Home Tech News අංශභාගය නැති කරන Neuralink
Tech News

අංශභාගය නැති කරන Neuralink

Share
blank
Share

මොළයේ යම් තැනකට හානිවීම නිසා අංශ තත්වයෙන් සිටින්නන්ට ඉන් මිදිය හැකි උපාංගයක් තැනීමට ඇමෙරිකාවේ Neuralink සමාගම සැරසෙනව. එහි අරමුණ, මොළය තුළ පරිගණක චිප් කීපයක් රඳවා ස්නායු මගින් කළ කාර්යන් එයට පැවරිමයි. එම චිප් සියල්ලම රැහැන් රහිත හෙවත් වයර්ලස් ක්‍රමයට සිරුරේ බාහිර උපාංගයකට සම්බන්ධ කෙරෙනව. එය කන පිටුපස රැඳවිය හැකිය. ඉන් පසුව එම උපාංගය අයිෆෝන් ඇප් එකක් මගින් පාලනය කරනව.

උපාංගය පැළැඳි තැනැත්තා යමක් කල්පනා කරන විට, මොළයේ රඳවා ඇති චිපයෙන් එය හඳුනා ගන්නව. ඒ තොරතුරු කන පිටුපස ඇති උපාංගයට රැස් කෙරෙනව. අයිෆෝනයේ පරිගණක බලයෙන් ඒවා සකසයි. එතැනින් නැවත කන පිටුපස ඇති උපාංගය ඔස්සේ එම තොරතුරු මොළයේ ඇති චිපයට ලැබෙනව. ඉන් නික්මෙන පණිවුඩය ස්නායු ඔස්සේ ගමන් කරනව. එවිට අංශභාගයට ගොදුරුවූ අවයවයට ස්නායු පණිවුඩය ලැබෙනව. එවිට එය ක්‍රියාත්මක වෙනව. එනම්, අංශභාග තත්වයෙන් මිදෙනව.

මොළය යම් ආකාරයකට පරිගණකයකට සම්බන්ධ කිරීම විද්‍යාත්මකව හඳුන්වන්නේ, මොළ පරිගණක අතුරුමුහුණත (BCI – Brain Computer Interface) වශයෙන්. මෙතැනදී මොළය කීමෙන් අදහස් කරන්නේ සම්පූර්ණම මොළය හෝ ස්නායු සෛල හෙවත් නියුරෝනයි. පරිගණක යන්නෙන් සම්පූර්ණ පරිගණක පද්ධතියක් හෝ සරල පරිගණක පරිපථයක් හෝ චිපයක් අදහස් වෙනව.

මෙසේ මොළ පරිගණක අතුරුමුහුණතක් යොදා ගනිමින්, මයික්‍රොචිපයක් කෙළින්ම මොළය හා සම්බන්ධ කර මොළයේ අකර්මණ්‍යවූ කොටස් එමගින් ක්‍රියාත්මක කරවීම දැනටමත් සාර්ථක වී ඇති ක්‍රමයක්. ඉන් සාර්ථකම ක්‍රමය, ඇමෙරිකාවේ බ්‍රිවුන්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් සකසන ලද Brain Gate නම් ක්‍රමයයි.

මෙහිදී ඌටා ඇරේ (UtahAray) යන නමින් හඳුන්වන මයික්‍රො චිපය, ඉලෙක්ට්‍රෝඩ හෙවත් විදුලි හුවමාරුව ලබා දෙන ඉදිකටු තුඩු වැනි තුඩු 128ක් මගින් හිස් කබල මතුපිටට හෝ හිස් කබල කපා මොළය මතුපිටට හෝ සවි කරනව. මෙය අසීරු මෙන්ම මොළයේ ආසාදන පවා ඇතිවීමට තුඩු දෙන අවදානම් සහගත ශල්‍ය කර්මයකින් කළ යුත්තක්.

එහෙත් නියුරලිංක් චිප් මොළය හා සම්බන්ධ කරන්නේ ලෝහ තුඩු මගින් නොවේ. ඉතා නම්‍යශීලී කෙස් ගසකටත් වඩා කුඩා පොලිමර් වර්ගයේ ඉලෙක්ට්‍රෝඩ 3072ක් ඇති මයික්‍රොචිපයක් වශයෙනි. අනෙක් අතට ඉලෙක්ට්‍රෝඩ හිස් කබල හෝ මොළය මත පිහිටුවන්නේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ අතෙන් නොවේ. චිපයෙන් ක්‍රියාත්මක කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් මගින් ස්වයංක්‍රීයවය. එනිසා රුධිර ගමනා ගමනයටත්, පටක හානිවීමකට වත් ඉඩ නැත. එනම් මෙවිට කිසිසේත්ම ආසාදනයක් වෙන්නේ නැත.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...