Press ESC to close

Collaborative වැඩ පහසුවෙන් කරගන්න Microsoft Loop

මීට කලින් ව්‍යාපෘතියක වැඩ කරනකොට එහි document කොටස් word වලින්ද, presentation PowerPoint වලින්ද, රැස්වීම් පැවැත්වීමට Teamsද යනාදී විදියට මෘදුකාංග රැසක් බාවිතා කරන්න සිදුවුනා වගේම ඒ මෘදුකාංග වලින් හදාගත්ත ෆයිල් වෙන වෙනම හුවමාරු කරගන්න සිදුවුනා. වසර දෙකක් තිස්සෙ සංවර්ධනය කරල මේ සතියෙ ඉදන් ලොවපුරා සැමට බාවිතා කරන්න පුලුවන් විසදුමක් Microsoft ලබාදීල තියනව. ඒ තමයි Loop.

මේ Loop දැනට Microsoft වෙබ් අඩවිය හරහාත් Android සහ iOS සදහා ඇප් එකක් ලෙසත් ලබාගන්න පුලුවන්. මේකෙදි පරිශීලකයන්ට ව්‍යාපෘතියක වැඩ සජීවී ලෙස යාවත්කාලීන කරමින් සිදුකරන්න පුලුවන්. මෙය Microsoft 365 වගේ වුනත් ඊට වඩා විශේෂාංග ගණනාවක් මේකෙ තියනව.

Get Your Site Up with A2 Hosting

Loop මගින් Planner සහ To Do ඇප් සමග sync වෙනනිසා ඒවාට කාර්යයන් පැවරීමටත්, comment, react, project pages හුවමාරු කිරීමට සහ progress එක ට්‍රැක් කිරීම වැනි කාර්යයන් කරගන්න පුලුවන්. දුරකතන වලටත් මෙය සහය දක්වන නිසා ඉහත සියලුම දේවල් එමගින් කරගන්නත් පුලුවන්.

Microsoft සමාගම Loop වෙතටත් AI විශේෂාංග එක්කර තිබෙනව. Microsoft 365 සමග තිබෙන Copilot AI වැඩසටහන Loop තුලත් දැකගන්න ලැබෙනව.

වෙබ් අඩවිය මගින් Loop වෙත පිවිසෙන්න ගිණුම් අවශ්‍ය නැති අතර දුරකතන ඇප් එකෙන් එයට පිවිසීමට නන් work account එකක් අවශ්‍ය වෙනව. කෙසේ නමුත් මෙහි ඇති Copilot විශේෂාංගය තවමත් පරීක්ශන මට්ටමේ පවතින නිසා එය නිල වශයෙන් නිකුත් වීමට තව මාස කිහිපයක් ගතවේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *