Gaming buildම 3ක් විතර කරල තියෙන නිසා වගේම ගොඩක් අය කාලෙක ඉදන් අහන දෙයක් නිසා Video Editing, rendering වගේම Graphic Designing වැඩවලටත් පාවිච්චි කරන්න පුලුවන් Build එකක් තමයි මේ කරන්නෙ. මේ ලිපිය Youtube Video release වෙන විදිහට කරුණු අතින් update වෙනව.

1. කොටස් තෝරගත්ත හැටි.

Video එක බලන්න.

Computer Shop ගැන ඔයාගෙ අත්දැකීම කියන්න එන්න shop rating

CPUCore i5 8600K

8th gen core i5 CPU එක මේ වැඩවලට ගොඩක් හොදට ගැලපෙන ඒ වගේම Budget එක අනුවත් රු 50,000ට අඩුවෙන් (2018 ජුනි) ගන්න පුලුවන් Overclock කරන්න පුලුවන් CPU එකක්. මේකෙ Power අතින් වගේම සාමානය Rendering, Cideo editing වගේ වැඩවලට හොදටම ප්‍රමාණවත් – Sepcifications වෙන්නෙ.

Processori5-8600K
# of Cores6
Base Frequency3.6GHz
Turbo Frequency4.30 GHz
TDP95W

Cooling Solution – Cooler Master Hyper 212X

K series CPU වලට Heatsink / Fan එන්නෙ නැහැ. මේකට හේතුව තමයි Overlcok කරන්න ගන්න මේ CPU වලට හොද Cooling එකක් ගන්න ඒකට විශේෂයෙන්ම Design කරපු Cooler එකක් ඕන වෙන නිසා intel සමාගම තමන්ගෙ සාමාන්‍ය Cooler එක මේකට අඩංගු කරන්නෙ නැති එක. මේ Build එකට තෝරගෙන තියෙන්නෙ Air Coller එකක්. මේක ගන්න හේතුව liquid cooler එකක් එක්ක ගත්තම Air cooler එකක උෂ්ණත්වය පාලනයෙ වෙනස සෙල්සියස් අංශක 2ක් 3ක් වෙන එක. Copper heat pipes 6ක් එක්ක එන මේ Cooler එක අපේ වැඩවලට ප්‍රමාණවත්.

MotherboardAsus TUF Z370 Pro Gaming

Asus TUF series එක හදල තියෙන්නෙ වැඩි කාලයක්Stable performance එකක් ගන්න පුලුවන් විදිහට. අපි ගත්ත unlocked CPU එකට ගැලපෙන Z370 chipset එක සහ Pro Build වලට අවශ්‍ය ගුණාංග ගොඩක් මේ Motherboard එකේ තියෙනව.

RAM – corsair Vengence 16GB

Video editing, Rendering සහ Graphic Designing කියන්නෙ සංකීර්ණ ඒ වගේම විශාල Files පාවිච්චි වෙන Gaming PC එකකට වඩා CPU cores පාවිච්චි කරන වැඩක්. මේ නිසා අවම RAm එක 16GB වත් වෙන්න ඕන.

SSD – WD Green 120GB 

මේ build එකට M2 120GB drive එකක් පාවිච්චි කරනව. මේකට හේතුව වැඩ කරද්දි, විශේෂයෙන්ම ලොකු files, tasks කරද්දි system එක responsive ව තියාගන්න අවශ්‍ය වීමයි. නැත්නම් ලොකු rendering එකකදි hard drive එක full utilize වෙනකොට system එකේ වෙන වැඩක් කරන්න වෙන්නෙ නැහැ.

HDD – 1TB

Professional වැඩ වලදි වැඩි capacity එකක් තියෙන main HDD තියෙන එක හොදයි. හැබැයි මේ Capacity එක වෙන වෙනම HDD වලින් හදාගන්න පුලුවන්නම් හොදයි. ඒ වගේම RAID හරහා Backup system එකක් විදිහටම හදාගන්න පුලුවන්නම් දත්ත නැතිවීම වලක්වා ගන්න පුලුවන්. RAID ගැන වෙනම පැහැදිලි කරන්නම් තව ලිපියකින්

Graphics – Asus STRIX RX580 – 8GB

මේ Build එකට මෙච්චර powerful Graphic card එකක් අවශ්‍යම නැහැ. මේ තමයි දැනට AMD Radeon Graphic වලින් ගන්න තියෙන powerfulම single GPU package එක. මේ වෙනුවට Nvidia GTX 1050 Ti එකක්, Radeon Rx 560 එකක් පාවිච්චි කරන්න පුලුවන්.

Build එක එකලස් කරගමු – මේ Video එකත් බලන්න

සම්පූර්ණ වියදම

මේ තියෙන්නෙ Build එකට ගිය සම්පූර්ණ වියදම.

PartPrice
CPU - i5-8600KRs.44,000.00
Cooler - Hyper 212XRs6,000.00
ASUS TUF Z370-PRORs.37,500.00
Corsair Vengence 16GB RAMRs.37,500.00
Asus RX580 - 8GBRs.83,500.00
Silverstone Strider 600WattRs.9,500.00
Toshiba 1TB HDDRs.7,500.00
M2 WD Green 120GBRs.11,500.00
Gfield Z1 CasingRs.8,000.00
Asus Designo MX279Rs.42,500.00
ASUS CERBERUS MECH RGB keyboardRs.16,500.00
ASUS CERBERUS GAMING MOUSERs.3,000.00
Total CostRs.307,000.00

premiere Pro Render Results

Premiere වල Benchmark කරන්න මෙන්න මේ site එකෙන්  PPBM6-7-8-9-DE.zip File එක Download කරගන්න. මේ File එක 1GB වෙනව. මේක Download කරගෙන ඒකෙ තියෙන Project file එක හරහා tests 4ක් කරන්න පුලුවන්.

Disk Test

මේ test එකේදි Premiere Render Video file එක විදිහට 32GB Video File එකක් Disk එකට write වෙනව. මේක GPU එකත් එක්ක වගේම intel GPU එකෙනුත් කරා. ඒ වගේම HDD එකට 32GB render එක Save කරල වගේම M2 SSD එකටත් File එක Render කරා. මේකෙදි ආපු Results තමයි මේ.

MPEG 2 Encoding Test

මේ test එකේදි MPEG-2 විදිහට Video එකක් Encode කරන process එකක් තමයි තියෙන්නෙ. මේ test එකේදි GPU Acceleration එක්ක සහ onboard intel GPU එකෙන් වගේම Premiere Pro වල සහ Hardware modes වලිනුත් test කරා.

H.264 Encoding Test

මේ test එකේදි Video එකක් දැනට Youtube, HD Videos Encode කරන්න ගන්න H.264 Encoder එක පාවිච්චි කරල Encode වෙනව. H.264 Codec එක encode කරන්න වගේම Playback එකේදි Decode කරන්න දැන් තියෙන හැම GPU / CPu එකකටම හැකියාව තියෙනව.

Real World Render Tests

මේ හැම Test එකක්ම GPU / CPU processing වල උපරිම ප්‍රයෝජනය ගන්න Test කරන්නම හදපු ඒව නිසා මගේ personal project 2ක් මෙතනදි Render කරා. GPU එක එක්ක සහ onbard intel GPU එකත් එක්ක. මේකෙදි මට ඕන උනේ ඇත්තටම අපි project එකක් කරද්දි GPu acceleration එකෙන් මොන වගේ Effect එකක්ද එන්නෙ කියල බලන්න.

 

Gaming – ULTRA Settings

intel 8600K 6 core CPU එකක් 16GB RAM සහ Radeon RX 580 8GB card එකක් පාවිච්චි කරපු මේ Rig එකේ Gaming කරද්දි කිසිම අපහසුවක් නැතුව හැම Game එකක්ම ULTRA settings වලින් Run කරන්න පුලුවන් උනා.

 

6 COMMENTS

    • අපේ Youtube Channel එක බලන්නල දැනට Builds 4ක් විතර කරල විස්තර කහල තියෙනව. ඒ දේවල් වලින් හොද අදහසක් ගන්න පුලුවන්.

    • PC ekak! Gaming waladi digatama upgrade karagena yanna wagema full option walin games gahanna PC experience ekak thamai wadath honda

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here