Home Tech News cyber security SnapDragon නිසා අනතුරේ වැටුන Android Phones!
cyber securityPhonesTech News

SnapDragon නිසා අනතුරේ වැටුන Android Phones!

Share
blank
Share

Qualcomm Snapdragon SOC එකේ දුර්වලතාවයක් නිසා Android Phones මිලියන ගණනක ආරක්ෂාවට තර්ජන එල්ලවෙලා.

අපි කවුරුත් Smart Phone එකක් ගද්දි ඒකෙ Hardware Specifications ගැන හොයනව. මේ Hardware Spec එකේ උඩින්ම තියෙන දෙයක් තමයි CPU එක එහෙමත් නැත්නම් SOC – System on a Chip කියන Smart Phone එකේ සම්පූර්ණ Processing ක්‍රියාවලියට දායක වන කොටස.

Qualcomm කියන්නෙ මේ SOC නිෂ්පාදනයේ ඉහලින්ම තියෙන නමක් සහ සාමානයෙන් Smart Phone එකක තියෙන Premium දෙයක් බවටත් සලකන්න බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙනව. මේකට හේතුව හොද Power Efficiency එකක් සහ ගොඩක් හොද Performance එකක් මේ Qualcomm Snapdragon Chipset වලින් ලබාදීමයි.

නමුත් මේ Snapdragon Chip-set වල තිබෙන DSP – Digital Signal processors වල ඇති දුර්වලතාවයක් සොයාගන්න Check point Security Researchers ලට හැකි වෙලා තියෙනව. අකීලිස් (Achilles) ලෙස නම් කර ඇති මේ දුර්වලතාවය උපයෝගී කරගෙන නොහෙකුත් ආකාරයේ Attacks 400ක් පමණ එල්ල කරන්න හැකියාව පවතින බවට මත පලවීමත් සමග Snapdragon SOC තිබෙන Android Phones මිලියණ ගණනක් භාවිතා කරන පරිශීලකයන්ගෙ රහස්‍යභාවය තර්ජනයට ලක්වෙලා.

මේ දුර්වලතාවය ගැන තොරතුරු Qualcomm සමාගමට ලබාදීමෙන් පසුව එයට Security Fix නිර්මාණය කල හැකි උනත් ඒවා Smart Phone වෙත ලබාදීම සදහා Samsung, LG, Nokia Xiaomi වැනි සමාගම් විශාල ප්‍රමාණයක් හරහා Updates ලෙස ලබාදීම හෝ Android OS හරහා එකවර ලබාදීම සදහා මේ වනවිටත් සාකඡ්චා කරන බව Qualcomm සමාගම පවසනවා.

Android Phones වල ඇති Google Mobile Services අයිති වන Google සමාගම තවමත් මෙයට ප්‍රතිචාරයක් දක්වා නැහැ.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...