Home Tech News cyber security Cloudflare බිද වැටීම !
cyber securityInternetTech News

Cloudflare බිද වැටීම !

Share
blank
Share

ලොව පුරා ප්‍රධාන පෙලේ වෙබ් අඩවි රැසකට බලපෑ දැවැන්ත බිද වැටීමක් පසු ගිය 2025 නොවැම්බර් මස 18 දින වාර්ථා විය. මෙයට මුල්වී ඇත්තේ අන්තර්ජාල යටිතල පහසුකම් සපයන ප්‍රධාන සමාගමක් වන Cloudflare සමාගම මුහුණ දුන් තාක්ෂණික දෝෂයක් බව හදුනාගෙන ඇත.

මෙහිදී X සහ ChatGPT වැනි දැවැන්ත වෙබ් අඩවි ගණනාවක් බිද වැටීමට ලක්ව ඇති බව downdetector වැනි සේවා බිදවැටීම් අධීක්ෂණය කරන වෙබ් අඩවි වෙත පැවති පරිශීලක වාර්ථා මගින් තහවුරු වේ.

Cloudflare සමාගම පවසන ආකාරයට මෙය, තර්ජනාත්මක තදබදය (Threat traffic) කළමණාකරනය කිරීමට සැලසුම් කරන ලද සංරචක ගොනුවක් (Configuration file) නිසි පරිදි ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙම තත්වය ඇති වී ඇත.

මෙහිදී Cloudflare සමාගම නිවේදනයක් නිකුත් කරමින් “We are sorry for impact to our customers and to the Internet in general” අපගේ ගණුදෙනුකරුවන්ට සහ සමස්ත අන්තර්ජාල‍යට ඇති වූ බලපෑම ගැන අප කණගාටු වෙමු. ලෙස සදහන් කර ඇත. එමෙන්ම, ගැටලු විසදා ඇති නමුත් ඇතැම් සේවාවන් සදහා පිවිසේදීමේදි තවදුරටත් දෝෂ වලට මුහුණ දීමට සිදු විය හැකි බවද ඔවුන් සදහන් කර ඇත.

Cloudflare මොකද්ද මේ..?

සරලව සදහන් කලහොත් Cloudflare යනු ලොව පුරා අන්තර්ජාල ආරක්ෂාව සපයන විශාලතම සපයන්නා වේ. එහි ප්‍රධාන සේවාවන් අතර වෙබ් අඩවි වෙත පිවිසෙන පරිශීලකයින් බොට්වරුන් (Bots) නොවන බව පරීක්ෂා කිරීම වැනි ආරක්ෂක සේවා ඇතුලත් වේ. ලොව පුරා ඇති සියළුම වෙබ් අඩවි වලින් 20% පමණ යම් ආකාරයකින් ඔවුන්ගේ සේවාවන් භාවිතා කරන බව Cloudflare සමාගම පවසයි.

මෙහිදී මෙම බලපෑම කෙතරම් පුළුල්දයත්, සේවා බිදවැටීම් වාර්තා කිරීමට බොහෝ දෙනා පිවිසෙන downdetector වෙබ් අඩවියහි, මේ පිලිබද වාර්ථා කිරීමට මෙදින (2025 නොවැම්බර් 18) විශාල පිරිසක් පිවිසීම හේතුවෙන් දෝෂ පණිවිඩයක් (error message) පෙන්වා තිබීම විශේෂයකි.

පහත වෙබ් අඩවි මගින් මේ පිළිබද වැඩිදුර තොරතුරු දැනගත හැක.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...