Home Tech News WordPad යෙදුම Windows තුළින් ඉවත් කෙරේ
Tech News

WordPad යෙදුම Windows තුළින් ඉවත් කෙරේ

Share
wordpad-end
Share

Microsoft සමාගම ඔවුන්ගේ Windows 11 24H2 සංස්කරණයෙන් WordPad යෙදුම නිල වශයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත. 1995 සිට Windows හි default Word processing මෙවලම වූ මෙම WordPad මෘදුකාංගය, මේ අනුව ඉදිරියේදී Windows මෙහෙයුම් පද්ධතිය තුළින් දැකගැනීමට නොහැකි වනු ඇත.WordPad යනු ඉතා සරල ලේඛන සංස්කරණය කිරීමේ මෙවලමක් වූ අතර එය ඉවත් කිරීම මගින් නවීන සහ බහුලව භාවිතා කරන ලේඛන සංස්කරණය කිරීමට හැකි Microsoft Word වැනි යෙදුම්වලට තම පරිශීලකයන් යොමු කරවීම Microsoft සමාගමේ බලාපොරොත්තුවයි.

මේ වන විටත් Windows 11 තුළින් Cortana, Internet Explorer, Paint 3D, 3D Viewer සහ Math Input Panel වැනි මෘදුකාංග කීපයක්ම ඉවත් කර ඇති අතර, මේවා ඉවත් කිරීමට ප්‍රභල හේතු ලෙස පරිශීලකයන් ඒවා භාවිතා නොකිරීම , අලුත් ආදේශක බිහිවීම , Windows මෙහෙයුම් පද්ධතිය සරල කිරීමේ අවශ්‍යතාවය සහ Online මෘදුකාංග භාවිතයට පරිශීලිකයන් දිරිමත් කිරීම වැනි කරුණු පෙන්වා දිය හැක.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...