Home Tech News Events පළමු ස්ථානය දිනූ Ai චිත්‍රය නිසා ඇවිලුන අළුත්ම ආරවුල
EventsInternet

පළමු ස්ථානය දිනූ Ai චිත්‍රය නිසා ඇවිලුන අළුත්ම ආරවුල

Share
blank
Share

ඇමරිකාවේ කොලරාඩෝවල පැවති චිත්‍ර තරගයකින් ප්‍රථම ස්ථානය දිනූ නිර්මාණය කෘතිම බුද්ධිය හරහා කල එකක් බව එලිවීමත් සමගම අන්තර්ජාලය අඵත්ම ආරවුලක පැටලිලා තියෙනව.

Jason Allen විසින් “Théâtre D’opéra Spatial” චිත්‍රය නිර්මාණයක් ලෙස ඇමරිකාවේ කොලරාඩෝවල තරගයට ඉදිරිපත් කරන්නෙ “Digital Arts / Digital Manipulated Photography” කාණ්ඩය යටතේයි. මෙහිදී නිර්මාණයට දුන් ඉහත නමට අමතරව එය Jason Allen via Midjourney ලෙසත් සදහන් කරන්න ඔහු පියවර ගෙන තිබුන බව පසුව හෙලි උනා. නමුත් Midjourney Ai Platform එක යනු Ai වලින් චිත්‍ර නිර්මාණය කරන එකක් බව බොහෝ දෙනා නොදන්නා නිසා මෙය ගැන සංවිධායක මණ්ඩලය අවධානයක් යොමු කර තිබුනේ නැහැ.

මේ නිර්මාණය Digital Manipulation යටතේ ප්‍රථම ස්ථානය දිනාගත් අතර එහි අයිතිකරු වන Jason Allen විසින් මෙය Artificial Intelligence හරහා නිර්මාණය කල එකක් බව Twitter හරහා හෙලි කිරීමත් සමගම අන්තර්ජාලය උනුසුම් වෙන්න පටන් ගත්තා. මිනිසෙක් විසින් විශාල කාලයක් වැය කරමින් පින්සලක් කැන්වසයක් භාවිතා කරමින් හෝ පරිගණකයන් භාවිතා කරමින් නිර්මාණයක් කිරීම සහ වචන කීපයක් Type කිරීම හරහා තත්පර කීපයකින් නිර්මාණය වන දෙයක් අතර විශාල පරස්පරයක් ඇති බවට බොහෝ දෙනා තර්ක කරනවා.

කෙසේ වෙතත් ඉදිරියේදී කලාත්මක නිර්මාණ සිදු කිරීම එම ශිල්පය නොදත් කෙනෙකුට පවා පහසුවෙන් කරගත හැකිවීම වගේම – මේ හරහා ශිල්පය ඉගෙනගත් ප්‍රවීණයන්ට එම ක්ශෙත්‍රය තුල ඇති ඉල්ලුම අඩුවීමක් හෝ සම්පූර්ණයෙන්ම නැතිවීමක් ගැනත් අනතුරු ඇගවෙනවා. ලංකාවේ මින් පෙර පුවරු දැන්වීම් වල සජීවී ලෙස චිත්‍ර ඇදි ශිල්පීන් පරිගණක සහ Printing තාක්ෂණය සමග නැතිවී යාම මෙවන් තාක්ෂණ වල නරක පැතිකඩක් ලෙස දැකිය හැකි වෙනව.

මේ සමග Twitter තුල ඇතිවූ කතාව පහතින්

Artificial intelligence හරහා චිත්‍ර ඇදපු හැටි ගැන Video එක බැළුවෙ නැත්නම් ඒකත් බලන්න පුළුවන්

Share

1 Comment

  • Ai නිසා grafic design වගේ ක්ශේත්‍ර වලට මොකක් වෙඉද….Ai ගැන් ඉගනගන්න පුළුවන්ද….

Leave a Reply

Related Articles

Cloudflare බිද වැටීම !

ලොව පුරා ප්‍රධාන පෙලේ වෙබ් අඩවි රැසකට බලපෑ දැවැන්ත බිද වැටීමක් පසු...

බාල මහලු කාගේත් සිත් සනසන අන්තර්ජාලය

අන්තර්ජාලයට සම්බන්ධ වැඩ කිරීම නිසා ලැබෙන අපූරු හැකියාවන් ගැන පර්යේශකයෝ තොරතුරු එළි...

MSI සහ Ubisoft එකතු වෙලා අළුත්ම Skull and Bones Game එක Experience කරන්න දෙන සුපිරිම Chance එක

MSI එක්ක  Ubisoft එකතු  වෙලා Skull and Bones Game එකත් එක්ක අපිට...

නවතම Wi-Fi 7 තාක්ශණය නිල වශයෙන් එළිදක්වයි.

Wi-Fi එසේත් නැතිනම් Wireless Fedality තාක්ශණය 1997 සිට මේ දක්වා ලොව පුරා...