Home Tech News Youtube සමාව ඉල්ලයි !
Tech News

Youtube සමාව ඉල්ලයි !

Share
blank
Share

පසුගියදා Youtube හි බොහෝ වීඩියෝ නිර්මාණකරුවන්ට(Content Creators) බලපාන ආයාචිත තැපැල් (Spam) උපුටා දක්වමින් Youtube සමාගම වැරදි ලෙස නාලිකා කිහිපයක් තහනම්(Ban)කළේය.පසුව ඔවුන් සමාව අයැද සිටි අතර ඔවුන්ගෙ ස්වයංක්‍රීය පද්ධති පිළිබදව කණස්සල්ල පල කළේය.නමුත් එයට හේතුව නිසි ආකාරව ඔවුන් ප්‍රකාශ කළේ නැත.

X හි සටහනක් තබමින් Youtube බ්‍රහස්පතින්දා දින රාත්‍රියේ ගැටලුව පිලිගත්තේ ඇතැම් නාලිකා ආයාචිත තැපැල් සදහා වැරදි ලෙස සළකුණු වී ඇති බවත් මේ පිළිබදව සොයාබලා බලපෑමට ලක්වූ නාලිකා යලි ස්ථාපනය කිරීමට කටයුතු කරන බවත්ය.තවද Playlist වැනි අන්තර්ගතයන් ප්‍රතිස්ථාපනය වීම ප්‍රමාද විය හැකිබවද ඔවුන් දන්වා තිබුණි.

සමාගම සිකුරාදා උදෑසන වන විටත් වෙනත් යාවත්කාලීනයන් පළකර නොතිබූ අතර එම අවස්ථාව වනවිටත් ගැටලුව විසදා නොතිබිණි.සිකුරාදා පස්වරුවේ Youtube සමාගම X ගිණුම යාවත්කාලීන කරමින් කියා සිටියේ මේ වන විට ගැටලුව විසදා තිබෙන බවයි.

කෙසේ වෙතත් වීඩීයෝ නිර්මාණකරුවන්ගෙ සමාජ මාධ්‍ය ගිණුම්වල ඔවුන් සිය කනස්සල්ල පලකරමින් කියා සිටියේ ඔවුන්ගේ ඇතැම් Video , Playlist දක්නට නොලැබෙන බවයි.එමෙන්ම මෙම ගැටලුව Youtube Premium , Youtube TV හි ගෙවුම් ග්‍රාහකත්වය (Paid Subscription) ලබාගෙන සිටින පුද්ගලයින්ටද බලපෑවේය.මෙමගින් එක් වේදිකාවක් (Platform) මත බහු සේවා සම්බන්ධ කිරීමේ අවධානම හෙලි කළේය.

SourceTech Crunch

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...