply එකක් එවන්න අපි try කරනව. උපරිමයෙන් පැය 24ක් ඇතුලත reply එකක් ලැබෙයි. අපේ ඊමේල් එක info@pcguide.lk

Do NOT follow this link or you will be banned from the site!