ඔන්න දැන් ඔයාලට Instagram DM (Direct Message) වල HD quality එකෙන් photos යවන්න පුලුවන්. Whatsapp වල කාලයක ඉදන් තියන මේ විශේෂාංගය Meta සමාගමෙන් දැන් Instagram වලටත් ගෙනල්ල තියනවා.
මේ විදියට DM වල HD image එකක් යවන්න ඔයා කරන්න ඕනෙ යවන්න අවශ්‍ය image එක තෝරපුවම උඩින් පොඩි අයිකන් එකක් පෙන්වනව HD කියල. ඒ මත ක්ලික් කරන එක විතරයි. Whatsapp වලින් HD image යවන්නෙත් මේ ආකාරයටමයි.
ඉතින් මෙහෙම යවන images compress වෙන්නෙ නැහැ. ඒ වගේම වැඩි සයිස් එකකින් සෙන්ඩ් වෙන හින්ද සෙන්ඩ් වෙන්න වැඩි වෙලාවක් වගේම ලබන්නාට බාගත කරගන්නත් යම් තරමක වෙලාවක් ගත වෙනවා.

මේ විශේෂාංගය ඉදිරියෙදි Meta සමාගමෙ අනෙක් ඇප් වලටත් බොහෝදුරට ලැබේවි. මේ වෙනකොට HD option විශේෂාංගය සියලු දෙනාටම අප්ඩේට් එකකින් ලබාදීලා තියෙන්නෙ. ඔබට තවමත් මේ විශේෂාංගය නැත්නම් Google plastore හෝ Apple App store එකෙන් ඇප් එක අප්ඩේට් කර බලන්න.














Leave a comment