Spotify කියන්නේ දැන් අපිට ගීත අහන්න තිබ්බ simple app එකක් විතරක් නෙවෙයි. දැන් ඔවුන් තම app එක සෝශල් නෙට්වර්ක් එකක් කරගන්න උත්සාහ කරනවා. ඒකට හොදම උදාහරණයක් තමයි ඔවුන් දැන් launch කරලා තියෙන in-app messaging feature එක.
මේකෙන් පරිශීලකයන් හැමෝටම WhatsApp/Instagram වල වගෙ පණිවිඩ යවන්න පුලුවන්. ඔයාට දැන් Spotify ඇතුළේම යාළුවන්ට messages දාන්න, ගීත හරි, playlists හරි share කරන්න, එතැනම ඒ ගැන කතා කරන්න පුළුවන්. මීට කලින්, ගීතයක් share කරන්න ඕන නම් ගොඩක් වෙලාවට වෙනත් ඇප් (Messenger, WhatsApp වගේ) use කරන්න වුණා. දැන් ඒවා අවශ්‍ය වෙන්නෙ නැහැ. මේ කාලය වෙනකොට TikTok, Instagram වගේ ඇප්ස් entertainment වලට වගේම පණිවිඩ යවන්නත් එක වගේම බාවිතා කරන්න පුලුවන් නිසා ඒවා විශාල වශයෙන් ජනප්‍රිය වෙලා තිබෙනවා.
ඒත් මේකේ තවත් පැත්තක් තියෙනවා. මේ වෙනකොටත් ගොඩක් social media apps තියෙනවා. ඉතින් පරිශීලකයන් Spotify ඇතුළේම chat කරන්න කැමති වෙයිද, නැත්නම් මේ විශේෂාංගය එහෙම්ම යටපත් වෙලා යයිද කියලා බලන් ඉමු.















Leave a comment