Press ESC to close

Samsung Galaxy Note THE EVOLUTION | Note Series එකේ පරිණාමය

ඔන්න ගොඩ කාලෙකට පස්සේ Samsung Users ලා වගේම Samsung Note Series එකට ආස කරන හැමෝටම Post එකක් අරන් ආවා. ඔයා දැනටමත් Samsung Note User කෙනෙක් වෙන්න පුලුවන් නොවෙන්නත් පුලුවන් කොහොම උනත් හැමෝම වගේ නොදන්න කරුනු කාරනා ගොඩක් අද මේ හරහා දැනගන්න පුලුවන් වෙයි.

Samsung සමාගම එයාලාගේ Note Series එක Release කරන්නේ 2011 October වල.  මේ Phone එක Release වෙන්නත් කලින් Note Series එකට නොයෙකුත් කතා හැදුන. Phone එකේ Size එක නිසා “මේක ඉතාමත් ලොකු Phone එකක්” “මේක අරන් යන්න වෙනම සාක්කුවක් හදන්න වෙයි”
“මේක නම් Phone එකක් නෙමේ Tab එකක්” විදිහට.

Get Your Site Up with A2 Hosting

කොහොම වෙතත් Samsung Galaxy Note Series එකේ Release එකෙන් පසුව සැම Mobile Company එක්කම පාහේ මේ වගේ Large Screen Size Device හදන්න පටන් ගත්තා. මේ වෙනස Mobile Usersල අතර කොතරම් ජනප්‍රිය උනාද කිව්වොත්, Apple සමාගම විසින් තමන්ගේ iPhone Series එක large Screen විදිහට වෙනස් කිරීමක් සිදු කලා. මේ Industry Changing වෙනස Samsung සමාගම ආරම්භ කරපු නිසා තමයි අද large Screen Phones කියන දේ සාමාන්‍යයක් වෙලා තියෙන්නෙ.

  • 2011 නිකුත් කල පළමු Samsung Galaxy Note Device එකේ Specs බැලුවොත්
  • 2MP Front Camera / 8MP Main shooter
  • Exynos 4210 SOC
  • 1GB RAM – 16GB/32GB Storage
  • 2500mah Removable Battery එකක්ද මේ සමග ලැබුනා

මේ විදිහට අනෙක් තරගකාරී සමාගම් වල දැඩි දෝශ දර්ශනයට සහ සමච්චලයට පත් Samsung Note Smart Phone එක පළමු වසර තුලම Device මිලියන 10ක් විකිනීමට සමත් වෙනවා. මේ වැටුන අඩිතාලම තමා Samsung ලට ඒ වෙනකොටත් Galaxy Note 2 Device එකකට යන්න පුලුවන් කියන විශ්වාසය ලබා දුන්නේ.

මුලින් සදහන් කලා වගේ Samsung Note කරපු වෙනසත් එක්ක Apple සහ අනෙක් Smart Phone Brands මේ විදිහේ large Screen Devices වලට යොමුවීම Phone ලෝකයේ හැරවුම් ලක්ෂයක් කියන්න පුළුවන්.

Samsung galaxy Note පරිණාමයේ තවත් කොටසකින් හුමවෙමු.

Kaveesha_Heshan

FB - Samsung Galaxy Club මෙහෙයවන කවීශ Pcguidelk සදහා Smart Phones ගැන පැහැදිලි සහ නිවැරදි තොරතුරු ලබා දෙන ලිපි පල කිරීමෙන් දායකත්වය ලබාදෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *