Home Tech News Explained බාල මහලු කාගේත් සිත් සනසන අන්තර්ජාලය
ExplainedInternetTech News

බාල මහලු කාගේත් සිත් සනසන අන්තර්ජාලය

Share
blank
Share

අන්තර්ජාලයට සම්බන්ධ වැඩ කිරීම නිසා ලැබෙන අපූරු හැකියාවන් ගැන පර්යේශකයෝ තොරතුරු එළි කොට තිබෙනව. ඔවුන් පෙන්වා දී ඇත්තේ අන්තර්ජාලයට සම්බන්ධවී කාලය ගෙවීම, තරුණ අයගේ සිත් සන්සුන් කිරීමටත්, මහලු අයගේ කල්පනාව තීව්‍ර කිරීමටත් හේතු වෙන බවයි.

ඉන්ටනෙට් චැට්රූම් සහ ෆෝරම්වලට සම්බන්ධවී සිටීම නිසා මානසික සහනය ලැබෙන බව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පෙන්වා දී තිබෙනව. පර්යේෂණය මෙහෙයවූ මහාචාර්ය කීත් හෝටන්, තරුණ තරුණියන් අන්තර්ජාලයට සම්බන්ධ වී වැඩ කරන ආකාරය ගැන පර්යේෂණ 14ක් මෙහෙයවා සිටින්නෙකි. ඒ සියල්ලෙන් අනාවරණය වූ කරුණු ඇසුරින් හේ පෙන්වා දී ඇත්තේ, කෙනෙකු හුදකලාවීම නිසා ඇතිවෙන මානසික ගැටලු අඩු කරන්නට ඉන්ටනෙට් චැට්රූම් සහ ෆෝරම් සමත් වෙන බවයි.

තරුණ වයසේ සිටින්නන් හුදකලාවීම, සිය දිවි හානි කර ගැනීම දක්වා දුර දිග යන්නට පුළුවන් කාරණයක් බව පිළි ගැනෙනව. තරුණ වයසේ සිටින්නන් හුදකලාවෙන් බේරා ගන්නට නොයෙක් වැඩසටහන් වැඩිහිටියන් විසින් සකසා තිබෙන්නේ එනිසායි. උපදේශනය ඉන් මුල් තැනට එයි. එහෙත් උපදේශනය අවශ්‍ය හැමෝම ඒ වෙත යොමු වෙන්නේ නැහැ. මේ අය ගැන අවධානය යොමු කරන්නට අන් අයට ඉස්පාසුවක්ද නැහැ. එවැනි අවස්ථාවල සිදු වෙන්නට තිබූ සිය දිවි හානි කර ගැනීම් බොහොමයක්, චැට්රූම් සහ ෆෝරම් නිසා මග හැරී ගොස් ඇති බව ඔක්ස්ෆර්ඩ් පර්යේෂකයෝ පෙන්වා දෙනව.

මෙසේ තරුණ සිත් පහන් කරන්නට අන්තර්ජාලය උදව් වෙන්නාක් සේම මැදි වයසේ සහ වයස්ගත අයගේ තීන්දු ගැනීමේ හැකියාව ඉහළ නංවන්නටත් අන්තර්ජාලය උදව් වෙනව. ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගැරී ස්මෝල් ඇතුළු පිරිස පෙන්වා දී තිබෙන්නේ නොයෙක් වෙබ් අඩවිවලට යමින් තමන්ට ඕනෑ දේ සොයන මැදි වයසේ සහ මහලු වයසේ ඉන්න අයගේ තීන්දු ගැනීමට සම්බන්ධ මොළයේ ප්‍රදේශ අන් අයට වඩා හොඳින් උත්තේජනය වන බවය. පර්යේෂකයින් විසින් මේ සඳහා යොදාගත් අවුරුදු 55ත් 76ත් අතර වයසැති පිරිසට දෙයාකාරයක වැඩ ලබා දෙන ලදි. මුලින්ම කාටත් පොත් කියවන්නට දුන්නේය. ඒ සමගම මොළය ස්කෑන් කෙරිණ. එවිට බලාපොරොත්තු වූ විදියටම භාෂාවට, කියවීමට, මතකයට සහ දෘෂ්ටියට වග කියන මොළයේ ප්‍රදේශ වැඩි ක්‍රියාකාරිත්වයක් පෙන්වීය. ඉන්පසුව වෙබ් අඩවි පීරා බලන්නට ඉඩ දුන්නේය. ඒද මොළය ස්කෑන් කරන ගමන්ය. එවිට බලාපොරොත්තු නොවූ දෙයක් පෙනුණේය. එනම් ඒ වේලාවේදී වැඩි ක්‍රියාකාරිත්වයක් පෙන්වූයේ, තීරණ තීන්දු ගැනීමට සහ සංකීර්ණ වැඩ කිරීමට වග කියන මොළයේ ප්‍රදේශයන්ය.

වයස්ගතවීමත් සමඟ සාමාන්‍යයෙන් සිදුවන්නකි, මොළයේ සෛල අතර සම්බන්ධතා හොඳින් සිදු නොවීම. මේ නිසා වයස්ගත වීමත් සමඟ සංකීර්ණ වැඩ කිරීමේ හැකියාව අඩුවී යනව. සියුම්ව කල්පනා කොට තීරණ ගැනීමේ හැකියාව අඩුවී යනව. කාලයක් තිස්සේම දැන සිටි මෙම පාඩුව මඟ හරවන්නට නොයෙක් ‛අභ්‍යාස’ වයස්ගත වෙන්නන්ට නිර්දේශ කොට තිබෙනව. හරස්පද ප්‍රහේළිකා පිරවීම, චෙස් දාම් ඇදීම වැනි වැඩ ඒ අතර තිබෙනව. දැන් අලුතින්ම ඊට එක්වී තිබෙන්නේ ඉන්ටනෙට් පාවිච්චියයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...