YouTube Shorts වඩාත් ප්‍රචලිත කිරීම සඳහා TikTok සේවාව අනුගමනය කරමින් Shorts සඳහා watermark එකක් එකතු කිරීමට YouTube සමාගම මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. ඉදිරි සතිවලදී desktop Studio hub සේවාවෙන් download කරගන්නා shorts වලට මේ watermark එක එකතු වේවී, ඒ වගේම ඉදිරි මාස කිහිපයදි මේ watermark එක mobile භාවිතයෙන් වලින් download කරගන්නා Shorts වලටත් එක් කරන්න YouTube සමාගම කටයුතු කරගෙන යනවා.
පසුගිය වසර පුරාවටම TikTok විසින් short-form videos වල ආධිපත්‍ය තමන් සතු කරගෙන ඉන්නවා. අනෙක් ප්‍රධාන තරඟකරුවන් වෙන YouTube සහ Instagram විසින් පිළිවෙලින් Reels සහ Shorts සේවාවන් TkTok සමග තරඟ කරන්න හඳුන්වා දුන්නත් TikTok වලට දැනෙන්න තරඟයක් දෙන්න තවමත් මේවාට හැකි වෙලා නෑ. තවත් විශේෂ දෙයක් වෙන්නෙ මේ එක සේවාවක පළ කරන videos අනෙක් short-form සේවාවන් වලත් පල කිරීම දක්නට ලැබීමයි. නිර්මාණකරුවා ඉඩ ලබාදෙනවනම් TikTok videos පරිශීලකයන්ට download කරගැනීමේ පහසුකමත් තියනවා.

මෙලෙස TikTok මගින් download කරගන්නා videos මත හැම වෙලාවකම watermark එකක් දැකගන්න පුලුවන්. සමහර viral යන TikTok videos ඒ watermark එක සහිතවම Instagram Reels සහ YouTube Shorts මත දැකගන්න හැකිවීම අසාමාන්‍ය දෙයක් නෙවෙයි. මේක පරිශීලකයන්ට හොඳ දෙයක් උනත්, එකිනෙකට තරඟකාරී සේවාවන් මේකට එතරම් කැමති නෑ. Instagram විසින් අනෙක් platforms promote කරන watermarks සහිත videos හඳුනාගන්නා algorithm එකක් පවා සංවර්ධනය කරලයි තියෙන්නේ.
මෙලෙස Shorts වලට watermark එකක් එකතු කිරීමෙන් YouTube බලාපොරොත්තු වෙන්නෙ Shorts වෙනත් සේවාවන් මත share උනොත් එමගින් තම සේවාවට ප්‍රසිද්ධියක් ලබදීම වෙන්න පුලුවන්. YouTube විසින් Shorts වලට ලොකු අවධානයක් යොමු කරන බවක් තමයි පෙනී යන්නේ, මෑතකදි YouTube මත සිටින නිර්මාණකරුවන්ට ඔවුන්ගේ library එකේ දැනටම තිබෙන videos භාවිතා කරල Shorts හදල නැවත upload කරන්න ඉඩ ලබාදීල තියනවා. අන්තර්ජාලයේ short-form videos වලට ලොකු ජනප්‍රියතාවක් තිබුනත් හැම සේවාවක්ම ඒක implement කරන හැටි ගැන ලොකු පිරිසක් කැමැත්තක් නෑ. විශේෂයෙන් Instagram විසින් කරපු මුල් පිටුවේ වෙනස්කමක් වන full-screen videos සහ photos පෙන්වීමට අන්‍තර්ජාලයේ ලොකු අප්‍රසාදයක් පළවුනා.
පරිශීලකයන්ගෙන් ලැබුනු අප්‍රසාදය නිසා මේ වෙනස් කිරීම Instagram විසින් ඉවත් කරගනු ලැබුවා. මේ short-form videos format එක කොච්චර කල් පවතීවීද කියන එක අපිට හරියටම කියන්න බැරි උනත්, මීට අවුරුදු ගණනාවකට කලින් Vine සේවාවට උනා වගේ කාලයක් අතිශය ජනප්‍රිය වෙලා ටික කාලයකින් අතුරුදහන් වෙලා යන්න පුලුවන්.