Home Tech News Phones Mobile Device වල අළුත්ම පෙරළිය Microsoft Surface Duo
PhonesTech News

Mobile Device වල අළුත්ම පෙරළිය Microsoft Surface Duo

Share
blank
Share

Microsoft සමාගමේ Surface Duo කියන්නෙ Mobile ලෝකයම වෙනස් කරල ඉදිරි අවුරුදු කීපය වෙනස්ම Trend එකක් ඇතිකරන නිෂ්පාදනයක් වෙන්න පුළුවන්.

Nokia සමාගමේ Lumia line up එක වගේම සම්පූර්ණ Nokia සමාගම නැතිවෙන්න හේතුව Android වලට නොයා Microsoft phone OS එක සමග Smart Phone තරගයට එකතු වීම කිව්වොත් ඒක නිවැරදියි. Apps නැති – Developersලට App නිකුත් කරන්න තරම් User base එකක් නැති Phone OS එකක් සමග දැවැන්ත සමාගමක් මෙවැනි අනතුරුදායක දෙයක් සිදුකිරීමේ ප්‍රතිඵල ටික කලකින්ම දැකගන්න ලැබුන.

මේ පාඩම් සමග තමන්ගෙ Lumia Lineup එක නතර කල Microsoft සමාගම වසර කීපයක දැඩි නිහඩතාවයකට පස්සේ වෙනස්ම ආකාරයේ Mobile Device එකක් සමග වෙළදපොළට එන්න නියමිතයි. Microsoft Surface Duo සහ Neo කියන්නෙ මෙන්න මේ අළුත්ම Smart phone+ Tablet + Dual screen Device Concept එකයි.

Smart Phone වල ඊලග පියවර Flip Phone වෙද්දි Microsoft සමාගම නිහඩවම කරපු Research එක තමන්ගෙ Surface Lineup එක හරහා ඉතාමත් සිත් ඇදගන්නා සුළු වෙනස්ම Mobile Device එකක්.

RAM6GB
Storage128 / 256 GB
ScreenAMOLED 5.6"
Resolution1800 x 1350 px X 2
Battery3577mAh
OSAndroid 10
Camera11MP, f/2.0, 1.0 µm, PDAF and 84.0° diagonal FOV optimized
NetworkWiFi-5 802.11ac
Bluetooth® 5.0
LTE / WCDMA / GSM/GPRS
SIMnano Sim + eSim

2020 සැප්තැම්බර් මාසයේ Device එක launch වීමට නියමිත අතර මිළ ගණන් ලෙස වාර්ථා වෙන්නෙ

  • 128GB – $1399
  • 256GB – $1499

මේ මිළ ගණන් ඉතාමත් ඉහල මට්ටමක තියෙන නිසා මේක ජනප්‍රිය උනොත් ‍Xiaomi වගේ සමාගම් මේ Concept Device වෙළදපොළට නිකුත් කරන්න පටන් ගනීවි.

Lumia නැවතීම සහ මින් පෙර Microsoft Mobile ගැන ලිපි කියවන්න

Microsoft සමාගම Lumia Phone විකිණීම නවතා දමයි

 

Windows phone අතීතය

අවසන් ගමන් යන Windows Mobile

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....