Home Tech News ඇමරිකාව Kaspersky තහනම් කරයි !
Tech News

ඇමරිකාව Kaspersky තහනම් කරයි !

Share
blank
Share

රුසියානු ප්‍රතිවෛරස මෘදුකාංගවල(Antivirus Software) දැවැන්තයෙකු වන Kaspersky සමාගම ඇමරිකානු රජය විසින් තහනම් කර තිබේ.ප්‍රථමයෙන් එරට රාජ්‍ය ආයතනවල භාවිතා කිරීම පසුගිය ජූලී 20 වන දිනසිට තහනම් වූ අතර පසුගිය සැප්තැම්බර් 29 වන දින එරට සියලුම පුරවැසියන්ටද භාවිතා කිරීම තහනම් කරන ලදී.මෙම තහනම් කිරීම් සමග ඇමරිකාවේ පිහිටි සිය කාර්යාල සියල්ල වසා දැමීමට පසුගිය ජූලී මාසයේදී ඔවුන් කටයුතු කළේය.එමෙන්ම සැප්තැම්බර් 29 වන දින Kaspersky Install කරතිබූ පරිගණක සියල්ලෙන්ම මෘදුකාංගය Uninstall කිරීමටද ඔවුන් කටයුතු කර තිබුනි.

නමුත් ඔවුන් Kaspersky වෙනුවට Ultra AV නමින් හැදින්වෙන ප්‍රතිවෛරස මෘදුකාංගයක් පරිගණකවල ස්ථාපනය කිරීමට කටයුතුකර තිබුනි.මෙය එක්සත් ජනපදය පදනම් කරගත් සයිබර් ආරක්ෂණ සමාගමක් වන Pango Group විසින් නිර්මාණය කරතිබේ.කෙසේ වෙතත් මෙම ප්‍රතිවෛරස මෘදුකාංගයට හොද ප්‍රතිචාර නොමැතිවීම නිසා පරිශීලකයින් මෙම මෘදුකාංගය ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පලකර තිබේ.

SourcesTech Sunday-PC GUIDE / BBC

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...