Home Tech News Ai Collaborative වැඩ පහසුවෙන් කරගන්න Microsoft Loop
AiExplainedsoftwareTech News

Collaborative වැඩ පහසුවෙන් කරගන්න Microsoft Loop

Share
blank
Share

මීට කලින් ව්‍යාපෘතියක වැඩ කරනකොට එහි document කොටස් word වලින්ද, presentation PowerPoint වලින්ද, රැස්වීම් පැවැත්වීමට Teamsද යනාදී විදියට මෘදුකාංග රැසක් බාවිතා කරන්න සිදුවුනා වගේම ඒ මෘදුකාංග වලින් හදාගත්ත ෆයිල් වෙන වෙනම හුවමාරු කරගන්න සිදුවුනා. වසර දෙකක් තිස්සෙ සංවර්ධනය කරල මේ සතියෙ ඉදන් ලොවපුරා සැමට බාවිතා කරන්න පුලුවන් විසදුමක් Microsoft ලබාදීල තියනව. ඒ තමයි Loop.

මේ Loop දැනට Microsoft වෙබ් අඩවිය හරහාත් Android සහ iOS සදහා ඇප් එකක් ලෙසත් ලබාගන්න පුලුවන්. මේකෙදි පරිශීලකයන්ට ව්‍යාපෘතියක වැඩ සජීවී ලෙස යාවත්කාලීන කරමින් සිදුකරන්න පුලුවන්. මෙය Microsoft 365 වගේ වුනත් ඊට වඩා විශේෂාංග ගණනාවක් මේකෙ තියනව.

Loop මගින් Planner සහ To Do ඇප් සමග sync වෙනනිසා ඒවාට කාර්යයන් පැවරීමටත්, comment, react, project pages හුවමාරු කිරීමට සහ progress එක ට්‍රැක් කිරීම වැනි කාර්යයන් කරගන්න පුලුවන්. දුරකතන වලටත් මෙය සහය දක්වන නිසා ඉහත සියලුම දේවල් එමගින් කරගන්නත් පුලුවන්.

Microsoft සමාගම Loop වෙතටත් AI විශේෂාංග එක්කර තිබෙනව. Microsoft 365 සමග තිබෙන Copilot AI වැඩසටහන Loop තුලත් දැකගන්න ලැබෙනව.

වෙබ් අඩවිය මගින් Loop වෙත පිවිසෙන්න ගිණුම් අවශ්‍ය නැති අතර දුරකතන ඇප් එකෙන් එයට පිවිසීමට නන් work account එකක් අවශ්‍ය වෙනව. කෙසේ නමුත් මෙහි ඇති Copilot විශේෂාංගය තවමත් පරීක්ශන මට්ටමේ පවතින නිසා එය නිල වශයෙන් නිකුත් වීමට තව මාස කිහිපයක් ගතවේවි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...