Press ESC to close

Mobile Phone එකට ආපු Fidget Spinner

Fidget spinner කියන්නෙ කෙටි කාලයක් ඇතුලත ලොකු පොඩි හැම දෙනා අතරම පැතිරිලා ගිය තවත් උන්මාදයක් කියන්න පුලුවන්. මේක සාමාන්‍ය model එකෙන් පටන් අරන් දැන් Bluetooth speaker පහසුකම් තියෙන LED lighting system තියෙන model දක්වා විවිධ මිළ ගණන් වලට තියෙනව.

Get Your Site Up with A2 Hosting

මේ උන්මාදය වෙළද ලෝකය කොච්චර හොදින් තේරුම් ගත්තද කිව්වොත් දැන් මේ fidget spinner එක mobile phone එකක් විදිහටත් නිපදවල තියෙනව. Hong Kong වල තියෙන Chilli කියන සමාගම තමයි මේ K188 කියන mobile phone fidget spinner එක නිර්මාණය කරන්න මුල් වෙලා තියෙන්නෙ. මූලික අංග වෙන Call / SMS / bluetooth සහ අගල් 1.4 ක screen එකක් තියෙන මේ Mobile එකේ 32MB මතකයක් තියෙනව, ඒ වගේම SD card එකක් හරහා 8GB දක්වා මතකය expand කරගන්නත් පුලුවන්.

දැනට $20 කට ඉන්දියාවෙ අලෙවි වන මේ phone එක Amazon හරහා දැනට මිලට ගන්න පුලුවන්.  සමහරවිට ලගදිම අපටත් මේක මිලදීගන්න පුලුවන් වෙන්න පුලුවන්.

 

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *