Home Tech News Explained අවුරුදු දහසක් නොනැසී පවතින Blu-ray disc
ExplainedHardwareTech News

අවුරුදු දහසක් නොනැසී පවතින Blu-ray disc

Share
blank
Share

දැන් තිබෙන සීඩී, ඩීවීඩී සහ බ්ලූ රේ යන මොන ඔප්ටිකල් ස්ටොරේජ් වර්ගයේ තැටියක් වුවත් කොපමණ කාලයක් දත්ත රඳවා ගෙන සිටීද යන්න ගැන ස්ථිර සහතිකයක් දෙන්නට කවර නිෂ්පාදකයෙක්වත් සමත් නැහැ. සඳහන් කරන්නේ බොහෝ කාලයක් දත්ත සුරක්ෂිතව තබාගන්නට පුළුවන් බවයි. මෙම තැටිවල දත්ත රදවා ඇති තට්ටුව විනාශවී ගිය ඕනෑ මොහොතක දත්ත විනාශ වෙන්නට පුළුවන්.

එහෙත් එසේ නොවී වසර 1000ක් තිස්සේ දත්ත රදවා ගන්නට පුළුවන් සහතිකයක් දෙන බ්ලූ රේ තැටියක් දැන් නිපදවා තිබෙනව. ඒ ඇමෙරිකාවේ මිලෙනියාටා (mdisc.com) සමාගම විසින්. මිලෙනියාටා සමාගම විසින් නිපදවා තිබෙන මෙම බ්ලූ රේ තැටිය නම් කොට ඇත්තේ එම් ඩිස්ක්(M-Disc) ලෙසයි. එහි යොදා ගෙන ඇත්තේ දැන් සාමාන්‍ය තැටි නිපදවන්නට යොදා ගන්නා තාක්ෂණයට වඩා වෙනස් තාක්ෂණයක්. එමගින් දැන් තිබෙන තැටියක රදවන තොරතුරු විනාශ මුඛයට යන්නට හේතු වෙන උපන්ගෙයි දෝෂ ගණනාවක් මඟ හරවා ඇත.

සාමාන්‍ය තැටියක මතුපිට දත්ත රඳවන සර්පිලාකාර පථයක් තිබෙනව. ආලෝකය ආපසු හරවා එවන හෙවත් පරාවර්තක ප්‍රදේශ සහ පරාවර්තක ගුණය නැති නෙරුම් මෙම පථය හෙවත් ට්‍රැක් එක දිගේ පිහිටා තිබෙනව.

මෙහි ඇති පරාවර්තක ප්‍රදේශයක්, ඩිජිටල් ක්‍රමයේදී 1 ‘ නිරූපණය කෙරෙනව. පරාවර්තක නොවෙන නෙරුමකින් ඩිජිටල් ක්‍රමයේදී ‘0’ යන්න නිරූපණය කෙරෙනව. එනම් 1 සහ 0 යන අංක කාණ්ඩ මඟින් අනු ලක්ෂණ (characters) නිරූපණය වීම නිසා පරිගණක භාෂාවකට කියවිය හැකි සේ තොරතුරු රැදෙනව.

සාමාන්‍ය බ්ලූ රේ තැටිවල දත්ත රඳවන සර්පිලාකාර පථය සකසා තිබෙන්නේ රසායන ද්‍රව්‍ය තට්ටුවකින්. එය කාබනික ද්‍රව්‍යයකින් තැනූවක්. මෙම තැටිවල දත්ත ලියන විට දත්ත නිරූපණය කරමින් නික්මෙන කිරණ මඟින් මේ රසායන ද්‍රව්‍ය තට්ටුවේ යම් යම් ස්ථාන රත් කෙරෙනව. ඉන්පසු ඒවා සිසිල් කරනව. එවිට ඇතිවෙන්නෙ ආලෝකය පරිවර්තනය සහ පරිවර්තනය නොකරන රසායන ද්‍රව්‍ය තට්ටුවක්. එහි නිර්මාණය වෙන රටාවෙන් තොරතුරු රැස් කොටගෙන තිබෙනව.

මෙම ඩයි තට්ටුව නිරුපද්‍රිතව තිබෙන තාක් කල් තැටියේ තොරතුරු නැවත ලබා ගත හැකියි. එනම් යම් තැටියක තොරතුරු රඳවාගත හැකි කාලය වැඩි කරන්නට අවශ්‍ය නම් මෙම දත්ත රදවා ඇති රසායන ද්‍රව්‍ය තට්ටුවේ ආයු කාලය වැඩි කළ යුතුයි. දැන් නිපදවා තිබෙන එම් ඩිස්ක් බ්ලූ රේ තැටියේ ඩයි තට්ටුව වෙනුවට යොදා ගෙන ඇත්තේ ලෝහ මිශ්‍රිත (metalloid)රසායන ද්‍රව්‍යයක්. එය කෙතරම් සවිමත් දැයි කිවහොත් එහි දත්ත රැඳවීමට සැකසූ රටාව, ඉතා කටුක පරිසර තත්වයක් යටතේ වුවත් වෙනස් වෙන්නේ නැහැ. නිෂ්පාදකයින්ගේ තක්සේරුවට අනුව මෙය වසර දහසක් නොනැසී පවතිනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...