Home Tech News ආධුනිකයන්ට නිර්මානය කර තිබෙන අලුත් ආඩුඊනෝ උපාංගය
Tech News

ආධුනිකයන්ට නිර්මානය කර තිබෙන අලුත් ආඩුඊනෝ උපාංගය

Share
blank
Share

ඩිජිටල් උපාංග තැනීමට භාවිතා කළ හැකි, තනි පුවරුවේ මයික්‍රොකොන්ට්‍රෝලර් සැකසීමේ ලොව පුරෝගාමී සමාගම, ඉතාලියේ ආඩුඊනෝ සමාගමයි. මෙතෙක් කල් තිබුණාට වඩා වෙනස් විදියේ දෘඩාංග කට්ටලයක් එම සමාගම විසින් පසුගියදා ඉදිරිපත් කර තිබුනා. මෙය, කලින් කිසි දිනක ආඩුඊනෝ උපාංග භාවිතා කර නැති තැනැත්තෙක්ට වුවත්, පහසුවෙන් භාවිතා කළ හැකි සේ නිමවා තිබෙනවා.

මෙය ආඩුඊනෝ ප්ලග් ඇන්ඩ් මේක් කිට් ලෙස එය හඳුන්වනවා. තනි පෙට්ටියක ඇසුරුම් කොට ඇති ආඩුඊනෝ ප්ලග් ඇන්ඩ් මේක් කිට් හෙවත් කට්ටලය, ආධුනිකයෙක්ට ගැළපෙන ව්‍යාපෘති හෙවත් ප්‍රොජෙන්ට්ස් හතක් සැකසීමට අවශ්‍ය පෙර සැකසූ උපාංග සහිතවයි නිකුත් වෙන්නෙ. වෙනත් ආඩුඊනෝ ව්‍යාපෘති සකසක විට මෙන් මෙහිදී දෘඩාංග කොටස් බ්‍රෙඩ්බෝඩ් එකක පිහිටුවා, ජම්පර් වයර් පාස්සා, මොඩියුලයක් සකසා ගන්න අවශ්‍ය නැහැ.

මෙම මොඩියුල් ක්‍රියාත්මක කරවන මයික්‍රොකොන්ට්‍රෝලර් උපාංගය ලෙස ආඩුඊනෝ ඌනෝ වර්ගයේ ප්‍රධාන පුවරුවක් (Arduino UNOR4WiFi) තිබෙනවා. ප්‍රොජෙක්ට් හත වෙනුවෙන් යොදා ගැනීමට අවශ්‍ය දෘඩාංග සහිත මොඩියුල හතක් තිබෙනවා. මොඩියුලිනෝ (Modulino) ලෙස ඒවා හඳුන්වනවා. මෙම මොඩියුලිනෝ, ප්‍රධාන පුවරුව හා සම්බන්ධ කිරීමට අවශ්‍ය ක්වික් (Qwiic) කේබල්ද තිබෙනවා.

යූඑස්බී කේබල් (USB-C) සහ ඇඩැප්ටර් (USB-A) සපයා ඇත්තේ ප්‍රධාන පුවරුව, පරිගණකය හා සම්බන්ධ කිරීමටයි. ඒ මෙම ප්‍රොජෙක්ට්ස් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කේත සටහන් මයික්‍රොකොන්ට්‍රෝලර් එක වෙත සැපයිය යුත්තේ පරිගණකය ඔස්සේ නිසයි. ඊට අමතරව මේවා සවි කිරීමට අවශ්‍ය ඇණ මුරිච්චිද ප්ලග් ඇන්ඩ් මේක් කිට් එකෙන් සපයනවා.

මෙම කට්ටලයේ ඇති අපූරු ඉදිරිපත් කිරීම මොඩියුලිනෝ සමූහයයි. එක් මොඩියුලිනෝවක් සීරුමාරු හිසක් විදියටයි තිබෙන්නෙ. අගයන් සීරුමාරු කිරීමට එය සමත් වෙනවා. විවිධ වර්ණවලින් යුත් එල්ඊඩී බල්බ ඇති තවත් මොඩියුලිනෝවක් තිබෙනවා. දුර පිළිබඳ සංවේදන (Distance) සහ චලන (Movement) හඳුනා ගැනීමටද මොඩියුලිනෝ සපයා තිබෙනවා.

හඬ උපදවීමටත් මොඩියුලිනෝවක් (Buzzer) තිබෙනවා. උෂ්ණත්වය මැනීමට ඇති මොඩියුලිනෝව මෙන්ම පාලන බොත්තමක් සේ භාවිතා කළ හැකි මොඩියුලිනෝව අනෙක් කොටස් විදියට තිබෙනවා. මෙම කට්ටලය භාවිතා කර කාලගුණ තත්ව දැන ගත හැකි උපාංගයක්, (Weather Report) පෑතැටියක්, (Hourglass) වගාවක උණුසුම සහ ආර්ද්‍රතාව මනින උපාංගයක්, (Eco Watch) ගේම් කොන්ට්‍රෝලරයක්, (Game Controller) හඬ පාලන උපාංගයක් (Sonic Synth), ස්මාට් ලෑම්ප් උපාංගයක් (Smart Lights) සහ ස්පර්ශ නොකර පාලනය කළ හැකි බල්බයක් (Touchless Lamp) යන ව්‍යාපෘති හත සකසා ගන්නට පුළුවන්.

මින් ආභාෂය ලබන ආධුනිකයින්ට ඊට වඩා ඉහළ ව්‍යාපෘති සකසන්නට ඉන් උනන්දුව ඇති වෙනවා. එවැනි ව්‍යපෘති ගණනාවක් ආඩුඊනෝ වෙබ් අඩවියෙන් සපයනවා.ඒවාට අවශ්‍ය කේත සටහන් ද පහසුවෙන් ලබා ගන්න පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...