Home Tech News social media Instagram Reels Download කිරීමේ හැකියාව
social mediaTech NewsUpdates

Instagram Reels Download කිරීමේ හැකියාව

Share
blank
Share

TikTok අනෙක් ශෝට් වීඩියො තිබෙන platform වලට වඩා ජනප්‍රිය වෙන්න එක හේතුවක් තමයි එහි තිබෙන වීඩියො ඩවුන්ලෝඩ් කිරීමට හැකිවීම සහ ඒවා වෙනත් ඕනෑම social media network එකක ශෙයා කිරීමට හැකිවීම. Instagram Reels වල මෙතෙක් ශෝට් වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමේ පහසුකම තිබුනෙ නැහැ. නමුත් නව අප්ඩේට් එකක් මගින් මෙම පහසුකම ලබාදෙන්න Instagram සූදානම් වෙනව.

මෙය දැනට ඇමරිකාවෙ වෙසෙන පරිශීලකයන් සදහා පමනක් නිකුත් කර තිබෙනව. ඒ වගේම මේ පහසුකම බාවිතා කරන්න පුලුවන් වෙන්නෙ public account තිබෙන පරිශීලකයන්ට පමනයි. එම පරිශීලකයන්ට තමන්ගේ Reels ඩවුන්ලෝඩ් කරන්න ලබාදෙනවද නැද්ද යන්න සැකසුම් සකසන්න මෙහි පහසුකම් ලබාදී තිබෙනව. මෙම විශේෂාංගය බාවිතා කරන්න සිදු කලයුත්තෙ ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය Reel එකෙ Share බට්න් එක මත ක්ලික් එක එහි Download මත ක්ලික් කිරීම පමනයි.

මෙහි ඩවුන්ලෝඩ් කරන වීඩියො වලත් TikTok වල මෙන් Instagram logo එක සහ නම සහිත watermark එකක් තිබෙනව. ඒවගේම YouTube සමාගමත් ඔවුන්ගේ ශෝට් වීඩියො වලට අමතර අවධානයක් ලබාගැනීම සදහා watermarks එක් කීරිම ආරම්බ කර තිබෙනව.

Instagram සමාගමට අවශ්‍ය වී තිබෙන්නෙ ඔවුන්ගේ Reels ඔවුන්ගේ නම යටතේ වෙනත් social media network වල ප්‍රචලිත කිරීමයි. Meta සමාගම ඔවුන්ගේ platform තුල TikTok සහ වෙනත් ශෝට් වීඩියො ශෙයා කිරීමේ පහසුකම ලබාදී තිබෙන්නෙ මේ නිසයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...