Home Tech News Android 15 සමඟ එන Storage health Check feature එක
Tech News

Android 15 සමඟ එන Storage health Check feature එක

Share
blank
Share

ඇන්ඩ්‍රොයිඩ්, ios හා HarmonyOS පරිශීලකයින්ට තම දුරකථනයේ බැටරියේ සෞඛ්‍ය තත්වය (battery health) බලාගැනීමේ හැකියාව මේ වනවිට සාමාන්‍ය කරුණකි.Google සමාගම මෙයින් තවත් ඉදිරි පියවරක් තබමින් නවතම Android සංස්කරණය හෙවත් Android 15 සමඟ පරිශීලකයින්ට දුරකථනයේ අභ්‍යන්තර මතක චීපයේ සෞඛ්‍ය තත්වය ද බලාගැනීමේ හැකියාව ලබාදෙන බව Androidcental වෙබ් අඩවිය සඳහන් කරයි.

සාමාන්‍යයෙන් ජංගම දුරකථනය සමඟ පැමිණෙන ඉවත් කළ නොහැකි (non-removable) මතකය බොහෝ විශ්වාසදායක, පහසුවෙන් හානි නොවන මතක තැන්පතුවකි. මෙය චලනය වන කොටස් කිසිවක් අඩංගු නොවන solid-state drive ගණයට අයත් වන චීපයකි. කෙසේ නමුත් මෙම මතක උපාංගයේ ද විවිධ හේතු නිසා ක්‍රියාකාරීත්වයට හානි පැමිණීමේ හැකියාවක් නැතැයි කිව නොහැකි ය. විශේෂයෙන් ම උපාංගයේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා නොවන සේ අධික ඌෂ්ණත්වයකට ලක්වන අයුරින් අඛණ්ඩ ව භාවිතා කිරීම, අධික උණුසුමකට නිරාවරණය වන ලෙස භාවිත කිරීම මෙන් ම බැටරි ආරෝපණ අවස්ථාවන්හි දී සිදුවන දුරකථනයේ ඌෂ්ණත්වය ඉහළයාම ආදිය ද යම්තාක් දුරකට හෝ මතක චීපයේ මෙන් ම ජංගම දුරකථනයේ අන්‍ය කොටස්වල ද ආයුකාලය පිරිහීයාමට හේතුවක් විය හැකි ය.

මේ අයුරින් අභ්‍යන්තර මතක චීපයේ ආයුකාලය කුමන සාධක පදනම් කරගනිමින් නිර්ණය කරන්නේ ද යන්න ගැන තවමත් නිසි පැහැදිලි කිරීමක් සමාගම විසින් සිදු කර නැත. කෙසේ නමුත් මේ ආකාරයට පරිශීලකයාට තම දුරකථනයේ අභ්‍යන්තර මතක චීපයේ ආයුකාලය බලාගැනීමේ හැකියාව වඩාත් ප්‍රයෝජනවත් කරුණක් වනු ඇත. ඊට හේතුව දුර්කථනයේ අභ්‍යන්තර මතකයෙහි ගැටළුකාරී තත්වයක් දක්නට ලැබුණහොත් එම අවස්ථාවේ දුරකථනයේ ගබඩා කර ඇති තමාට අත්‍යාවශ්‍ය දත්ත ඇත්නම් එම දත්ත හානිවීමට පෙර වෙනත් මතක උපාංගයකට backup කරගැනීමට කටයුතු කළ හැකිවීමයි.

Source :- https://androidcentral.com

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...