intel සමාගම එයාලගෙ 8th gen motherboard chipset series එකම මේ වෙනකොට නිකුත් කරල තියෙනව. 8th gen build එකක් කරද්දි තිබුන එකම option එක වෙච්ච Z370 කියන Chipset එකට එකතුවෙන මේ අලුත් chipsets, එක එක build කරන අයට ගැලපෙන විදිහට විවිධ features සහ මිල ගණන් වලින් ගන්න දැන් පහසුකම් තියෙනව.
අලුතින් නිකුත් කරල තියෙන Chipset වෙන H370 / B360 සහ H310 එක්ක සම්පූර්ණ 8th gen chipsets ගණන 4ක් වෙනව. මෙතනදි අපිට දකින්න ලැබෙන විශේෂත්වය තමයි මීට කලින් ආපු 7th gen series එකේ තිබුනෙ නැති (හැබැයි 6th gen එකේ තිබුන) H310 කියන budget category එක නැවත හදුන්වා දී තිබීම.
පහත වගුවෙන් මේ එක එක chipsets වල ගුණාංග ගැන පැහැදිලිව බලාගන්න පුලුවන්.
feature | Z 370 | H 370 | B360 | H 310 |
---|---|---|---|---|
Overclocking | Yes | No | No | No |
PCI E Configuration | 1x16 | 2x18 1x8 + 2x4 | 1x16 | 1x16 | 1x16 |
PCI E 3 lanes | 24 | 20 | 12 | 6 (PCI E 2) |
independant Display ports | 3/3 | 3/3 | 3/3 | 3/2 |
Memory Channels | 2/2 | 2/2 | 2/2 | 2/1 |
intel Wireless AC (CNVi) | No | Yes | Yes | Yes |
intel optane memory support | Yes | Yes | Yes | No |
High Speed I/O Llanes | 30 | 30 | 24 | 14 |
USB / USB 3.1 | 14 / 10 | 14 / 8 | 12 / 6 | 10 / 4 |
SATA ports | 6 | 6 | 6 | 4 |
intel Rapid Storage | YesX | Yes | Yes | No |
intel SATA RAID | Yes | Yes | No | No |
Z370 chipsets
මේ chipset එක තමයි Overclocking සහ වැඩි PCI E Lanes, USB ports වගේ හැම Feature එකක්ම උපරිමව තියෙන premium එහෙමත් නැත්නම් Gold standard chipset එක. ඒ වගේම Dual graphic Cards / SLI කරන්න පුලුවන් native support තියෙන එකම Chipset එකත් මේකයි. හැබැයි දැන් එන්න එන්නම Dual විශේෂයෙන්ම Overcloking support කරන k series CPU එකක් එක්ක build එකක් කරනවනම් මේ Board එක තමයි ගන්න සුදුසුම.
H370
Overclocking පහසුකම සහ Dual graphic card support එක chipset එකෙන්ම එකතු කරල නැති උනාට Video editing, Gaming, Professional setup වලට ගන්න සුදුසු board එකක්. මෙතනදි නැති වෙන එකම දේ Overclokcing support එකයි.
B360
හැම කෙනෙකුටම වගේ ගැලපෙන Overclocking නැති Chipset එකක් විදිහට B360 series එක හදුන්වන්න පුලුවන්.
H310
office එහෙමත් නැත්නම් Basic builds වලට විතරක් ගන්න ගැලපෙන Board එකක් තමයි H310 කියන්නෙ. මේකෙදි නැතිවෙන features අතරට
- අනික් chipsets වල තියෙන PCI E 3 lanes වෙනුවට PCI E 2 lanes 6ක් විතරක් තිබීම
- optane memory support එක නැතිවීම
- USB ports ගණන අඩුවීම
- SATA ports ගණන 4ක් වීම
- සහ තවත් intel options ගණනක් නැතිවීම පෙන්වන්න පුලුවන්.
මේ Chipsets තියෙන motherboards Asus | Gygabyte | MSI වගේ හැම brand එකකින්ම ලගදිම ලංකාවෙදි ලබාගන්න පුලුවන් වෙයි.
Comments (5)
MSI H310M PRO VDH Motherboard Unboxing – Pcguide.lksays:
May 4, 2018 at 2:53 pm[…] MSI H310M PRO VDH motherboard එක Basic board එකක් උනත් මේකෙ MSI සමාගමෙන් එකතු කරල තියෙන Features සහ expansion වලින් ගත්තම basic budget build එකකට වගේම 8th gen Gaming build එකකට උනත් පාවිච්චි කරන්න පුලුවන්. intel 8th gen chipsets ගැන කියවන්න. […]
MSI B360M PRO VDH Motherboard Unboxing – Pcguide.lksays:
May 19, 2018 at 6:02 am[…] MSI B360M PRO VDH motherboard එක 8th gen build වලට ගන්න පුලුවන් balanced features තියෙන Motherboard එකක්. SSD / HDD වගේම M2 පහසුකම් තියෙන මේ Board එකට HDD / SDD 6ක උපරිමයක් දක්වා යන්න හැකියාව තියෙනව. ඒ වගේම MSI සමාගමෙන් එකතු කරල තියෙන EZ debug වගේ Features ගත්තම General build එකකට පාවිච්චි කරන්න පුලුවන්. intel 8th gen chipsets ගැන කියවන්න. […]
Manoj Priyankarasays:
August 20, 2018 at 12:52 pmAsus h310 ta wada msi h310 hodaida e kiynne..
Pcguidesays:
August 20, 2018 at 8:06 pmBrand eka prashnayak kragannepa. onema brand ekak hondai. oyage gaanata hondama features tyena board eka ganna
Lakshansays:
October 6, 2018 at 6:46 amMsi H370 motherboard ekk kiyk wenwda?